SLIIT ආයතනය කඩුවෙල ප්‍රදේශයේ දරුවන්ගේ පරිගණක සාක්ෂරතාවය වර්ධනය කිරීමට අංග සම්පූර්ණ පරිගණක මධ්‍යස්ථානයක් ලබාදෙයි.

Image 2

 




 

 

නවොත්පාදක සමාජයක් ගොඩනැගීම සහා දරුවන්ට ඔවුන්ගේ පූර්ණ හැකියාවන් කරා ළඟාවීම අරමුණු කරගනිමින් SLIIT ආයතනය විසින් කඩුවෙල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පාසල් දරුවන් සඳහා අංග සම්පුර්ණ පරිගණක විද්‍යාගාරයක් පරිත්‍යාග කරන ලදී.

තොරතුරු තාක්ෂණික සංවර්ධනයේ පුරෝගාමී ආයතනක් වන SLIIT ආයතනය පොදු සමාජ වගකීම් ලෙස කරනු ලබන ව්‍යාපෘතිවල කොටසක් ලෙස පරිත්‍යාග කරන ලද මෙම විද්‍යාගාරය පසුගිය 2021 මාර්තු 25 වන බ්‍රහස්පතින්දා විවෘත කරන ලදී. මෙම සුවිශේෂී අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත යන මහත්වරුන් සහභාගිවිය

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය විමල් විරවංශ මහතා සඳහන් කළේ මෙම සත්කාරය කඩුවෙල ප්‍රදේශයට අතිමහත් වූ සමාජ මෙහෙවරක් බවත්, ලෝකය තුළ ඉදිරියට ගමන් කිරීමට තොරතුරු තාක්ෂණය ප්‍රධානතම අත්‍යවශ්‍ය සාධකයක් වන බවය. අනාගත සිසු පරපුර තොරතුරු තාක්ෂණ විෂය කෙරෙහි උනන්දුවක් හා දක්ෂතාවයක් ඇති කරගත යුතු බවත්, කඩුවෙල මහ නගර සභාව සහ SLIIT ආයතනය අතර පවතින මේ සහයෝගිතාවය මේ ප්‍රදේශයේ පාසල් දරුවන්ට ඔවුන්ගේ දැනුම වර්ධනය කර ගනිමින් සහ ඔවුන්ගේ හැකියාවන් හා කුසලතා කරා ළඟා වීමට බෙහෙවින් ඉවහල් වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

මෙම නවෝත්පාදන විද්‍යාගාරය SLIIT ආයතනයේ උප කුලපති, ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ මහතා විසින් කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා වෙත භාර දෙන ලදී.

එහිදී අදහස් දක්වමින් නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා පැවසුවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය  තරුණ තරුණියන්ගේ අනාගතය බවයි. සියලු පහසුකම්වලින් පිරි මෙම පරිගණක විද්‍යාගාරය හුදෙක් විද්‍යාගාරයක් පමණක් නොව එය මේ රටේ දරුවන්ට අධ්‍යාපනයේ අවස්ථා පුළුල් කිරීමට උරදෙන ඔවුන්ගේ අනාගතය දීප්තිමත් කිරීමට ඉවහල් වන බවද ඔහු පවසයි.

මෙම විද්‍යාගාරය නවීන පහසුකම් වලින් සමන්විත වුවකි.

එම අවස්ථාවේදී අදහස් දක්වමින් මහාචාර්ය ලලිත් ගමගේ මහතා සඳහන් කළේ තොරතුරු තාක්ෂණය සමාජයට විවර විය යුතු බවත්, හා ඒ මගින් සමාජයට වඩා ඵලදායී සේවයක් ලබාදියයුතු බවයි. ” SLIIT ආරම්භ කරනු ලැබුවේ මීට වසර 20 කට පෙර අධ්‍යාපන අංශයට තොරතුරු තාක්‍ෂණය හඳුන්වා දීමේ අරමුණින්. ඒ අරමුණ අපි ජයගෙන තිබෙනවා. ජනාධිපතිවරයාගේද බලාපොරොත්තුව මේ තොරතුරු තාක්ෂණය හරහා රටේ ජනතාවට අවශ්‍ය පහසුකම් හා සේවාවන් ලබාදීමට. ඒ වෙනුවෙන් අප වැඩසටහන් ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඩිජිටල් ඩිජිටල් ආර්ථිකයක් පිළිබඳ දැක්ම තවදුරටත් වර්ධනය කිරීම සඳහා තොරතුරු තාක්ෂණ කුසලතා සහ දැනුම අත්‍යවශ්‍ය අංගයක්.”

දැනුමෙන් පිරි ආර්ථිකයක් තුළ දරුවන් දිරිමත් කිරීමට කඩුවෙල මහා නගර සභාව සමඟ ඒකාබද්ධව පරිගණක පාඨමාලා සැලසුම් කිරීම හා පැවැත්වීම SLIIT ආයතනයේ අරමුණයි. එම පාඨමාලා සාර්ථකව නිම කරනු ලබන සිසුන් හට කිසිදු මුදලක් අය නොකර SLIIT ආයතනය සහ කඩුවෙල මහ නගර සභාව විසින් නිකුත් කරන ලද වටිනා සහතිකයක් ප්‍රදානය කෙරේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව