SLT-MOBITEL සිව් වන PCR යන්ත්‍රය මාතර දිස්ත්‍රික් රෝහල වෙත පරිත්‍යාග කරයි

Image 1

 




 

 

රට තුළ PCR පරීක්ෂණ සිදුකිරීමේ හැකියාව ජාතික මට්ටමේ වැඩිදියුණු කිරීමේ තවත් පියවරක්

2021 සැප්තැම්බර් 17, කොළඹ : ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මාතර දිස්ත්‍රික් රෝහල වෙත PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. රට තුළ PCR පරීක්ෂණ සිදුකිරීමේ හැකියාව වැඩි කරමින්, රටේ ජනතාව COVID -19 රෝගයෙන් ආරක්ෂා කිරීමට ගන්නා උත්සාහයේ තවත් අදියරක් ලෙස මෙම පරිත්‍යාගය සිදුකර තිබේ.

රු. මිලියන 5.7 කට අධික වටිනාකමකින් යුත් මෙම යන්ත්‍රය පරිත්‍යාග කරන ලද්දේ, රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම සහ ප්‍රජාවන්ගේ අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගත් SLT-MOBITEL සබැඳියාවේ සත්කාරයී සමාජ වගකීම් ව්‍යාපෘතියේ කොටසක් වශයෙනි.

SLT-MOBITEL විසින් මෙම යන්ත්‍රය මාතර දිස්ත්‍රික් රෝහල වෙත භාර දුන් අතර එම අවස්ථාවට SLT-MOBITEL සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු, SLT-MOBITEL සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා, සහ Mobitel ප්‍රධාන අලෙවි නිලධාරී ශෂික සෙනරත් යන මහත්වරුන් සමග   SLT-MOBITEL ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී, ප්‍රාදේශීය ප්‍රධානී සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් පිරිසක්ද එක්වූහ.

මීට පෙර SLT-MOBITEL විසින් කරවනැල්ල මූලික රෝහල, මාතලේ දිස්ත්‍රික් රෝහල සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ රෝහල යන රෝහල් වෙත PCR යන්ත්‍ර පරිත්‍යාග කරන ලදි. මීට අමතරව දාන පාරමිතා’ වැඩසටහනට සමස්ත ශ්‍රී ලංකාවාසීන් වෙතින් ලැබුණු දායකත්වය වෙනුවෙන්ද SLT-MOBITEL සිය කෘතඥතාව පළකර සිටී. ිදාන පාරමිතා’ වැඩසටහන ක්‍රියාත්මක කරන ලද්දේ, COVID -19 රෝග ව්‍යාප්තිය නිසා බලපෑමට ලක් වූ පවුල් වලට සහන සැලසීම සඳහා මහජනතාවගේ දායකත්වය ලබාගැනීමේ පදනමක් වශයෙනි.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව