SLIIT ප්‍රථම පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව අපේක්ෂකයින්ට උසස් තත්ත්වයේ ඉගැන්වීම් ලබා දීමට සහාය වෙමින් මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨය මඟින් ආරම්භ කරයි.

Image 1

 




SLIIT හි මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨය මඟින් ලබාදෙන ප්‍රථම පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උළෙල පසුගියදා ‘සූම්’ (Zoom) තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

දැනට රටේ  පවතින වසංගත තත්ත්වය හේතුවෙන් එම සමාරම්භක උළෙල SLIIT පරිශ්‍රය තුළදී පැවැත්වීමට නොහැකිවූවද, අපේක්ෂකයන්ගේ අනාගත වෘත්තීය සංවර්ධනය හා කුසලතා වර්ධනයේ සාර්ථකත්වය වෙනුවෙන් එය කල් නොයවා ‘සූම්’ (Zoom) තාක්ෂණය ඔස්සේ පැවැත්වීමටත්, ඉදිරි අධ්‍යන කටයුතු ඔන්ලයින් (Online) ක්‍රමය ඔස්සේ පවත්වාගෙන යාමටත්  SLIIT තීරණය කර ඇත.

තවද මේ පාඨමාලාව සඳහා සහභාගී වන්නන්ට වීඩියෝ තාක්ෂණික දර්ශන ක්‍රම මඟින් හා තාක්ෂණික යෙදවුම් හරහා නවීන විෂය කරණු අධ්‍යනය කිරීමටත්, ප්‍රයෝගික හා විෂය සමගාමී ක්‍රියා කාරකම් සඳහා ගුරුභවතුන් සජීවීව සම්බන්ධ කර ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියතු ගුරුභවතුන්, කථිකාචාර්යවරුන් හා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් වෙනුවෙන් SLIIT විසින් මෙවැනි පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කරන ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

මෙම පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක අවස්ථාව සඳහා SLIIT   උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ, මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මලිත විජේසුන්දර, SLIIT පශ්චාත් උපාධි හා පර්යේෂණ පීඨයේ පීඨාධිපති රාහුල අත්තලගේ, මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨයේ, විද්‍යා හා අධ්‍යපන දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී මහාචාර්ය ශ්‍රියානි පීරිස්, පාඨමාලා සම්බන්ධිකාරක ආචාර්ය විරාජිත් ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළුව මෙම පාඨමාලාවට තේරී පත්වුණු සියලුදෙනා සහභාගී විය.

මෙම පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක අවස්ථාවේදී මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මලිත විජේසුන්දර මහතා විසින් සියලුදෙනා පිළිගනු ලැබූ අතර එහිදී ඔහු මෙසේ අදහස් දැක්විය.

 

 



 

 

 

” අප පාඨමාලා සමඟ සම්බන්ධ වීමට ඔබ ගත් තීරණය බුද්ධිමත් තීරණයක් බවට පත්කිරීම සඳහා ගුණාත්මකභාවයෙන්, උසස් නවීන ක්‍රමවේදයන්ගෙන් යාවත්කාලීන කරන ලද පාඨමාලා ඔබ වෙනුවෙන් අප සකස් කර තිබෙනවා. මේ සඳහා ඉතා සුපරික්ෂාකාරීව තෝරාගනු ලැබූ අත්දැකීම් බහුල ගුරු මණ්ඩලයක් ඔබ වෙනුවෙන් සිටිනවා. මෙම පාඨමාලව ප්‍රථම වරට අප ‘FLIIP’ ක්‍රමවේදය යටතේ සැලසුම් කර තිබෙනවා. පාඨමාලාවේ විෂය කරුණු පටිගත කරනු ලැබූ වීඩියෝ දර්ශන මඟින් සිසුන් වෙත ඉදිරිපත් කෙරන අතර ඒ හා සම්බන්ධ   ක්‍රියාකාරකම් හා පැහැදිළි කර ගැනීම් සඳහා සිසුන්ට ගුරුවරු සමඟද සජීවීව සම්බන්ධ වීමටද අවස්ථාව ලැබෙනවා. හැම පාඩමක් අවසානයේදී සිසුන්ට බහුවරණ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීමේ අවස්ථාවක්ද හිමිවන අතර ඒ මඟින් තමන්ගේ විෂය කරුණු පිළිබඳ අවබෝධය තමන්ටම තක්සේරු කර ගැනීමේ අවස්ථාවක් ලැබෙනවා. පවතින වසංගතය හමුවේ අප විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු නොයෙකුත් තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ නොනවත්වා පවත්වාගෙන ගියා.එම සාර්ථකත්වය හා අත්දැකීම් අපි ඔබ සමඟ බෙදාගැනීමට අපේක්ෂා කරනවා. මෙම පාඨමාලාව දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සේ පැවැත්වීමට තිබෙන විශාල ඉල්ලුම නිසා ඒ ගැන අපේ බලාපොරොත්තුවක්ද ඇති වී තිබෙනවා. මෙම පාඨමාලාව තුළින් වෘත්තීමය ගුරුවරයෙකු වී අප රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඉදිරියට ගෙනයාමට ඔබ සැමට හැකි වේවා කියා මා ප්‍රර්ථනා කරනවා.”

මෙහිදී අපේක්ෂකයන් අමතමින් අදහස් දැක්වූ SLIIT හි උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා.

” SLIIT අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු කරන්නන් සඳහා මෙවැනි පශ්චාත් උපාධි පාඨමාලවක් ආරම්භ කරන පළමු අවස්ථාව මෙයයි. අප ආයතනයේ පළමුවෙන්ම ආරම්භ කරන සිංහල පාඨමාලාවත් මෙයයි.

මෙය දැනුම ලබා ගන්නම සකස් කරපු පාඨමාලාවක් නොවේ. විශේෂයෙන්ම මෙම පාඨමාලාවෙන් අපේක්ෂා කරන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියතු ඔබගේ වෘත්තීය හැකියාවන් හා කුසලතා වැඩි දියුණු කිරීමයි. එමෙන්ම අධ්‍යාපන පරිපාලන සේවයේ නියතු වුවන්ගේද සේවය උස්ස වීම සඳහා මෙම පාඨමාලාව සම්පුර්ණ කිරීම ඉතා වැදගත්. විශ්ව විද්‍යාලයක උපාධියක් ලබා ගැනීමෙන් අදාල විෂය පිළිබඳ දැනුමක් ඔබ ලැබුවත්, ගුරුවරයෙක් වීම සඳහා විෂය දැනුම පමණක් නොව විෂය ඉගැන්වීම පිළිබඳ දැනුමද අවශ්‍ය වෙනවා. එම නිසා මෙම පාඨමාලාව මඟින් ඔබට පන්ති කාමරය කළමනාකරණය කර ගැනීමේ ක්‍රම, ශිෂ්‍යයන් පිළිබඳව තක්සේරුව, පාසැල් ප්‍රජාව සමඟ කටයුතු කිරීම වැනි වෘත්තීය වර්ධනයට අවශ්‍ය බොහෝ දෑ අධ්‍යනය කිරීමට අවස්ථාව ලැබෙනවා. පාඨමාලා දේශන නව ක්‍රමවේදයක් ඔස්සේ ඔබට හැදෑරීමට අවස්ථාව හිමිවන අතර මසකට වරක් ආයතනයට පැමිණ ප්‍රයෝගික විෂය කරණා වෙනුවෙන් දේශනවලට සම්බන්ධ වීමට අවස්ථාව ලබාදී තිබෙනවා. නවීන තාක්ෂනය යොදාගෙන අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීම වෙනුවෙන් අප වැඩසටහන් රැසක් කරනවා. අධ්‍යාපන අමාත්‍යංශය සමඟ එක්වී පවත්වාගෙන යනු ලබන ‘ගුරුගෙදර’ අධ්‍යාපනික වැඩසටහන, ICTA ආයතනය සමඟ පවත්වාගෙන යන ‘e – තක්සලාව’ වැනි වැඩසටහන් ඒ අතරින් කීපයක්. මම ඔබ සියලු දෙනාටම සුභ පතනවා මෙම පාඨමාලාව සාර්ථකව නිම කර අප රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට වටිනා සේවයක් කිරීමට ශක්තිය ලැබෙන්න කියලා.”

SLIIT පශ්චාත් උපාධි හා පර්යේෂණ පීඨයේ පීඨාධිපති රාහුල අත්තලගේ මහතා මෙහිදී පැවසුවේ අයදුම් රාශියක් අතරින් තේරීපත් වී මෙම පාඨමාලාවේ අග්‍රගන්‍ය අසුනක් වෙන් කර ගැනීමට හැකිවූ සියලු දෙනා හට තමා සුභ පතන බවත්, SLIIT ආයතනය දැනට වසර 20කට ආසන්න කාලයක් පුරා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ (UGC) අනුමැතිය ඇතිව පශ්චාත් උපාධි පාඨමාලා රැසක් පවත්වාගෙන යනු ලබන ආයතනයක් බවයි. එහිදී වැඩිදුරටත් ඔහු මෙසේද පැවසීය.

” අද ඔබ මේ පාඨමාලාවට එකතු වන්නේ දැනට වසර 20කට අසන්න කාලයක් පුරා අප ලැබූ දැනුම හා අත්දැකීම් සම්භාරයක් සමඟයි. SLIIT ආයතනය මේවන විට අධ්‍යන කටයුතු සඳහා ඔන්ලයින් (Online) තාක්ෂණය භාවිතයට ගන්නේ පවතින කොවිඩ් 19 වසංගතය නිසාම නොවේ. මෙම ආයතනය ආරම්භයේ සිටම අන්තර්ජාතික විශ්ව විද්‍යාල සමඟ සම්බන්ධ වීමේදී මේ තාක්ෂණික ක්‍රම හරහා යොදාගත් වේදිකාවන් මත ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු වුණා. එම නිසා මේ සම්බන්ධව ඉතා හොඳ පළපුරුද්දක් දැනුමක් හා සම්පත් දායකත්වයක් අප ආයතනය සතුව පවතිනවා. මේ තත්ත්වයන් තුළින් ඔබට මෙම පාඨමාලාව කෙරෙන ආකාරය ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් කියා මා සිතනවා. අද ආරම්භ කරන මෙම පාඨමාලාව SLIIT ආයතනයේ නව මුහුණුවරක් ඇතිකරන බව නොඅනුමානයි. 1999 වසරේ මෙම ආයතනය ආරම්භයේදී තොරතුරු තාක්ෂණයට ලබාදුන් දායකත්වය හා සමානම දායකත්වයක් සහ පසුබිමක් මේ පාඨමාලාව ආරම්භයේදීත් අධ්‍යාපන ක්ෂත්‍රය වෙනුවෙන් ගැබ්වී තිබෙන බව මාගේ අදහසයි.’’

මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨයේ, විද්‍යා හා අධ්‍යපන දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී මහාචාර්ය ශ්‍රියානි පීරිස් මහත්මිය විසින් මෙම පාඨමාලාවේ සමාරම්භක අවස්ථාවේ සමාප්තිය සනිටුහන් කරමින් මීට සහභාගී වූ පිරිස වෙනුවෙන් ස්තූතිය පළ කරමින් මෙසේ පැවසුවාය.

”අද ඔබ සැම අපගේ අධ්‍යාපන ආයතනයේ ඉතිහාසයට එකතු වී අවසානයි. ඔබලා විසින් ගනු ලැබූ මේ පියවර තුළින් ලැබෙන ප්‍රතිඵලය අප රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට බොහෝ සේවයක් ඉටුවනවා නොඅනුමානයි. එය අප සැමටම ඉතා සතුටට පත්විය හැකි කාරණාවක්. අවසාන වශයෙන් මේ පාඨමාලාවට සහභාගී වූ ඔබට ඉදිරියේදී තම අධ්‍යන කටයුතු සාර්ථකව නිම කර මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අවශ්‍ය ගුණාත්මක සේවය ලබාදීමට හැකි වේවා යැයි ප්‍රර්ථනා කරමින් මෙය සංවිධානය කරනු ලැබූ සියලුම දෙනාට ස්තූතිය පුද කර සිටිනවා.”

 

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve + three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව