SBS.com Office Solutions Pvt Ltd වසරේ විශිෂ්ටම තොරතුරු තාක්ෂණ හා විදුලි සංදේශ සේවා හා උපාංග සැපයුම්කරු ලෙස Iconic සම්මාන දිනයි

SBS.com Office Solutions

ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ සහ විදුලි සංදේශ සේවා හා උපාංග සපයන්නෙකු වන SBS.com Office Solutions පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සහ කාර්යක්ෂමම තොරතුරු තාක්ෂණ හා විදුලි සංදේශ සේවා හා උපාංග සැපයුම්කරු ලෙස සම්මාන දිනා ගත්තේය. සම්මාන උළෙල BMICHහිදී පැවැත්වුණු අතර සමාගමේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2009දී ඇරඹූ එම සමාගම කෙටි කාලයකින් බහුජාතික සමාගම්වල සිට කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර දක්වා විහිදුණු පාරිභෝගිකයන් රැසකට පෞද්ගලික ස්වයංක්‍රීය ශාඛා හුවමාරු (PABX) සහ තොරතුරු තාක්ෂණ විසඳුම් සපයන ප්‍රධාන පෙළේ සමාගමක් බවට පත් වී ඇත. වසර 16කට වැඩි පළපුරුද්ද සහිත සහතික ලත් ඉංජිනේරුවකු වන ගුණසේකර මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන එම සමාගම මාලදිවයිනටද සේවා හා උපාංග සපයයි.

 



 

SBS.com Office Solutions Pvt Ltd (www.sbssrilanka.com) පිරිනමන සේවා හා උපාංග අතර PABX පද්ධති, ආරක්ෂක පද්ධති, මෘදුකාංග විසඳුම්, ඇඟිලි සලකුණු යන්ත්‍ර, වෙබ් යෙදවුම් සංවර්ධනය, වෙබ් අඩවි සැළසුම් කිරීම, ජංගම දුරකථන යෙදවුම් සංවර්ධනය සහ උපදේශනය ආදිය ප්‍රධාන වේ. දත්තවල සහ අදාළ ක්‍රියාවලිවල රහස්‍යභාවය සහතික කරන එම සමාගම සෑම විටම පාරිභෝගිකයන්ගේ තොරතුරු සුරක්ෂිත කරයි. රට පුරා විහිදී ඇති ශාඛා ජාලයක් සහ අත්දැකීම් සපිරි ඉංජිනේරුවන් 50ක පමණ කාර්ය මණ්ඩලයක් සහිත එම සමාගම පාරිභෝගිකයන් 2,000කට වැඩි පිරිසකට සේවා සපයයි. රාජ්‍ය හා පෞද්ගලික බැංකු, රෝහල්, හෝටල් සහ රාජ්‍ය ආයතන රැසක් ඒ අතර වේ. එම සමාගමේ දුරකථන සේවා පැය 24 පුරා ක්‍රියාත්මක නිසා ඕනෑම වේලාවක ඔවුන්ව සම්බන්ධ කර ගැනීමට පාරිභෝගිකයන්ට හැකිය. පාරිභෝගික තෘප්තිය ඇගැයීම සඳහා මාසිකව පාරිභෝගිකයන්ගෙන් අදහස් සහ යෝජනා ගන්නා එම සමාගම ඕනෑම මිල දී ගැනීමක් සඳහා පළමු වසරේදී සේවා තුනක් සපයයි. හදිසි බිඳ වැටීම් සහ තාවකාලික විසඳුම් අවශ්‍යතා සඳහා අවශ්‍ය උපාංග අතිරික්තයක් සෑම විටම තමන් සතුව තබා ගන්නා එම සමාගම පාරිභෝගික පරිශ්‍රවල පාරිසරික ගුණාත්මක බව තහවුරු කිරීම සඳහා මාසික වාර්තා සකස් කරයි. එම සමාගම විවිධ සමාජ සුබසාධන වැඩසටහන්වලටද නිරන්තරයෙන් දායක වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව