SLIM Brand Excellence සම්මාන උළෙලේදී eChannelling වෙත ඇගයුම්

eChannelling SLIM - Image

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය සේවා පදනම වන eChannelling පසුගියදා පැවති 23 වන ‘SLIM Brand Excellence’ සම්මාන උළෙලේදී ‘වසරේ විශිෂ්ටතම මාර්ගගත සන්නාමය’ කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානය හිමිකර ගැනීමට සමත් විය. මෙම සම්මාන උළෙල 2024 දෙසැම්බර් 09 දින Monarch Imperial හෝටලයේදී පැවැත්විණි. සන්නාම ශක්තිය, වෙළඳපොළ සවිඥානිකත්වය සහ වසර පුරාම ඵලදායී වැඩසටහන් ක්‍රියාවට නැංවීම යනාදිය සම්බන්ධයෙන් සමාගම පෙන්නුම් කළ විශිෂ්ට සාර්ථකත්වය හේතුවෙන් මෙම සම්මානය eChannelling වෙත හිමි විය.

 



 

SLT-MOBITEL හි ශක්තිමත් යටිතල පහසුකම් තුළින් පන්නරය ලබන eChannelling සේවාව දිගින් දිගටම මෙරට ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය පරිවර්තනයට ලක්කරමින් සිටී. එම ක්ෂේත්‍රය තුළ නවෝත්පාදනය හා විශිෂ්ටත්වය උදෙසා දක්වන කැපවීම හේතුවෙන්, දිවයින පුරා වෙසෙන පාරිභෝගිකයන්ට වඩාත් පහසු හා කඩිනම් සෞඛ්‍ය සේවා පිරිනමමින්, ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ සෞඛ්‍ය පදනම් සන්නාමය බවට පත්වීමට eChannelling සමත් වී තිබේ.

SLIM Brand Excellence සම්මාන උළෙලේදී ලැබුණු මෙම නවතම සම්මානය, ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණ අවකාශයේ ශක්තිමත් සන්නාමයක් ලෙස eChannelling සතු පිළිගැනීම තවදුරටත් වර්ධනය කරනු ඇත. එමෙන්ම එය eChannelling යනු ශ්‍රී ලංකාවේ අංක එකේ වෛද්‍ය චැනලින් සේවාව බව තහවුරු කරමින්, නවීන තාක්ෂණය ඔස්සේ සෞඛ්‍ය සේවාහි පෙරළියක් සිදුකිරීම සඳහා සමාගම දක්වන කැපවීම තවදුරටත් ශක්තිමත් කරනු නිසැක ය.

මේ වනවිට eChannelling මෙරට ජනතාවගේ ජීවිත තුළ යහපත් පරිවර්තනයක් ඇතිකිරීමේ මෙහෙවර ආරම්භකර දශක දෙකකට අධික කාලයක් ගත වී තිබේ. ඉදිරියටත් නවීනතම සේවා සමගින් විශිෂ්ට තලයේ පාරිභෝගික සේවාවක් ලබාදෙමින්, ඩිජිටල් සෞඛ්‍ය සේවාහි ක්‍රමෝපායික වෙනස්කම් වේගවත් කිරීම සමාගමේ අරමුණ වී ඇත.

2000 වර්ෂයේදී මෙරටට මාර්ගගත වෛද්‍ය චැනලින් සේවා හඳුන්වා දීමෙන් අනතුරුව eChannelling මේ වන විට දීපව්‍යාප්ත මට්ටමින් ජනතාව සෞඛ්‍ය සේවා ලබාගන්නා ආකාරය පූර්ණ පරිවර්තනයකට ලක්කර තිබේ. වර්තමානය වන විට eChannelling රටේ දිස්ත්‍රික්ක 25 තුළ පිහිටා ඇති රෝහල්, සෞඛ්‍ය සේවා ආයතන සහ ඖෂධ අලෙවිසැල් සිය ගණනක් සමග අත්වැල් බැඳගෙන, ඩිජිටල් සෞඛ්‍ය සේවාවන්හි නවෝත්පාදනය වෙනුවෙන් කැප වී සිටී.

‘Human Intelligence’ යන තේමාව යටතේ පැවැත්වුණු 2024 SLIM Brand Excellence සම්මාන උළෙලට මෙවර වාර්තාගත ලෙස නාමයෝජනා 200 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබිණි. මෙම සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය අලෙවිකරණ විශිෂ්ටත්ව පදනම බවට පත් වී ඇති බවට එය මනා සාක්ෂියකි. සාර්ථක අලෙවිකරණ ක්‍රමෝපායන් ක්‍රියාවට නැංවීමට මෙන්ම විශිෂ්ට සන්නාම කථාවන් ඔස්සේ පාරිභෝගික ආදරය දිනාගැනීමට සමත් වන සමාගම් හා ආයතන මෙම සම්මාන උළෙලේදී  ඇගයීමට ලක් වේ.

eChannelling හි සේවාවන් පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.echannelling.com වෙත පිවිසෙන්න. නැතිනම් Google Play Store හෝ Apple App Store වෙතින් eChannelling ජංගම යෙදුම බාගත කරගන්න.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව