SLIM National Sales Awards උළෙලේදී CDB ජයග්‍රහණ රැසක් සමග සිය විකුණුම් විශිෂ්ටත්වය නැවත තහවුරු කරයි

CDB shines with multiple wins reaffirming sales mastery at National Sales Awards 2025-Sinhala (LBN)

CDB කණ්ඩායම රන් සම්මාන දෙකක් සහ සමස්ත ලෝකඩ සම්මානයක් ඇතුළුව සම්මාන හයක් දිනා ගනිමින්, ශ්‍රී ලංකාවේ ඉහළම කාර්යසාධකයක් සහිත විකුණුම් බලකායන් අතර සිය ස්ථානය යළිත් තහවුරු කරයි.

මෙම ජයග්‍රහණ වෘත්තීයභාවය, ආචාර ධර්ම සහ ඉහළ කාර්ය සාධනය පිළිබිඹුු කරයි.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද ජාතික විකුණුම් සම්මාන 2025 දී Citizens Development Business Finance PLC (CDB) විසින් සම්මාන හයක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ විකුණුම් විශිෂ්ටත්වය සඳහා නව ප්‍රමිතියක් තබා ඇත. මෙම සම්මාන එකතුවට රන් සම්මාන දෙකක්, රිදී සම්මාන දෙකක් සහ කුසලතා සම්මානයක් ‘මූල්‍ය සේවා’ කාණ්ඩයෙන් හිමි විය. ඊට අමතරව සමස්ත කාණ්ඩයෙන් ලෝකඩ සම්මානයක් ද දිනා ගැනීමට CDB සමත් විය.
 



 

මෙම කැපී පෙනෙන සාර්ථකත්වය සමරන CDB කණ්ඩායම, සිය හැකියාව ඉහළ ගුණාත්මකභාවය පසුගිය වසර ගණනාවක් පුරාම ජාතික විකුණුම් සම්මාන උළෙලේදී සම්මාන රැසක් දිනා ඇත.

රන් සම්මාන දිනා ගනු ලැබුවේ “Frontliner” කාණ්ඩයෙන් පිනිපා සමාධි සහ  “Territory Manager “කාණ්ඩයෙන් බන්දුල කුමාර විසිනි. “Sale Supervisor“ කාණ්ඩයේ රිදී සම්මානය විකුණුම් අධීක්ෂක උදාර ගුණවර්ධනට පිරිනමන ලදී. “Sales Executive“ කාණ්ඩයෙන් රිදී සම්මානය ඕවදිනි සෝමසිරි විසින් දිනා ගන්නා ලදී. මෙම අංශයේ කුසලතා සම්මානය අලෙවි විධායක ගයාන් ගනේපොලආරච්චි විසින් හිමි කරගන්නා ලදී. සමස්ත ලෝකඩ සම්මානය Sales Manager කාණ්ඩයෙන් පුබුදු මල්ලිකාරච්චි විසින් දිනා ගන්නා ලදී. මෙම සම්මාන ජාතික වශයෙන් රටේ හොඳම පුද්ගලයින් අතර, පිළිගත් විකුණුම් වෘත්තිකයන් කණ්ඩායමක් පෝෂණය කරන හා බලගන්වන සමාගමක් ලෙස CDB හි කීර්තිය තවදුරටත් තහවුරු කරයි.

මෙම සම්මාන මගින් විවිධ කර්මාන්ත අංශ විස්සක් හරහා ඉහළ කාර්ය සාධනයක් දක්වන විකුණුම් වෘත්තිකයන් හඳුනාගෙන ඔවුන්ව අගයමින් සම්මාන පිරිනැමීම සිදු කරනු ලබයි.

CDB සඳහා, මෙම සම්මාන ඉහළ කාර්ය සාධන ප්‍රමිතීන්, වෘත්තීයභාවය, සහ ශක්තිමත් අලෙවිකරණ හා විකුණුම් ආචාර ධර්ම සහ චර්යාධර්ම පද්ධතිවලට අනුගත වීම පිළිබඳව CDB හි කැපවීම මනාවට පෙන්වා දෙන අතර, අනෙකුත් කණ්ඩායම් සාමාජිකයින්ට ඉහළ ඉලක්ක කරා යාමට සහ තවත් බොහෝ දේ අත් කර ගැනීමටද උපකාරී වේ.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four − one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව