Samsung පාරිභෝගිකයින් වෙත විශිෂ්ට තත්වයේ 8K රූපරාමු සහිත චිත‍්‍රපට පූර්ණ ප‍්‍රචාරණ පට ගෙන ඒමට Warner Bros. Pictures සමඟ අත්වැල් බැඳ ගනී

WB-Partnership-PR_dl2 (LBN)

 



 

 

මෙම ගෝලීය හවුල්කාරිත්වය මගින් පාරිභෝගික වෙළඳසැල් දහස් ගණනකට අති නවීන 8K උසස් තත්වයේ රූප රාමු සහිත චිත‍්‍රපට පූර්ණ ප‍්‍රචාරණ පට ලබා දෙයි

 

අඛණ්ඩව වසර 17ක් පුරාවට ලොව ප‍්‍රමුඛ පෙළේ රූපවාහිනී නිෂ්පාදකයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්, Warner Bros. Pictures සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයට එළඹුණි. මෙම හවුල්කාරිත්වය හරහා ලොව පුරා පාරිභෝගික වෙළෙඳසැල් 65,000කට අධික සංඛ්‍යාවක නරඹන්නන් ආකර්ෂණය කරගනිමින් Neo QLED 8K රූපවාහිනී තිර මත ඉතා  ඕනෑකමින් බලා සිටි චිත‍්‍රපට පූර්ණ ප‍්‍රචාරණ පට ප‍්‍රදර්ශනය කරනු ඇත.

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් Visual Display Business හි විධායක උප සභාපති Cheolgi Kim පැවසුවේ, මෙම හවුල්කාරීත්වය 8K තාක්ෂණය සඳහා වැදගත් ඉදිරි පියවරක්. එය Neo QLED 8K රූපවාහිනීවල හැකියාවන් ඉස්මතු කරන අතර සුවිශේෂී සිනමාරූපී උසස් තත්වයේ චිත‍්‍රපට නැරඹීමට පාරිභෝගිකයින් උනන්දු කරනවා. Warner Bros. සමාගම සමඟ අත්වැල් බැඳ ගැනීමෙන් Samsung හට ඔවුන්ගේ පාරිභෝගිකයින්ගේ ප‍්‍රියතම චිත‍්‍රපට අන් කවරදාටත් වඩා උසස් තත්වයේ රූපමය අත්දැකීමක් ලබා දෙන්නේ කෙසේද යන්න ultra-premium රූපවාහිනී තාක්ෂණයෙන් පෙන්වීමට හැකියාව ලැබෙනවා.’’ යනුවෙනි.

8K තාක්ෂණය සඳහා ඇති උනන්දුව වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා, Samsung සහ Warner Bros. මෙම වසර මුලදී එක්සත් ජනපදයේ සහ යුරෝපයේ පාරිභෝගිත වෙළෙඳසැල් 450 කට වඩා වැඩි ගණනක ‘Creed III’ චිත‍්‍රපටයේ පූර්ණ ප‍්‍රචාරණ පටය තිරගත කරමින් ඔවුන්ගේ හවුල්කාරිත්වය ආරම්භ කළේය. මෙය ලොව පුරා සිටින පේ‍්‍රක්ෂකයින් අතර සැලකිය යුතු අවධානයක් සහ දැඩි ආශාවක් ඇති කිරීමට සමත් වූ අතර 8K තාක්ෂණය සඳහා ඉහළ යන ඉල්ලූම මැනවින් පෙන්නුම් කරයි. මෙම සාර්ථකත්වයෙන් පසුව Samsung සහ Warner Bros. එක්ව මෙම වැඩසටහන පුළුල් කිරීමට කටයුතු කර ඇත. දැන්,  “Blue Beetle,” Dune: Part Two,” “Wonka” සහ “Aquaman and the Lost Kingdom” වැනි ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත‍්‍රපටවල පූර්ණ ප‍්‍රචාරණ පට ඇතුළුව, ඉහළ පෙළේ අන්තර්ගතයන්වල ආකර්ෂණීය එකතුවක් සමඟින් ලොව පුරා සිටින පාරිභෝගිකයින්ට Samsung Neo QLED 8K රූපවාහිනී අත්විඳීමට අවස්ථාව ලැබෙනු ඇත.

රසවින්දනාත්මක අන්තර්ගතයන් නිර්මාණය, නිෂ්පාදනය සහ බෙදා හැරීමේ ලොව ප‍්‍රමුඛයා Warner Bros. Pictures සමඟ ඇති මෙම හවුල්කාරිත්වය පාරිභෝගිකයින්ට උසස් තත්වයේ රසවින්දනාත්මක අත්දැකීමක් ලබා දීමට Samsung හි කැපවීම පිළිබිඹු කරයි. Warner Bros. යනු ලොව පුරා සිටින පාරිභෝගිකයන් වෙත ඉතා ඕනෑකමින් බල සිටින චිත‍්‍රපටවල 8K පූර්ණ ප‍්‍රචාරණ පට ගෙන ඒම සඳහා කදිම හවුල්කරුවෙකි.

සැම්සුන් හි Neo QLED 8K තිරය රූපවාහිනී කර්මාන්තය පරිවර්තනයකට ලක් කරමින් අන්තර්ගත නිෂ්පාදනය සහ ගෝලීය පාරිභෝගික වෙළඳපොළ යන අංශ දෙකෙහිම සැලකිය යුතු බලපෑමක් එල්ල කරයි. Neural Quantum Processor 8K සහ Quantum Matrix තාක්ෂණය මගින් බල ගැන්වෙන මෙම රූපවාහිනී තිර, තියුණු සවිස්තරාත්මක, නිවැරදි වර්ණ සහ ඉතාමත් තාත්වික, දෝෂ රහිත උසස් තත්වයේ රූපමය අත්දැකීමක් පාරිභෝගිකයින්ට ලබා දෙයි. තවද පාරිභෝගික රූපවාහිනී වෙළඳපොලේ දැනට පවතින හොඳම නැරඹුම් අත්දැකීම Neo QLED 8K මගින් පාරිභෝගිකයින්ට ලබා දෙයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව