සෙලාන් බැංකුව උතුරු මැද පළාත කේන්ද්‍ර කරගනිමින් තවත් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සංවර්ධන වැඩසටහනක් දියත් කරයි

Image

සෙලාන් බැංකුව උතුරු මැද පළාතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් සංවිධානය කරන ලද දෙවැනි වැඩසටහන පසුගියදා පොළොන්නරුව මහනුග හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමියන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සහ ඔවුන්ට තම ව්‍යාපාර හොඳින් කළමනාකරණය කරගැනීමට සහ වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම හා පුහුණුව ලබාදීම මෙම වැඩසටහන් මාලාවේ මූලික අරමුණ වී තිබේ.



සෙලාන් බැංකුව විසින් මෙහෙයවන ලද මෙම එක් දින වැඩසටහන කලාපයේ ව්‍යාපාරවලට අනන්‍ය වූ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් සැලසුම් කර තිබිණි. මෙහිදී පැවැත්වුණු මූල්‍ය හා බදු කළමනාකරණය පිළිබඳ සම්මන්ත්‍රණයේදී ව්‍යාපාර මූල්‍ය කළමනාකරණය, අනුකූලතාව සහ තිරසාර වර්ධනය සම්බන්ධයෙන් මූලික වශයෙන් අවධානය යොමු විය. එමෙන්ම තමන්ට අදාළ වන තත්ත්වයන් යටතේ තම ව්‍යාපාර දියුණු කරගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ව්‍යවසායකයන් දැනුවත් කිරීමද මෙහිදී සිදුකරන ලදී.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) පිළිබඳ ආසිරි අභයරත්න මහතා මෙසේ පැවසීය. “සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සහ පළාත් මට්ටමින් ව්‍යාපාර දියුණු කිරීම සඳහා ප්‍රමාණවත් මූල්‍ය දැනුමක් සහිත ව්‍යවසායකයන් නිර්මාණය කිරීම අතිශයින් වැදගත්. සුහද හදක් ඇති දේශීය බැංකුව වශයෙන් අප රට පුරා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට වැදගත් වන දැනුම හා පුහුණුව ලබාදීම සඳහා මෙවැනි වැඩසටහන් ඉදිරියටත් ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වනවා.”

සෙලාන් බැංකුව දැනටමත් රට පුරා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් මෙබඳු වැඩසටහන් රාශියක් පවත්වා තිබේ. රට තුළ සැබෑ පරිවර්තනයක් සිදුකරමින් ජනතාව සවිබල ගැන්වීමට කැප වී සිටින බැංකුවක් වශයෙන් සෙලාන් බැංකුව සිදුකරන මෙම මෙහෙවර ඔස්සේ ලැබෙන දැනුම, මඟපෙන්වීම සහ මූල්‍ය සේවාවන්, මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමියන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීම සඳහා සුවිශාල පිටිවහලක් වී ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව