SLT-MOBITEL අඛණ්ඩව දෙවැනි වරටත් ගුවන් හමුදා පාපැදි සවාරිය බලගන්වයි

Webp.net-resizeimage

 



 

 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, අඛණ්ඩව දෙවැනි වරටත් ගුවන් හමුදා පාපැදි සවාරියේ නිල දුරකථන සන්නිවේදන හවුල්කරු බවට පත්විය. වාර්ෂිකව පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරිය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගිනි.

පසුගියදා සිය 71 වැනි සංවත්සරය සැමරූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම තරගාවලිය සංවිධානය කළේ 23 වැනි වරට ය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශාල පිරිසක් මෙම තරගාවලියට සහභාගී වූහ.

තරගාවලියේ පිරිමි ක්‍රීඩා ඉසව්ව මාර්තු 04 සිට මාර්තු 06 දක්වා පැවැත්වුණු අතර එය කිලෝමීටර් 411 ක දුරක් ආවරණය කළේ ය. මීට අමතරව මාර්තු 08 දිනට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්, තරගාවලියේ අවසන් දිනය වූ මාර්තු 06 වන දින විශේෂ කාන්තා තරගයක්ද පැවැත්වුණු අතර, එමගින් ආවරණය කරන ලද දුර ප්‍රමාණය කිලෝමීටර් 99.6 කි. තරග වලින් අනතුරුව තිළිණ ප්‍රදානෝත්සවයක්ද පැවැත්වුණු අතර, මෙම තරගාවලියට සහභාගී වූ ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණ මෙන්ම, සමස්තයක් ලෙස කාන්තාවන්ගෙන් ක්‍රීඩා ක්ෂේත්‍රය වෙත ලැබෙන දායකත්වය ඇගයීමට ලක්කිරීමටද SLT-MOBITEL මෙහිදී කටයුතු කළේ ය.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව