Sinopec සිය බෙදා හැරීමේ නියෝජිතයින් වෙනුවෙන් පැවති සමාරම්භක උත්සවයේ දී ශ්‍රී ලංකාව තුළ ඉන්ධන සැපයුම ශක්තිමත් කරන බව අවධාරණය කරයි

Image 02 (LBN)

 



 

 

Sinopec විසින් ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළ වෙත සිය නිල ප්‍රවේශය 2023 සැප්තැම්බර් 25 වන දින කොළඹ දී දේශීය බෙදා හැරීමේ නියෝජිතයින් වෙනුවෙන් පැවති උත්සවයක දී නිවේදනය කරනු ලැබිණි.  මෙම සුවිශේෂී අවස්ථාවේ දී ම Sinopec වෙතින් ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම ද සනිටුහන් විය.  මෙහි දී  Sinopec විසින් ශ්‍රී ලංකාව වෙත උපරිම ප්‍රතිලාභ ලැබෙන අයුරින් ක්‍රියාත්මක වන බවටත්, ස්ථාවර මෙන් ම අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ස්ථාපනය කරන බවටත්, තත්ත්වයෙන් උසස් තෙල් නිෂ්පාදන සපයන බවටත්, සිය බෙදා හැරීමේ නියෝජිතයින් සමඟ එක් ව මෙරට ආර්ථික සංවර්ධනය හා බලශක්ති ස්ථාවරත්වය වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබා දෙන බවටත්  අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ අත්සන් කෙරුණු ගිවිසුම ප්‍රකාර ව, මෙරට ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් 150 ක් වෙත ඉන්ධන සැපයීමේ බලය  Sinopec සමාගමට හිමි වන අතර, ඊට අමතරව පිරවුම්හල් 50 ක් සඳහා ආයෝජනය කිරීම වෙනුවෙන් වසර 20ක බලපත්‍රයක් ද එම සමාගමට හිමි වී ඇත. එමෙන් ම ශ්‍රී ලාංකික ජනතාව සවි බල ගැන්වීම වෙනුවෙන් දේශීය බෙදාහැරීමේ ක්‍රියාවලිය, ගබඩා පහසුකම් සහ  ඉන්ධන අලෙවි කිරීමේ සමස්ත ක්‍රියාවලිය අඛණ්ඩ ව වැඩිදියුණු කිරීම Sinopec සමාගමේ අරමුණයි.

වාර්ෂික නිෂ්පාදන ධාරිතාව ටොන් මිලියන 250 ඉක්මවන, ලොව විශාලතම ඉන්ධන පිරිපහදු සමාගම ලෙස කීර්තිමත් Sinopec, තමා සතු සම්පත් හා ගෝලීය සබඳතා උපයෝගී කරගනිමින්, මෙරට පාරිභෝගිකයින්ගේ ඉන්ධන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් අඛණ්ඩව කැප වෙයි. ස්ථාවර මෙන් ම තත්ත්වයෙන් උසස්  ඉන්ධන සැපයුමක් ලබා දීම හරහා මෙරට සංචාරක කර්මාන්තය ඇතුළු ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍ර ශක්තිමත් කිරීමට ද   Sinopec සමාගම බලාපොරොත්තු වන බව පැවසිය යුතු ම ය.

ලොව පුරා ක්‍රියාත්මක, අති නවීන සේවා පහසුකම් සහිත Sinopec සමාගමට ම අයත් ඉන්ධන පිරවුම්හල් ඉදිරියේ දී මෙරටට හඳුන්වා දීමට නියමිත අතර,  ආරක්ෂිත මෙන් ම කාර්‍යක්ෂම ඉන්ධන සැපයුමක් නිර්මාණය කිරීම වෙනුවෙන් අති නවීන උපකරණ හා පහසුකම් හඳුන්වා දීම, සිංහල , දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ම පාරිභෝගික සේවා ලබා දීම, පිරවුම්හල්වල සේවා තත්ත්වය වැඩිදියුණු කිරීම සහ පාරිභෝගික සේවා අත්දැකීම් ප්‍රශස්ත කිරීම Sinopec සමාගමේ අනාගත අරමුණු අතර වේ.

සැමට සමාන ව සේවා සැලසීමේ අභිප්‍රාය පෙරෙදැරි කර ගනිමින් ක්‍රියාත්මක වන Sinopec සමාගම සිය දේශීය අලෙවි නියෝජිතයින් ශක්තිමත් කරමින්, ලබා දෙන සේවාවන් ප්‍රශස්ත කිරීම සඳහා ඔවුන් වෙත  සහයෝගය ලබා දීමට කටයුතු කරන අතර, අලෙවි නියෝජිතයින් සහ සිය කාර්ය මණ්ඩලය අතර  අන්‍යෝන්‍ය බැඳීම වර්ධනය කිරීම ද එම සමාගමේ ප්‍රධාන අරමුණකි.

Sinopec සමාගම ඒ ඒ කාල් වකවානුවට ගැළපෙන නවතම සේවා සහ විසඳුම් මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමට කටයුතු කරමින්,  ශ්‍රී ලාංකික ජනතාව වෙත පුළුල් පරාසයක විහිදුණු  ප්‍රතිලාභ රැසක් ලබා දීමට කටයුතු කරන අතර, මෙරට බලශක්ති කර්මාන්තය සහ ජාතික ආර්ථිකය නංවාලීම වෙනුවෙන් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කිරීමට අපේක්ෂා කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව