SLT-MOBITEL වෙතින් කොළඹ 03 ‘Thurstan 42’ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයට අධිවේගී Fibre සම්බන්ධතා

Bricks (LBN)

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL පසුගියදා මෙරට ප්‍රමුඛතම සුඛෝපභෝගී නිවාස සංකීර්ණ සහ වාණිජ ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමක්වන Bricks Developers (පුද්.) සමාගම සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මෙම ගිවිසුම යටතේ කොළඹ 03 ප්‍රදේශයේ ඉදිවන ‘Thurstan 42 Colombo 03’ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයට අධිවේගී Fibre සම්බන්ධතා පහසුකම් සැපයීමට SLT-MOBITEL කටයුතු කරනු ඇත.

 




 

SLT හි සාමාන්‍යාධිකාරී (පාරිභෝගික ව්‍යාපාර සහය) සුගත් ආර්. ද සිල්වා සහ Bricks Developers (පුද්.) සමාගමේ සභාපති ශංකර් සෝමසුන්දරම් යන මහත්වරුන් විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදි. ඊට අමතරව දෙපාර්ශ්වය නියෝජනයකරන තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම ගිවිසුම යට‍තේ SLT-MOBITEL විසින් ‘Thurstan 42’ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ සෑම නිවසක් සඳහාම අධිවේගී Fibre ඔප්ටික් සම්බන්ධතා පහසුකම් සපයනු ඇත. එමගින් එම නිවාසවල පදිංචිකරුවන්ට SLT-MOBITEL Fibre බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ ලබාගනිමින්, නවීන ජීවන රටාවන්ට අතිශයින් වැදගත්වන 1 Gbps දක්වා වූ අධිවේගී අන්තර්ජාල පහසුකම් අත්විඳීමට හැකියාව ලැබේ.

අධි වේගය සමගින් අවම latency මට්ටමක් සහ අසීමිත ඩේටා සහිත SLT-MOBITEL Fibre සම්බන්ධතාව, නිවසේ සිට රාජකාරි කිරීම, වීඩියෝ සම්මන්ත්‍රණවලට සහභාගී වීම, වීඩියෝ නැරඹීම සහ අන්තර්ජාලය ඔස්සේ ක්‍රීඩාවල නිරත වීම ඇතුළු තවත් බොහෝ ක්‍රියාකාරකම් සඳහා අවස්ථාව සලසා දෙයි. පැය 24 පුරා තාක්ෂණික සහය ලබාදෙන SLT-MOBITEL අලෙවියෙන් පසු සේවාවද සමගින් ‘Thurstan 42’ හි නිවැසියන්ට Fibre තාක්ෂණයේ සහ ඩිජිටල් අත්දැකීම්වල සැබෑ මහිමය අත්විඳීමට හැකියාව ලැබෙනු ඇත.

“‘Thurstan 42’ Colombo 03 සඳහා නවීන Fibre සම්බන්ධතා පහසුකම් සැපයීමට හැකි වීම අපට මහත් සතුටක්. විශ්වාසනීය සහ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවක් ලබාදෙන SLT-MOBITEL Fibre වර්තමාන ඩිජිටල් යුගයේ අනිවාර්ය අංගයක් බවට පත්වී තිබෙනවා. අපගේ පාරිභෝගිකයන්ට සෑම විටම විශිෂ්ටතම අත්දැකීමක් තිළිණ කිරීම අපගේ ඉලක්කයයි.” SLT හි සාමාන්‍යාධිකාරී (පාරිභෝගික ව්‍යාපාර සහය) සුගත් ආර්. ද සිල්වා මහතා පැවසී ය.

“ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වශයෙන් SLT-MOBITEL Fibre ඔප්ටික් තාක්ෂණය සම්බන්ධයෙන් තමන් සතු විශේෂඥ දැනුම සහ විශිෂ්ට පාරිභෝගික සේවාව මැනැවින් ප්‍රදර්ශනයකර තිබෙනවා. ‘Thurstan 42’ Colombo 03 නිවාස වෙත සම්බන්ධතා පහසුකම් සැපයීමට අප SLT-MOBITEL තෝරාගත්තේ ඒ නිසයි. SLT-MOBITEL සම්බන්ධතාවන්ගේ අධිවේගී බව නිසා අපගේ පදිංචිකරුවන්ට ඉතාමත් පහසුවෙන් තම රාජකාරි කටයුතු මෙන්ම අධ්‍යාපන හා විනෝදාස්වාද කටයුතු සිදුකිරීමට හැකියාව ලැබේවි.” Bricks Developers (පුද්.) සමාගමේ සභාපති ශංකර් සෝමසුන්දරම් මහතා පැවසී ය.

Bricks Developers (පුද්.) සමාගම මෙරට වේගයෙන් දියුණුවන ඉදිකිරීම් කර්මාන්තය වෙත පිවිසුණේ චීනයේ Zhongtian Dinghui Investment Company Ltd. සමග හවුල්කාරීත්වයක් ඇතිකර ගනිමිනි. ඔවුන්ගේ නවතම ව්‍යාපෘතියවන, ‘Thurstan 42’ Colombo 03,  සුඛෝපභෝගී නිවාස 72 කින් සමන්විත ව්‍යාපෘතියක්වන අතර, කොළඹ නගර මධ්‍යයේ ප්‍රධාන පෙළේ පාසල් රැසක් වෙත ඇවිද යා හැකි දුරකින් එය පිහිටා තිබේ.

මහල් 12 කින් සමන්විත මෙහි නිවාස වර්ග අඩි 309 ත් 1085 ත් අතර පරාසයක විහිදී පවතී. පිහිනුම් තටාකයක්, ව්‍යායාම ශාලාවක්, විදුලි සෝපාන දෙකක්, පැය 24 පුරා ක්‍රියාත්මක ආරක්ෂක සේවාවක්, විදුලිය බිඳවැටෙන අවස්ථා සඳහා 100% විකල්ප විදුලිබල සැපයුමක් සහ සකසන ලද උද්‍යානයක් සහිත විවෘත රූෆ්ටොප් ටෙරසයක් ඇතුළු පහසුකම් රැසක් මීට ඇතුළත් ය. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව, උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය සහ උපාංග භාවිතා කරමින් මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකර තිබේ.

මෙම හවුල්කාරීත්වය, ඩිජිටල් අත්දැකීම වැඩිදියුණු කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රජා සවිබල ගැන්වීම සඳහා SLT-MOBITEL දරන ප්‍රයත්නයේ තවත් ඉදිරි පියවරකි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 9 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව