SAMSUNG සිය නවතම ‘Why Galaxy’ ප‍්‍රවර්ධනය සමඟින් ස්මාර්ට්ෆෝන් නිෂ්පාදනයන් හි ‘විවෘතභාවය’ පිළිබඳ නව ක්ෂේත‍්‍රයට පිවිසෙයි

Why_Galaxy_Hero_MO

 




 

 

මිනිසුන් සහ උපාංග එකිනෙක සම්බන්ධ කරන නවතම ගැලැක්සි Z කාණ්ඩය සමඟ ශක්තිමත්ව ඉදිරියට ගමන් කිරීම සඳහා නවතම ජංගම දුරකතන තාක්ෂණය යොදා ගනී

සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම, විවෘතභාවය (openness) යන නව මානයට පිවිසෙමින් මෙතෙක් පැවති අභියෝග ජය ගැනීමට සහ ලොව පුරා සිටින ස්මාර්ට්ෆෝන් පරිශීලකයින් වෙත නවතම ජංගම නවෝත්පාදනයන් ලබා දීම සඳහා නවතම සන්නාම ප‍්‍රවර්ධනය පසුගියදා ආරම්භ කළේය. ස්මාර්ට් ජංගම දුරකතන පරිශීලකයින්ට තම ස්මාර්ට් ජංගම දුරකතනයෙන් තමන්ට අවශ්‍ය දේ කිරීමට හැකි වීම, තමා කැමති ආකාරයේ පෙනුමෙන් යුක්ත වීම, තමා කැමති ආකාරයට හැසිරවීම සහ ඔවුන්ට අවශ්‍ය පරිදි ක‍්‍රියා කිරීම ආදී ලක්ෂණවලින් යුතු ජංගම දුරකතන අත්දැකීමක් ලබා දීම සඳහා සැම්සුන් විසින් මෑතකදී ‘සැම්සුන් දුරකතනයක් තෝරා ගත යුත්තේ ඇයි’ (Why Galaxy) යන නමින් Galaxyඨ්ක්ංහ සඳහා නව වෙළඳ නාම ප‍්‍රවර්ධනයක් එළිදැක්වීය.

මෙම සුවිශේෂී වෙළඳ නාම ප‍්‍රවර්ධනය මගින් පරිශීලකයින්ට මෙතෙක් කළ නොහැකිව තිබූ නවෝත්පාදනයන් සිදු කළ හැකි අකාරය සහ උපාංග, වෙළෙඳ නාම සහ පුද්ගලයින් සීමා රහිතව සම්බන්ධ කිරීම ආදී විවෘත බව මුල්කොට ගත් Galaxy උපාංග නිර්මාණය කර ඇත්තේ කෙසේද යන්න ඉස්මතු කරයි. Why Galaxy තවදුරටත් අවධාරණය කරන්නේ ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා කරන සෑම දෙනාටම එක සමානව අනෙක් සමාජීය අභියෝග බිඳ දමමින් සෑම අතින්ම ඉදිරියට යාමට හැකි වන පරිදි සැම්සුන් Galaxy උපාංග සියල්ලන්ට ම විවෘතව පවතින බවයි.

”අප සියලූ දෙනාම මෙලොව උපත ලබා ඇත්තේ විවෘතභාවයෙන් යුතුවයි. එම ගුණාංගය අප තුළ මුල්බැස ගැනීමත් සමඟ, අප  ඕනෑම දෙයකට අනුකූල වන අතර සෑම දෙයක්ම ඒවායේ සැබෑ ස්වරූපයෙන් පිළිගනු ලබනවා. අපව නිදහසේ ඉදිරියට ගෙන යනු ලබන දෙය නම් විවෘතභාවයයි. Galaxy වෙතින් සිදු වන්නේත් එවැනිම දෙයක්. එනම් නවතම නිර්මාණයන් සෑම කෙනෙකුටම ලබා ගැනීමට සහ ඒවා අත්විඳීමට සෑම කෙනෙකුටම අවස්ථාව සලසා දීමයි. ඔබ දැනටමත් ජංගම දුරකතනයේ භාවිතා කරන දේවල් සමඟ සම්බන්ධ වීමේදී Galaxy ඔබව, ඔබ කැමති පුද්ගලයින් සහ උපාංග සමඟ සම්බන්ධ කරවනවා. මෙමගින් නව ලෝකයට පිවිසීමේ දී සීමා මායිම් අඩු වන නිසා අප සැමට තව බොහෝ දුර යා හැකි වේවි. Galaxy සමඟ ජීවිතය සැබවින්ම විවෘත වන්නේ එබැවිනි.” යනුවෙන් සැම්සුන්ග් ශ්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා පැවසීය.

ඇදහිය නොහැකි වේගයෙන් වීඩියෝ නැරඹීමේ හැකියාව (streaming), gaming, බාගත කිරීම ආදිය සඳහා වැදහත් වන අතිවිශිෂ්ට processing හැකියාවකට හේතු වන Super-Fast Charging හා wireless charging, Wireless PowerShare, ඉහළ තාක්ෂණයෙන් යුත් AP සහ RAM වැනි නවතම සැම්සුන් උපාංග මඟින් ගෙන එන නව විශේෂාංග කිහිපයක් Why Galaxy තුළින් ඔබට අත්විඳිය හැකිය. මෙම නව ස්මාර්ට් උපාංග ඉතා විශාල ගබඩා කිරීමේ (Storage) හැකියාවකින් මෙන්ම තොරතුරුවල රහස්‍යහාවය සහතික කරන Samsung Knox සහිතව මෙන්ම 5G තාක්ෂණයෙන් යුක්තව හා ඉහළම මට්ටමේ විශේෂාංග සහිත කැමරාවලින් ද සමන්විත වේ. සියලූම Galaxy උපාංග ජලය, තාපය, බිම වැටීම්වලට හා දුවිලිවලට ඔරොත්තු දීම සඳහා උසස් තත්ත්වයේ ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් නිපදවා තිබීම විශේෂිතය.

සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස්, නව්‍ය වූත් ඉතා ප‍්‍රයෝජනවත් වූත් මෙම ජංගම දුරකතන තාක්ෂණය වඩා යහපත් ලොවක් ගොඩනැඟීම සඳහා එළි දැක්වීමට සූදානමින් සිටී. සමාගම විසින් අගෝස්තු 11 වන දින පැවැත්වීමට නියමිත ‘Galaxy Unpacked’ උත්සවය අතරතුරදී සිය නවතම සහ විශිෂ්ටතම Galaxy Z දුරකතන මාලාව එළිදක්වනු ඇති අතර එමඟින් ස්මාර්ට් ජංගම දුරකතන පිළිබඳ අදහස නැවත හැඩගැස්වීම සහ ඔබේ අත්දැකීම මුළුමනින්ම ප‍්‍රතිනිර්මාණය කරනු ඇත.

බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් ලංකා විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘වඩාත් ආදරණීය ඉලෙක්ට්‍රොනික වෙළෙඳ නාමය’ ලෙස සැම්සුන්ග් පිළිගැනීමට ලක් විය. මෙරට අංක 1 ස්මාර්ට් ජංගම දුරකතන වෙළෙඳ නාමය ලෙස, සෑම වයස් කාණ්ඩයක්ම නියෝජනය වන පරිදි සැම්සුන්ග් හි පාරිභෝගික පදනම පැතිර පවතී.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව