SLIIT හි ‘𝐎𝐩𝐞𝐧 𝐃𝐚𝐲 2024’ බඳවා ගැනීම් සාර්ථකව නිමාවට පත්වේ

1718608532567 (LBN)

SLIIT ‘𝐎𝐩𝐞𝐧 𝐃𝐚𝐲 2024‘ වැඩසටහන මාලබේ පිහිටි SLIIT විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ජුනි මස 15 වන දින සාර්ථකව නිමාවට පත් විය. SLIIT හි කථිකාචාර්යවරුන්ට සහ එහි නියෝජිතයින්ට සිසුන් සමගින් සමීප අන්තර් සබඳතාවයන් ගොඩනගා ගැනීමට මේ හරහා සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය විය.

 



 

මේ සඳහා උනන්දුවක් දක්වන අයදුම්කරුවන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් අනුමත කර ඇති SLIIT හි උපාධි පාඨමාලා පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගනිමින් ඔවුන්ගේ අනාගත වෘත්තීය අවස්ථා වැඩිදියුණු කර ගැනීම සඳහා සහයක් ලැබිණි. මෙම උපාධි පාඨමාලා වඩාත් සැලකිලිමත් අයුරින් යාවත්කාලීන කර දේශීය හා ගෝලීය වශයෙන් පිළිගත් ආයතනවල ක්ෂේත්‍රයන්ට අදාළ විශේෂඥයින් සහ විද්වතුන් සමඟ කතිකා කර ගනිමින් වර්තමාන කර්මාන්ත අවශ්‍යතාවයන් ඉටුකිරීම සඳහා මනාව සැලසුම් කර තිබේ.

මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා සහභාගී වූ සැමට SLIIT සිය හෘදයාංගම ස්තූතිය පුද කර සිටියි. ඉගෙනීමට සහ වර්ධනය වීමට SLIIT සිසුන් දක්වන උනන්දුව පිළිබඳව SLIIT ඉතාමත් ආඩම්බරයට පත් වන අතර සිය කථිකාචාර්යවරුන්ගේ කැපවීම සහ ඔවුන් සතු විශේෂඥතාවය පිළිබඳව SLIIT වඩාත් අගය කොට සලකයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව