SLIIT ‘ROBOFEST 2021’ තරඟාවලිය විවිධ දක්ෂතා ඇති දරු දැරියන්ගේ නවෝත්පාදනයන් සහ රොබෝ තාක්ෂණයේ අනාගතය ප්‍රදර්ශනය කරමින් සාර්ථකව අවසන් විය.

Image 1 (1) (1)

 




 

 

පාසල් සහ විශ්ව විද්‍යාලවල තරුණ ඉංජිනේරුවන් සඳහා SLIIT වාර්ෂිකව පවත්වනු ලබන වාර්ෂික රොබෝ තරඟාවලිය, විවිධ දක්ෂතා ඇති දරු දැරියන්ගේ නවෝත්පාදන සහ රොබෝ තාක්ෂණයේ අනාගතය ප්‍රදර්ශනය කරමින් පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත්විය.

SLIIT හි ඉංජිනේරු පීඨය විසින් 11වන වරට සංවිධානය කරන ලද මෙම තරඟාවලියේදී විශ්ව විද්‍යාල අංශය යටතේ තරඟ කළ මොරටුව විශ්ව විද්‍යාලය නියෝජනය කරනු ලැබූ Newwera කණ්ඩායම ජයග්‍රහණය කරමින් රුපියල් 50,000 ක ත්‍යාග මුදලක් හිමිකර ගනු ලැබීය. පළමු අනු ශූරතාවය ලෙස රුපියල් 30,000ක මුදල් ත්‍යාගයද මොරටුව විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් පැමිණි Circuit Breakers කණ්ඩායම දිනාගත් අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ Cyber Clan කණ්ඩායමට 2 වන අනුශූරතාව දිනාගනිමින්  රුපියල් 20,000 ක මුදලක් හිමිකර ගැනිණි. සැනසිලි ත්‍යාගය මොරටුව විශ්වවිද්‍යාලයේ Aura කණ්ඩායමට හිමිවිය.

පාසල් අංශයේ ශූරතාව මාතර රාහුල විද්‍යාලය නියෝජනය කළ Atom කණ්ඩායමට හිමි වූ අතර ඔවුන්ට රුපියල් 30,000 ක් මුදලක් පිරිනැමීය. 1 වන අනුශූරතාවය වෙනුවෙන් එළිසබත් මෝයර් පාසල නියෝජනය කළ Moir Robotics Junior රුපියල් 20,000 ක ත්‍යාගයක් ලැබූ අතර, 2 වන අනුශූරතාව සම සමව මහනුවර ධර්මරාජ විද්‍යාලයේ RAJANS#TRONICS කණ්ඩායම සහ එළිසබත් මෝයර් කනිෂ්ඨ විද්‍යාලය නියෝජනය කළ Elizabeth Moir Juni Robotics කණ්ඩායම දිනා ගත්තේය. එම කණ්ඩායම් දෙකටම රුපියල් 15,000 බැගින් හිමි වූ අතර පාසල් අංශයේ සැනසිලි ත්‍යාගය වූ රුපියල් 3,000ක මුදල හාට්ලි විද්‍යාලය නියෝජනය කරනු ලැබූ Team Universe වෙත පිරිනමන ලදී.

මෙම වසරේ පැවති තරඟය පිළිබඳව අදහස් දක්වමින් ඉංජිනේරු විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඇන්ටන් හෙට්ටිආරච්චි මහතා මෙසේ පැවසුවේය. ”SLIIT හි ROBOFEST වසර ගණනාවක් පුරා ජනප්‍රියත්වයට පත්වෙමින් පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන් අතර වාර්ෂික පැවැත්වෙන රොබෝ තරඟාවලියක් බවට පත්වීම පිළිබඳව අපි අතිශයින් ආඩම්භරයට පත්වනවා. මෙම තරඟය තරුණ, විද්‍යාව හා තාක්‍ෂණය කෙරෙහි ආශාව ඇති ඉංජිනේරුවන් වීමට බලාපොරොත්තුවෙන් සිටින සහ ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සඳහා හොඳ වේදිකාවක් වනවා.

ROBOFEST 2021 ඔවුන්ගේ නිර්මාණාත්මක දැක්ම පුළුල් කිරීමට සහ යම් දිනක සැබෑ ලෝකයේ යෙදවුම් බවට පත්කිරීමට හැකි විසඳුම් සංවර්ධනය කිරීමට ඔවුන්ට උපකාර කර ඇත.”

ROBOFEST 2021 සඳහා ලියාපදිංචිය අවසන් වන විට විශ්වවිද්‍යාල කාණ්ඩය යටතේ කණ්ඩායම් 37ක් විශ්වවිද්‍යාල 13කින් ලියාපදිංචි වී තිබුණි. පාසල් කාණ්ඩය යටතේ පාසල් 29ක් නියෝජනය කරමින් කණ්ඩායම් 44ක් අයදුම් කර තිබුණි. තවද විශ්වවිද්‍යාල කුසලතාවයන් ප්‍රදර්ශනය කරමින් මොරටුව, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර සහ SLIIT යන විශ්වවිද්‍යාල හතරකින් කණ්ඩායම් 18ක් පළමු වටය සාක්ෂාත් කර ගත් අතර ඉන් අවසන් වටයට මොරටුව, පේරාදෙණිය, සහ SLIIT යන විශ්වවිද්‍යාල වලින් කණ්ඩායම් 8 ක් තෝරා ගන්නා ලදී. මීට අමතරව, පාසල් කාණ්ඩය යටතේ පළමු වටය සම්පූර්ණ කළ පාසල් 15 කින් කණ්ඩායම් 18 ක් සිටියහ.

සමස්තයක් වශයෙන්, ROBOFEST 2021 ට ශිෂ්‍ය ලියාපදිංචි කිරීම් 400 කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබුණි. ඉන් 180 කට අධික ප්‍රමාණයකට පළමු වටයට පිවිසීමට හැකියාව හිමිවූ අතර අවසන් මහා තරඟය සඳහා සිසුන් 60 ක් පමණ සහභාගී වූහ.

 

 

 




Follow Us


පුවත් පත්‍රිකාව