SLIIT, රටේ පාසල් දරුවන් ‘Soft Skills+ 2021’න් පෝෂණය කරයි

Prof (1)

 




 

 

SLIIT ව්‍යාපාරික පාසල (SBS) විසින් සංවිධානය කරන ලද ‘Soft Skills+ 2021’ වැඩසටහන තුළින් ඉතා සාර්ථකව නිගමනය කරන ලද්දේ පුද්ගල සංවර්ධනය හා වෘත්තීය දියුණුව සඳහා සිසුන්ගේ හැකියාවන් ගොඩනඟා ගැනීමට අවශ්‍ය ක්‍රමෝපායන් ඔවුන්වෙත හඳුන්වාදීමය.

SLIIT  ‘Soft Skills+ ‘ උත්සවය SLIIT ව්‍යාපාරික පාසල විසින් වාර්ෂිකව කරනු ලබන ප්‍රධාන සමාජ වගකීම් ව්‍යාපෘතියක් වේ. ද්විතීයික පාසල් සිසුන්ගේ ධනාත්මක චින්තනය, නිර්මාණශීලිත්වය, විශ්ලේෂණාත්මක චින්තනය, නායකත්ව කුසලතා, ගැටළු විසඳීමේ කුසලතා, සන්නිවේදන කුසලතා සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් ආදී කුසලතා හා හැකියාවන් වර්ධනය කිරීමේ මූලික අරමුණ ඇතිව මෙය සංවිධානය කර ඇත.

මෙම වැඩසටහන පාසල් සහ ආරාධිතයින් අතර විශාල ජනප්‍රියත්වයක් ලබා ඇත. මිට පෙර වසරවල පැවති වැඩසටහන් වලද අතිවිශිෂ්ට සාර්ථකත්වය හේතුවෙන් ‘Soft Skills+ 2021’ ඉහළ ගුණාත්මක මට්ටමකට පැමිණ තිබීම විශේෂත්වයකි. මෙම වැඩසටහන ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔන්ලයින් ක්‍රමය හරහා පවත්වන ලද අතර එයට දරුවන්ගේ සියුම් හැකියාවන් පදනම් කරගත් ප්‍රශ්ණ සහ සිසුන් සහ ගුරුවරුන් සඳහා වැඩමුළුවක්ද ඇතුළත් විය.

මේ වැඩසටහනට අදාළ අවසන් මහා තරගාවලියේදී SLIIT ව්‍යාපාරික පාසලේ පීඨාධිපති මහාචාර්ය සමන්ත තෙලිජ්ජගොඩ මහතා සහභාගී වූවන් සහ සම්භාවනීය අමුත්තන් පිළිගත්තේය. SLIIT ආයතනයේ උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය. යුනිලීවර් PLC හි ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකාරිණී මුනාසා රෆීක් , SLIIT ව්‍යාපාරික පාසලේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය නිෂා ජයසූරිය යන මහත්ම මහත්මීහුද පැමිණ සිටියහ.

SLIIT ව්‍යාපාරික පාසලේ පීඨාධිපති මහාචාර්ය සමන්ත තෙලිජ්ජගොඩ මහතා එම උත්සවයේදී මෙසේ අදහස් පැවසීය. ” ‘Soft Skills+ 2021’ සාර්ථකව  අවසන් කිරීමට ලැබීම ගැන අපි ඉමහත් සතුටට පත්වෙනවා. අභියෝගවලට මුහුණදෙමින් තරඟකාරීව ගැටළු විසඳමින් හෝ නව අදහසක් ප්‍රකාශ කිරීම තුළින්  ලබාදෙන තම තමන්ගේ සහයෝගය අවසානයේ කණ්ඩායම් දිරිගන්වන්නට සමත් වෙනවා. කණ්ඩායම් හැඟීම කියන්නේ අපි කාටත් අවශ්‍ය දෙයක්. වෙනස් වූ හැකියාවන්ගෙන් පිරුණු ශක්තීන් සහ අදහස් ඇති පිරිස් එකට එකතු කිරීම තුළ ජයග්‍රහි මානසිකත්ව ඇති කණ්ඩායම් අනෙක් පිරිස් වෙත අභියෝග කරනවා. එපමණක් නොව, මෙවැනි වැඩසටහන් මඟින් දක්ෂතා දක්වන දරුවන් අනාගතයේ ලෝකය ප්‍රතිනිර්මාණය කිරීමට හේතුවන අතර එවැනි සිසු පිරිසකට අත්‍යවශ්‍ය කුසලතා හා හැකියාවන් තව තවත් ඔප්නංවා ලීමට මෙවැනි වැඩසටහන් අවස්ථාව ලබා  දේනවා”.

මෙම තරගාවලිය වට තුනකින් සමන්විත වූ අතර අවසන් මහා තරඟයේ ජයග්‍රාහකයින්ට ඔවුන්ගේ සම්මාන පිරිනමන ලදී. පළමු ස්ථානය බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය දිනාගත් අතර දෙවන සහා තුන්වන ස්ථාන පිළිවෙලින් කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය සහ මියුසියස් විද්‍යාලය දිනාගත්තේය.

ජනප්‍රිය පාසල් කාණ්ඩයේ ජයග්‍රාහකයන් ලෙස පළමු ස්ථානය කුරුණෑගල මාලියාදේව බාලිකා විද්‍යාලය දෙවන ස්ථානය ගම්පහ යසෝදාර දේවි බාලිකා මහා විද්‍යාලය, සහ තෙවන ස්ථානය කුරුණෑගල මාලියදේව පිරිමි විද්‍යාලය දිනාගත්තේය.

මෙහි තරඟ ප්‍රශ්න විචාරාත්මක සහ නිර්මාණාත්මක වීඩියෝ ක්‍රියාකාරකම් මත පදනම්ව ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබූ අතර, ජයග්‍රාහකයන්ට සහතිකපත් ප්‍රදානය කරන ලදී. මේ දිනවල සිසුන්ට අවශ්‍ය දුරස්ථ ඉගෙනීම් රටාව සඳහා ප්‍රයෝජනවත් වන ලැප්ටොප්, ටැබ් සහ පෙන් ඩ්‍රයිව් ඇතුළු ආකර්ෂණීය ත්‍යාගද  පිරිනමන ලදී. අවසන් මහා තරගයට පෙර සහභාගිවූවන් සඳහා වැදගත් කුසලතා ඇතුළත් වටිනා වැඩමුළු සහ සැසි කිහිපයක් පවත්වනු ලැබිය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව