SLIM SMEDA රන් සම්මානයෙන් අයිලන්ඩ් ඩේරීස් පිදුම් ලබයි

ISLAND DAIRIES (LBN)

 



 

 

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි ආශ්‍රිත නිෂ්පාදන සමාගමක් වන අයිලන්ඩ් ඩේරීස්  පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා වරලත් අලෙවිකරුවන්ගේ ආයතනය සංවිධානය කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන සම්මාන උළෙලේදී කෘෂිකාර්මික සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී  අයිලන්ඩ් ඩේරීස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සම්පත් ලියනගේ මහතා වෙත සම්මානය පිරිනැමිණි. අයිලන්ඩ් ඩේරීස් සමාගමේ නිර්මාතෘවරයා වන ලියනගේ කරුණාරත්න මහතා විසින් අරඹන ලද මෙම සමාගම වර්තමානයේදී දිවයින පුරා ශාඛා ව්‍යාප්ත කරමින්, සෘජු සහ වක්‍ර රැකියා රැසක් සපයමින් දේශීය ගොවියන්ගේ කිරි ඉහළ මිලකට ගනිමින් කිරි ගොවීන් බල ගැන්වීමට සුවිශාල දායකත්වයක් සපයයි. කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය සහ කිරි නිෂ්පාදන ආශ්‍රිත උපාධි සහ ඩිප්ලෝමා හදාරන සරසවි සිසු සිසුවියන්ගේ පර්යේෂණ කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමටද සමාගම කටයුතු කරයි.

දශක තුනකට වැඩි සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියන අයිලන්ඩ් ඩේරීස් සමාගමේ රස ගුණ සපිරි නිෂ්පාදන අතර සෙට් යෝගට්, පළතුරු යෝගට්, පැණි යෝගට්, රස තුනකින් එන යෝගට් පානය, මුදවපු කිරි, පැණි කජු ඇතුළු අයිස්ක්‍රීම්, දොඩම් පානය සහ නැවුම් එළ කිරි පානය ප්‍රමුඛ වන අතර කීල්ස් සහ ආර්පිකෝ සුපිරි වෙළෙඳසැල්වලටද ඔවුන්ගේ සන්නාම යටතේ නිෂ්පාදන රැසක් සපයයි. “අපි අයිලන්ඩ් ඩේරීස් සමාගම ඇරඹුවේ ඉතා කුඩා මට්ට‌මෙන්. පසුගිය දශක තුන පුරා අපි ජයග්‍රහණ රැසක් සහ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සම්මාන රැසක් ලබා තිබෙනවා. මෙවර ජාතික මට්ටමේ SLIM සම්මානයක් හිමිවීම අපි ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණය සඳහා වෙහෙස නොබලා දායක වූ අපේ සමාගමේ කාර්ය මණ්ඩලයට සහ අපට නිබඳ ශක්තියක් වන රට පුරා සිටින පාරිභෝගිකයන්ට මගේ කෘතඥතාව පිරිනමනවා.” කළමනාකාර අධ්‍යක්ෂ සම්පත් ලියනගේ මහතා පැවසීය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව