SLIM Brand Excellence 2021 සම්මාන උළෙල මෙවර අන්තර්ජාලය හරහා

d490e965c1394eb35ae7d57eb3d9c154_collage_450

 




 

20 වන SLIM Brand Excellence සම්මාන උළෙල පිළිබඳ මාධ්‍ය හමුව 2021 සැප්තැම්බර් මස 8 වැනිදින අන්තර්ජාල හමුවක් ලෙස පවත්වන ලදී. මෙරට සන්නාම ඇගයීම උදෙසා පැවැත්වෙන එකම සම්මාන උළෙල ලෙස කීර්තිමත් SLIM Brand Excellence සම්මාන උළෙල COVID-19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ නිර්මාණය වෙමින් පවතින නව අභියෝගයන්ට මුහුණ දෙමින් සාර්ථකත්වය උදෙසා ගමන් කිරීමට දේශීය ව්‍යාපාර දිරිගැන්වීම අරමුණු කරගනිමින් මෙවර අන්තර්ජාල උළෙලක් ලෙස පැවැත්වේ.

SLIM Brand Excellence සම්මාන උළෙලේ මෙවර Product Brand of the Year, Service Brand of the Year, Global Brand of the Year, Local Brand of the Year iy Export Brand of the Year ලෙස ප්‍රධාන සම්මාන 5ක් පිරිනැමෙන අතර Innovative Brand of the Year, Turnaround Brand of the Year, Best New Entrant of the Year, B2B Brand of the Year, CSR Brand of the Year, Online Brand of the Year, SME Local Brand of the Year සහ SME Export Brand of the Year ලෙස විශේෂ සම්මාන 8 ක් පිරිනැමෙන අතර ප්‍රධාන අංශ අතරින් ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයට වැඩිම දායකත්වයක් සලසන සන්නාමය සඳහා Ultimate Brand of the Year සම්මානය පිරිනැමේ.

මෙවර සම්මාන උළෙල පිළිබඳ SLIM සභාපතිනිය තිලංකා අබේවර්ධන මෙනෙවිය අදහස් දක්වමින්  “දශක 2 ක කාලයක් තිස්සේ දේශීය සන්නාම දිරිගැන්වීමට SLIM Brand Excellence සම්මාන උළෙල විශාල දායකත්වයක් දක්වා තිබෙනවා, මෙම සංකල්පයේ නිර්මාතෘ මහාචාර්ය ලියනගේ මැතිතුමාව අපි මේ මොහොතේ ඉතාමත් ගෞරවයෙන් ස්තූතිපූර්වකව සිහිපත් කරනවා. ලෝකය ජයගත හැකි ශක්තිමත් දේශීය සන්නාම බිහිවීම අත්‍යවශ්‍ය කාලයක් අප මේ පසුකරමින් සිටින්නේ. අපි සියළු දෙනා එකමුතුව අභියෝග රැසක් හමුවේ පසුගාමීත්වයට පත්ව තිබෙන දේශීය ආර්ථික සංවර්ධනය වෙනුවෙන් මෙවර සම්මාන උළෙල සාර්ථකව පවත්වමු” යැයි මාධ්‍ය හමුවේදී පැවසීය.

SLIM උප සභාපති චින්තක පෙරේරා මහතා  අදහස් දක්වමින් “රටේ පවතින තත්ත්වය හමුවේ SLIM කණ්ඩායමට හා Brand Excellence කමිටුවට මෙවර සම්මාන උළෙළ සංවිධානය කිරීමේ කටයුත්ත විශාල අභියෝගයක්ව පවතිනවා. අභියෝග රැසක් මැද වුවත් අපේ රටේ සන්නාම ලෝකයට රැගෙන යන්නට මෙවර සම්මාන උළෙල ඔන්ලයින් වැඩසටහනක් ලෙස ක්‍රියත්මක කරන්නට අප දරණ මේ ප්‍රයත්නයේදී නිරන්තරයෙන් අප සමග එක්වන දැවැන්ත සමාගම් වාගේම දිවයින පුරා විසිර සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සහභාගීත්වයත් මේ මොහොතේ ඉතා වැදගත්.” යැයි පැවසීය.

SLIM ප්‍රධාන විධායක නිලධාරී සනත් සේනානායක මහතා අදහස් දක්වමින් “SLIM Brand Excellence සම්මාන උළෙල දේශීය සන්නාමයන්ට ලෝකය හමුවේ තම අනන්‍යතාව විදහා දක්වන්නට ලැබෙන වටිනා අවස්ථාවක්. අභියෝගකාරී සමයක වූවත් මෙවැනි සම්මාන උළෙලකට සහභාගී වීමෙන් තරගකාරී ව්‍යාපාරික ලෝකයේ තමන්ගේ ජයග්‍රහණය සනිටුහන් කරගන්නට දේශීය සන්නාම වලට හැකිවෙනවා.” යැයි පැවසීය.

අලෙවිකරණ ක්ෂේත්‍රයේ සංවර්ධනය දිරිගැන්වීමේ අරමුණින් යුතුව SLIM Brand Excellence සම්මාන උළෙල අඛණ්ඩව පවත්වන බවත් දේශීය මෙන්ම ජාත්‍යන්තර සන්නාමයන් සියල්ලට ශ්‍රී ලංකාව තුළ නිසි පිළිගැනීමකට ලක්වීම සඳහා මෙය අගනා අවස්ථාවක් බවත් SLIM Brand Excellence 2021 හි ව්‍යාපෘති සභාපති මංතික රණසිංහ මහතා අදහස් දක්වමින් පැවසීය. සම්මාන උළෙල පිළිබඳ සමාජයේ දුර්මත කිහිපයක් මෙවර හඳුනාගැනීමට හැකි වූ බවත් නිවැරදි මතය ව්‍යාපාරික ප්‍රජාව හමුවේ ව්‍යාප්ත කිරීමටත් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය අනුව සමග උද්ගතව ඇති පසුගාමී ආර්ථික ස්වරූපය වෙනස් කරමින් නැවතත් රටේ ආර්ථික සමෘද්ධිය ඇතිකිරීමේ ජාතික වැඩපිළිවෙල ශක්තිමත් කරන්නට මෙවර සම්මාන උළෙල පාලමක් බවට පත් කරගන්නටත් SLIM කණ්ඩායම වෙහෙසෙන බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

SLIM Brand Excellence 2021 වෙනුවෙන් සහභාගීවන ජූරියේ ප්‍රධානී ඉමල් ෆොන්සේකා මහතා අදහස් දක්වමින් “වෙනදා වාගේ මහජන මතය විමසීමට මෙවර ඉඩක් නොමැති අවස්ථාවක සන්නාම විසින් මේ දක්වා ගොඩනගාගෙන තිබෙන මහජන සම්බන්ධතාවය හා ගොඩනගාගත් විශ්වාසය තවදුරටත් ආරක්ෂා කරගැනීමේ වගකීම සියළු දෙනා සතුවෙනවා. අවිනිශ්චිතා හා අසාර්ථකවීම් රැසක් මැද පීඩාකාරී මානසිකත්වයකින් සිටින පාරිභෝගික ජනතාව පුද්ගලික සනීපාරක්ෂාව පිළිබඳ හා ආර්ථික සාධක පිළිබඳ වැඩි සැලකිල්ලක්  දක්වමින් මිලදී ගැනීමේ ක්‍රියාවලියේ යෙදී සිටින නිසා මේ මොහොතේදී ඔවුන්ගේ තේරීම වන්නේ වඩා විශ්වාසදායී සන්නාමයන් වේ. වෙනත් වසර හා සලකා බැලීමේදී මේ වසරේ අභියෝග රැසක් මැද ව්‍යාපාරිකයන් අප වෙත ඉදිරිපත් කර තිබූ අයදුම්පත් හා විස්තර සලකා බැලීමේදී ඔවුන්ගේ උද්යෝගය හා ධනාත්මක ආකල්ප පිළිබඳ අප බෙහෙවින් සතුටට පත්වුණා.” යැයි පැවසීය.

තෙවැදෑරුම් මූලෝපායන්ගෙන් සමන්විතව SLIM වෙතින් ක්‍රියාත්මක කෙරෙන ‘Future-Ready Sri Lanka’  සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයන් හා ස්වයං රැකියා නියුක්තිකයන් සවිබලගැන්වීමේ ජාතික වැඩසටහනකි. ‘Future-Ready Sri Lanka’  වැඩසටහන හරහා ශක්තිමත් වන ව්‍යවසායකයන් ද SLIM Brand Excellence සම්මාන උළෙල සමග එකමුතු කරමින් දෙස් විදෙස් සුපතළ ශ්‍රී ලාංකීය සන්නාම බිහිකිරීමෙහිලා දැවැන්ත ජාතික මෙහෙවරක SLIM නියැලී සිටියි.

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව