SLIM SMED සම්මාන උළෙලේදී E Gravity Solutions රන් සම්මාන දිනයි

E Gravity Solutions (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කාර්මික විද්‍යුත් උපාංග සහ පද්ධති නිපැයුම්කරුවෙකු වන E Gravity Solutions පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන සම්මාන උළෙලේදී (SMEDA) ‘දෘඩාංග’ අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේදී පැවති සම්මාන උළෙලේදී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රංග පීරිස් ඇතුළු කණ්ඩායම සම්මානය ලබා ගත්හ. 2009දී ඇරඹූ E Gravity Solutions ආයතනය IoT ඇතුළු දුරස්ථ අධීක්ෂණ විසඳුම් සැපයීම (Remote Monitoring Solutions), ඉලෙක්ට්‍රොනික දෘඩාංග සහ මෘදුකාංග නිෂ්පාදනය සහ සේවා සැපයීම සඳහා කීර්ති නාමයක් දිනා ඇත. 100%ක් ශ්‍රී ලාංකීය සමාගමක් වන මෙම සමාගම ඉලෙක්ට්‍රොනික උපාංග නවෝත්පාදනය තුළින් සිය සේවා සපයයි.

E Gravity Solutions සමාගම උෂ්ණත්වය, ආර්ද්‍රතාව, පීඩනය හා ජල මට්ටම වැනි දෑ මැනීමට සහ දුරස්ථ අධීක්ෂණයට භාවිතා කළ හැකි නිෂ්පාදන, වාහන හා වෙනත් ස්ථාන සඳහා භාවිතා කළ හැකි GPS උපාංග සහ පුළුල් පරාසයක විහිදී ඇති තවත් නිෂ්පාදන රැසක් නිපදවයි. බලශක්ති පරිභෝජනය මැනීමෙන් 5% – 10% විදුලි බිල අවම කළ හැකි පද්ධතියක් සහ දේශීයව නිපදවූ නිරවද්‍යතාවෙන් ඉතා  ඉහළ බල විශ්ලේෂකයක් (Power Analyzer) ඔවුන්ගේ නවතම නිපැයුම් අතර වේ. රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඇතුළු පාර්ශ්ව රැසකට සේවා සපයන E Gravity Solutions මීට පෙරද සම්මාන රැසක් දිනා ඇත. ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය සංවිධානය කළ Profood Propack 2022 සම්මාන උළෙලේදී හොඳම වෙළෙඳ කුටිය/සේවා සපයන්නා සඳහා වන රන් සම්මානය සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය සංවිධානය කළ Techno සම්මාන උළෙලේදී නව්‍යතම දේශීය නිෂ්පාදනය සඳහා වන සම්මානය ඒ අතර වේ. “විශිෂ්ට තත්ත්වයේ නිෂ්පාදන සහ සේවා සපයන අපි මේ දක්වා ජයග්‍රහණ රැසක් ලබා තිබෙනවා. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය පිරිනැමූ මේ සම්මානය අපි පාරිභෝගිකයන් වෙත පිරිනමන උසස් සහ ගුණාත්මක සේවාවට ලද ඇගැයීමක්. සමාගමේ කාර්ය මණ්ඩලයට සහ අපගේ වටිනා පාරිභෝගිකයන්ට මම ස්තූතිවන්ත වෙනවා.” රංග පීරිස් මහතා පැවසීය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 + 15 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව