SLT-MOBITEL කුමන ජාතික වනෝද්‍යානයේ සන්නිවේදන පහසුකම් බලගන්වයි

SLT-MOBITEL Kumana Park - Image One

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජාතික වනෝද්‍යානයක් මෙන්ම අතිශය ජනප්‍රිය සංචාරක ගමනාන්තයක්වන කුමන ජාතික වනෝද්‍යානයට 100% ක්ම පුනර්ජනනීය බලශක්තිය හරහා සම්බන්ධතා පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබේ. මෙම පියවර තම පාරිසරික, සමාජයීය හා ආයතනික යහපාලන (Environmental, Social, and Governance – ESG)  මූලධර්ම මත පදනම් වෙමින්, තාක්ෂණයේ දියුණුව තුළින් පරිසරයට ඇතිවන බලපෑම අවමකරන අතරම සංචාරක කර්මාන්තයේ තිරසරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයේ තවත් වැදගත් පියවරකි.
 



 
SLT-MOBITEL සම්බන්ධතා පහසුකම් මගින් කුමන ජාතික වනෝද්‍යානය ආවරණය වීම නිසා එහි පැමිණෙන සංචාරකයන්ට තම අත්දැකීම් සජීවීව තම හිතවතුන් සමග මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහදා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙමගින් ඔවුන්ගේ සංචාරය වඩාත් තෘප්තිමත් අත්දැකීමක් බවට පත් වනු නිසැක ය. මෙය SLT-MOBITEL විසින් මෑතකදී ප්‍රකාශයට පත්කරන ලද ESG තේමාවවන ‘Co-Connection’ යන්න සමගද සමගාමී වේ. මෙම ESG රාමුව නිර්මාණයකර ඇත්තේ සමාගමේ ආයතනික යහපාලන සහ ප්‍රජා සත්කාර මෙහෙවර ශක්තිමත්කරන අතරම වඩාත් පරිසර හිතකාමී සහ තිරසර අනාගතයක් නිර්මාණය කිරීමට දායක වීමේ අරමුණ පෙරදැරිව ය.

කුමන වනෝද්‍යානය තුළ SLT-MOBITEL මගින් පුනර්ජනීනය බලශක්ති ජනන පහසුකම් ස්ථාපිත කිරීම නිසා, තාප බලශක්ති භාවිතය 95% කට ආසන්න ප්‍රමාණයකින් අවමකරගැනීමට හැකියාව ලැබී තිබේ. ඉදිරියේදී තම මූලික ස්ථාන (Base stations) ජාලය සඳහා පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීම 25% ට වැඩි මට්ටමක් දක්වා ඉහළ නැංවීමට SLT-MOBITEL සැලසුම්කර ඇත.

කුමන ජාතික වනෝද්‍යානය තුළ ක්‍රියාවට නංවන ලද මෙම ව්‍යාපෘතිය, පරිසරයේ යහපත උදෙසා තාක්ෂණයේ දියුණුව භාවිතා කිරීමට SLT-MOBITEL දක්වන උනන්දුවට හා කැපවීමට සාක්ෂි දරයි. මේ වනවිට SLT-MOBITEL තම ජාල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ප්‍රජා බලගැන්වීම සහ පරිසර හිතකාමීත්වය වෙනුවෙන් ආයෝජන රාශියක් සිදුකර ඇති අතර, ඩිජිටල් තාක්ෂණික දියුණුවේ මීළඟ පියවර වෙත ශ්‍රී ලංකාව රැගෙන යන අතරම තම ව්‍යාපාරික කටයුතු මගින් පරිසරයට සිදුවන බලපෑම අවම කිරීම සඳහා SLT-MOBITEL දිගින් දිගටම කැප වී සිටී.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව