SLIM වෙනුවෙන් නව සභාපතිවරයෙක් සමග 50 වැනි වසර වෙනුවෙන් නව විධායක කමිටුවක්

SLIM-2020

 

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM)  50 වැනි වාර්ෂික මහ සභා රැස්වීම, රජයේ සෞඛ්‍යාරක්ෂණ නීති අනුව 2020 ජූනි මස 26 වැනිදා කොළඹ මරීනෝ හෝටලයේදී පැවැත්විණ. එහිදී SLIM 50 වසරක අභිමානවත් ගමන් මග තුළ පත්වූ 42 වැනි සභාපතිවරයා ලෙස රොෂාන් ප‍්‍රනාන්දු මහතා තේරී පත්වූ අතර 2020/2021 වසර වෙනුවෙන් නව කළමනාකාරීත්ව මණ්ඩලයක් හා විධායක කමිටුවක්ද එහිදී තෝරාපත් කරගන්නා ලදී.

SLIM නව සභාපතිවරයා ලෙස පත් වූ රොෂාන් ප‍්‍රනාන්දු මහතා දෙරණ මාධ්‍ය ජාලයේ අලෙවි සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරනු ලබයි. ඔහු ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළ මාධ්‍ය ආයතන රැසක සාර්ථකත්වය උදෙසා කැපීපෙනෙන දායකත්වයක් දැක්වූ කළමනාකාරීත්ව වෘත්තිකයෙකි. රොෂාන් මහතාගේ අලෙවිකරණ වෘත්තීයවේදී කුසලතාව Certified Professional Marketer (Asia) (Asia Marketing Federation) සහ Practising Marketer (SLIM) යන දෙස් විදෙස් අලෙවිකරණ වෘත්තීය සුදුසුකම් දරන අතර ඔහු ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ මෙන්ම මහා බි‍්‍රතාන්‍යයේ වරලත් අලෙවිකරුවන්ගේ ආයතනයේ (CIM) ගෞරවනීය සාමාජිකත්වයද ලබා ඇත. ඉන්දියාවේ Institute of Chartered Financial Analysis University වෙතින් ව්‍යාපාර කළමනාකරණය වෙනුවෙන් ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා සහ ශාස්ත‍්‍රපති උපාධිය හැදෑරූ රොෂාන් මහතා SLIM  වෙතින් Postgraduate Diploma in Marketing පාඨමාලාවද හදාරා ඇත. SLIM වෙතින් ක‍්‍රියාත්මක වූ වැඩසටහන් රැසක ව්‍යාපෘති කමිටුවල සක‍්‍රීය සාමාජිකයෙක් ලෙස කටයුතු කළ රොෂාන් මහතා SLIM  වෙනුවෙන් භාණ්ඩාගාරික, ලේඛකාධිකාරී සහ උප සභාපති ධූරයන්ගේද කළමනාකාරීත්ව කමිටුවේ උප සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත. රොෂාන් මහතා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ තාක්ෂණික ඇගයුම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලාංකීය ව්‍යාපාර ඉන්දියානු වෙළෙඳපොල වෙත පිවිසීම පිළිබඳ අධ්‍යන වාර්තාව සකස් කරන්නට දායකත්වය දැක්වූවෙකි. කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කළ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන් රැසකට දායක වූ රොෂාන් මහතා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැසක් ශක්තිමත් කරමින් කාන්තා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් රැුසකටද සිය වෘත්තීයවේදී උපදේශකත්වය ලබාදුන්නේය. දෙරණ මාධ්‍ය ජාලය හා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය එක්ව ක‍්‍රියාත්මක කරනු ලබන Derana SME Club සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනේ ප‍්‍රධානත්වය දරන රොෂාන් මහතා SAARC Business Association of Home-Based Workers (SABAH-Sri Lanka) හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්ද වේ. එමෙන්ම ඔහු අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ කණ්ඩායමේ සාමාජිකයෙකි. ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සුළු ව්‍යාපාර සංවර්ධන අංශය මගින් ක‍්‍රියාත්මක කළ ව්‍යාපාර සැලසුම්කරණය පිළිබඳ වැඩසටහන් රැසක් මෙහෙයවීමේ අවස්ථාවද රොෂාන් මහතා හිමිකරගෙන තිබීම විශේෂත්වයකි.

මයික්‍රෝසොෆ්ට් ශ්‍රී ලංකා හි දකුණු ආසියානු නව වෙළෙඳපොළ අලෙවි හා සන්නිවේදන කළමනාකාර තිලංකා අබේවර්ධන මහත්මිය ව්‍යාපෘති පිළිබඳ උප සභාපතිනිය ලෙසත් Arinma Holdings (Pvt) Ltd හි ව්‍යාපාර සබඳතා හා සන්නිවේදන අංශ ප‍්‍රධානී නුවන් ගමගේ මහතා අධ්‍යාපන කටයුතු පිළිබඳ උප සභාපතිවරයා ලෙසත් තේරී පත්විය. Hemas Pharmaceuticals (Pvt) Ltd සහ Hemas Surgical & Diagnostics (Pvt) Ltd හි අධ්‍යක්‍ෂ විකුණුම් චින්තක පෙරේරා මහතා නව ලේඛකාධිකාරී ලෙසත් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ජේෂ්ඨ සන්නාම කළමනාකාර ගයාන් පෙරේරා මහතා සහකාර ලේඛකාධිකාරී ලෙසත් එහිදී තේරී පත්විය. 2020/2021 වසර සඳහා භාණ්ඩාගාරිකවරයා ලෙස HMD Global Inc ක්ෂේත‍්‍ර සේවා අංශ ප‍්‍රධානී ආචාර්ය ජයන්ත දේවසිරි මහතා තේරී පත්විය.

SLIM විධායක කමිටුව සඳහාද පළපුරුදු අලෙවිකරණ වෘත්තියන් 10 දෙනෙකු එහිදී තෝරාපත්කරගන්නා ලදී. එනම්, මංතික රණසිංහ (ජාත්‍යන්තර ගනුදෙනු පිළිබඳ ව්‍යාපාර සංවර්ධන අංශ ප‍්‍රධානී – Kapruka.com),  සතිකා වික‍්‍රමසිංහ (දත්ත විශ්ලේෂණ හා ප‍්‍රවේග අංශ කළමනාකාර – Fonterra Brands Lanka), ආචාර්ය දිල්හාන් එස්. ජයතිලක (ව්‍යාපාර සංවර්ධන හා අලෙවි සංවර්ධන අංශ ප‍්‍රධානී – ආරෝග්‍යා ලයිෆ් සිස්ටම්ස් ලංකා පුද්ගලික සමාගම, ව්‍යාපාර සංවර්ධන අලෙවි හා වෙළෙඳපොළ උපායමාර්ග පිළිබඳ සාමාන්‍යාධිකාරී  – Softlidz Solutions Private Limited), චරක පෙරේරා (විධායක අධ්‍යක්ෂ – Fuchsia Retail S.A. (Private) Limited&” නුවන් තිලකරත්න (අලෙවි කළමනාකාර – යුනියන් බැංකුව), අසංක පෙරේරා (ප‍්‍රධාන විධායක නිලධාරී – Arugambay Beachwear (Pvt) Ltd&” නියාස් මොහොමඞ් ශිරාස් (අලෙවි හා විකුණුම් පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරී – Fentons Limited&” අසේල සී. ගුණසේකර (සන්නාම සංවර්ධන කළමනාකාර – Metecno Lanka (Pvt) Ltd’&” චන්න ජයසිංහ (සන්නාම සංවර්ධනය පිළිබඳ ජේෂ්ඨ කළමනාකාර – Kelani Cables Plc&  සහ මොරටුව විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යන පීඨයේ ව්‍යාපාර පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ – ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තෙසාරා ජයවර්ධන මහත්ම මහත්මීන්ය.

SLIM නව සභාපති රොෂාන් ප‍්‍රනාන්දු මහතා සියළුම සාමාජික සාමාජිකාවන්ටත් පැරණි සභාපතිවරුන් සියළුදෙනාටත් සිය ගෞරව ස්තූතිය පළ කලේය. පසුගිය වසරවල ඇරඹුනු වැඩසටහන් අඛණ්ඩව ඉදිරියට ගෙනයන්නටත් වර්තමානයේ අවශ්‍යතා අනුව නව වැඩසටහන් ක‍්‍රියාත්මක කරන්නටත් කෝවිඞ් 19 සමග ලැබූ අත්දැකීම් ඇසුරෙන් ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ප‍්‍රජාව යළි නගාසිටුවීම උදෙසාත් ‘Made in Sri Lanka’ සංකල්පය ඔස්සේ දේශීය නිෂ්පාදිතය වැඩිදියුණු කිරීම උදෙසාත් දේශීය ආර්ථිකය ශක්තිමත් කරන රාජ්‍ය හා පෞද්ගලික අංශ සංවර්ධනය, තරුණ ව්‍යවසායකයන් බලගැන්වීම, පාසැල් ව්‍යවසායකත්ව සංසද බිහිකිරීම, දැනුම මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගීම යන අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසාත් අග‍්‍රාමාත්‍ය කාර්යාලය සමග එක්ව SLIM ඇරඹූ ‘Restart Sri Lanka’ ජාතික වැඩසටහන සාර්ථක කරගන්නටත් සියළුදෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව  පැවසීය. රොෂාන් ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්  ‘අපගේ මේ වසරේ තේමාව වන ‘Celebrate the Past, Create the Future’යටතේ අලෙවිකරණ අධ්‍යාපන සේවා හා ආයතනික ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන අතරතුරදී ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කරන ජාතික වැඩසටහන්වලටත් එකමුතුව දායකත්වය ලබාදෙන්නෙමු. SLIM 50 වසර සමරන මේ මොහොතේදී පත්වූ නව කළමනාකාරීත්ව හා විධායක කණ්ඩායමත් සමග ලැබුන නව ජවයත් සමග SLIM කාර්යමණ්ඩලය හා සියළු සාමාජිකයන් සමග ශ්‍රී ලාංකීය ව්‍යාපාර අවකාශය තුළ SLIM නාමය බබලවන්නට හැකිවේ යැයි මා විශ්වාස කරනවා. ” යැයි පැවසීය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව