SLIIT රටේ සෞඛ්‍ය පද්ධතියට සහාය වීමේ අරමුණින් වෘත්තීය හෙදියන් බිහි කිරීම සඳහා වත්තල හේමාස් රෝහල සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.

Hemas & Sliit

 




 

රටේ වැඩි වෙමින් ඇති සෞඛ්‍ය අවශ්‍යතාවලට සහාය වීම පිණිස දක්ෂ සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ සංචිතයක් නිර්මාණය කරමින්, උපාධි අපේක්ෂක හෙදියන්ගේ සායනික පුහුණු ක්‍රියාවලියට පහසුකම් සැලසීම සඳහා SLIIT විසින් හේමාස් රෝහල් සමුහයේ ප්‍රමුඛතම රෝහල වන වත්තල හේමාස් රෝහල සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ලැබීය.

2008 වසරේ දී ස්ථාපිත කළ හේමාස් රෝහල් සමූහය ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම විවිධ වර්ගීකරණ යටතේ සෞඛ්‍ය සේවා සපයන රෝහලක් වන අතර එය ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ප්‍රමිති පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලයේ (ACSHI) බලයලත්, සෞඛ්‍ය සේවයේ උසස්ම ප්‍රමිතිය තහවුරු කළ රෝහලක් ලෙස හඳුනාගෙන ඇත.

සිසුන් අධ්‍යාපනිකව හා වෘත්තීය වශයෙන් හොඳින් ශක්තිමත් කිරීම සහතික කිරීම වෙනුවෙන් SLIIT ආයතනය සහ වත්තල හේමාස් රෝහල අතර ඇති හවුල්කාරීත්වයේ දැක්ම සහ අරමුණු එකිනෙකට සමාන වනු ඇත. කාර්මික සබඳතා වර්ධනය කර ගැනීමේ ප්‍රමුඛයෙකු ලෙස SLIITහි කීර්තිය සහ සිය හෙද වැඩසටහන්වල වටිනාකමින් ප්‍රමුඛ සෞඛ්‍ය සේවා සපයන්නකු බවට වන පිළිගැනීම මෙම අවබෝධතා ගිවිසුමෙන් අවධාරණය කරයි.

SLIIT හෙද පාසල, මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨ හෙද පාසලේ (FHS) කොටස්කරුවකු වේ. එය පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා තෘතියික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) ලියාපදිංචි වී තිබෙන අතර උසස් ඩිප්ලෝමා හෙද වැඩසටහන සහ BSc. (ගෞරව) හෙද (ජාත්‍යන්තර) වැඩසටහන වැනි හෙද වැඩසටහන්ද ඉදිරිපත් කරනු ලබයි.

SLIIT උසස් හෙද ඩිප්ලෝමාව හෙද සේවය (ගෞරව) උපාධිය B.Sc (ජාත්‍යන්තර) උපාධිය වෙත යොමු කෙරෙන වෘත්තීමය වශයෙන් පිළිගත් සහ ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් පිළිබඳව සහතිකයක් පිරිනමන, වසර තුනක වැඩසටහනක් වන අතර එහිදී සිසුන් රෝහල් පද්ධතිය තුළ අධීක්ෂණ සායනික පුහුණුව සම්පූර්ණ කරයි.

ප්‍රධාන වශයෙන් දැනටමත් වසර තුනක හෙද ඩිප්ලෝමාවට සම්බන්ධ වූ, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ (SLMC) හෝ ශ්‍රී ලංකා හෙද සභාවේ (SLNC) ලියාපදිංචි වී වෘත්තීය අවස්ථා සොයන රාජ්‍ය අංශයේ සේවය කරන හෙදියන් සඳහා ද මාස 16ක උසස් ඉගෙනුම් අවස්ථාවක් ලෙස නිර්මාණය කළ B.Sc (ගෞරව) හෙද (ජාත්‍යන්තර) වැඩසටහන එක්සත් රාජධානියේ ලිවර්පූල් ජෝන් මුවර්ස් විශ්ව විද්‍යාලය විසින් පිරිනමනු ලැබේ. මෙය අතිරේක න්‍යාය සහ ප්‍රායෝගික දැනුම ආවරණය කෙරෙන ජාත්‍යන්තරව පිළිගත් පුහුණු වැඩසටහනක් වේ.

ජාත්‍යන්තර රැකියා වෙළඳපොළේ අවස්ථා සඳහා 2022 වසරේ ජනවාරි මාසය තුළදී  සිය හෙද පාසල හරහා වසරක NVQ L4 සත්කාරක වැඩසටහනක් ආරම්භ කිරීමට SLIIT මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨය සැලසුම් කරමින් ඇත.

මෙම සත්කාරක වැඩසටහන තෘතියික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) ප්‍රමිතීන්ට අනුකූල වන අතර NVQ L4 පිළිගැනීම සඳහා එම කොමිෂන් සභාවේ (TVEC)  සමාලෝචනය කිරීමේ ක්‍රියාවලියක පවතී. එමඟින් සිසුන්ට සෞඛ්‍ය අංශයේ ප්‍රායෝගික අත්දැකීමක් ලබා ගැනීම සහතික කරමින් මාස හයක් සඳහා රැකියා පුහුණුව (OJT) ලබා දෙනු ඇත.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව