සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් කන්තලේ සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල සිය සේවා ජාලය ශක්තිමත් කරයි

WhatsApp Image 2026-10-15 at 3.59.00 PM

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය සේවා ආයතනයක් වන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී (Sarvodaya Development Finance PLC – SDF), සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් කන්තලේ නගරයේ නව ශාඛාවක් විවෘත කිරීමට සහ දෙහිඅත්තකණ්ඩිය ශාඛාව වඩාත් පහසු නව ස්ථානයකට ගෙන යාමට පසුගියදා කටයුතු කළේය. දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාවට මූල්‍ය සේවා සඳහා ඇති ප්‍රවේශය පුළුල් කිරීම සහ පාරිභෝගික පහසුව ඉහළ නැංවීම වෙනුවෙන් ආයතනය ගෙන යන වැඩපිළිවෙළෙහි තවත් වැදගත් පියවරක් ලෙස මෙම ශාඛා සංවර්ධන කටයුතු හැඳින්විය හැකිය.




ඒ අනුව, සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් හි නව කන්තලේ ශාඛාව 2026 ඔක්තෝබර් මස 15 වැනිදා පෙරවරු 10.30ට, අංක 88/1/A, ප්‍රධාන වීදිය, කන්තලේ යන ලිපිනයේදී නිල වශයෙන් විවෘත කෙරිණි. ආයතනයේ සභාපතිවරයා / අධ්‍යක්ෂකවරු, ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ කළමනාකාරීත්වයේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් මෙම විවෘත කිරීම සිදු විය. කන්තලේ සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවට සිය මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වඩාත් පහසු ප්‍රවේශයක් ලබාදීම මෙම නව ශාඛාව ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණයි.

මේ අතර, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පාරිභෝගිකයින් වෙත වඩාත් පහසු සහ කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින්, එම ශාඛාව ද 2026 ඔක්තෝබර් මස 14 වැනිදා පෙරවරු 10.00 සිට නව ස්ථානයක සිය මෙහෙයුම් ආරම්භ කළේය. මීට පෙර අංක 62/1E, නව නගරය, දෙහිඅත්තකණ්ඩිය යන ලිපිනයේ පිහිටා තිබූ ශාඛාව, අංක 29/G, නව නගරය, දෙහිඅත්තකණ්ඩිය යන ලිපිනය වෙත ගෙන ගොස් ඇත. මෙම ස්ථාන මාරුව මගින් ප්‍රදේශයේ පාරිභෝගිකයින්ට ආයතනයේ මූල්‍ය සේවා වඩාත් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සැලසීම අපේක්ෂා කෙරේ.

මෙම ශාඛා සංවර්ධන කටයුතු තුළින් කන්තලේ සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල ගොවි ජනතාව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, දේශීය ව්‍යාපාරිකයින් මෙන්ම අනෙකුත් පාරිභෝගිකයින්ගේ මූල්‍ය අවශ්‍යතා සඳහා වඩාත් සමීප සේවාවක් සැපයීමට සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් අපේක්ෂා කරයි. විශේෂයෙන් ප්‍රාදේශීය ආර්ථික ක්‍රියාකාරකම්වල නිරත ජනතාවට විධිමත් මූල්‍ය සේවා වෙත ප්‍රවේශ වීමේ පහසුකම් වැඩිදියුණු කිරීම, ඔවුන්ගේ ආර්ථික කටයුතු සඳහා වැදගත් සහායක් වනු ඇත.

පාරිභෝගික අවශ්‍යතා හඳුනාගනිමින්, ඔවුන්ට වඩාත් සමීප සහ විශ්වාසනීය මූල්‍ය සේවාවක් සැපයීම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් හි අවධානයට ලක් වී තිබේ. ඒ අනුව, නව ශාඛා ස්ථාපිත කිරීම මෙන්ම පවතින ශාඛාවල සේවා ප්‍රවේශය වැඩිදියුණු කිරීම හරහා ප්‍රාදේශීය ජනතාවගේ මූල්‍ය අවශ්‍යතාවලට වඩාත් ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට ආයතනය කටයුතු කරමින් සිටී.

කන්තලේ නව ශාඛාව විවෘත කිරීම සහ දෙහිඅත්තකණ්ඩිය ශාඛාව නව ස්ථානයකට ගෙන යාම තුළින් පාරිභෝගික කේන්ද්‍රීය සේවා සැපයීම, මූල්‍ය අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ ආර්ථික අවශ්‍යතා සඳහා අඛණ්ඩව සහාය වීම වෙනුවෙන් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් දක්වන කැපවීම තවදුරටත් පිළිබිඹු වේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − fifteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව