SAMSUNG නවතම Galaxy Buds2 සහ Galaxy Watch4 ශ්‍රී ලංකාවේ එළිදක්වයි

Galaxy Buds2 (1)

 




 

 

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphones වෙළෙඳනාමය වන Samsung සිය නවතම foldable smartphones වන Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G  පෙර ඇණවුම් කිරීමේ අදියරට සමගාමීව සිය ප‍්‍රමුඛතම නිෂ්පාදන ද්විත්වයක් වන Galaxy Watch4 සහ TWS earbuds යටතේ එන Galaxy Buds2 මෙරටදී එළිදක්වා ඇත.

නවතම Galaxy Buds2 Samsung විසින් 2019 පෙබරවාරි මාසයේදී හඳුන්වාදෙන ලද Galaxy Buds හි අනුප‍්‍රාප්තිකයා ලෙස ඔබ අතට පත්වනු ඇත. මෙය පසුගිය වසරේ හඳුන්වා දෙන Galaxy Buds+ හි වැඩිදියුණු කිරීමක් වන අතරම Galaxy Buds2 හි active noise cancellation (ANC) විශේෂාංගය සමඟින් පෙරට වඩා වැඩි වෙනසක් සහිතව ඔබ වෙත පැමිණෙයි. Earbuds සඳහා වූ නවතම වැඩිදියුණු කළ මෝස්තරයකින් මෙන්ම Galaxy Buds2 සමඟින් රඳවනයක් ද Samsung විසින් පාරිභෝගික ඔබ වෙත ඉදිරිපත් කර ඇත.

Active noise cancellation (ANC) සහ active 2-way speakers විශේෂාංගය සමඟින් Galaxy Buds2 ඔබ වෙත පැමිණේ. මෙම earbuds එකක බර ග‍්‍රෑම් 5 ක් වෙයි. ANC ක‍්‍රියාත්මක කර තිබීයදීම පැය 20 ක් දක්වා ශ‍්‍රවණය කිරීමේ හැකියාව earbuds ඔබට ලබා දෙයි. Galaxy Buds2 විනාඩි 5 ක් වැනි කෙටි කාලයක් charge කිරීමෙන් මිනිත්තු 60 ක කාලයක් භාවිතා කළ හැකි බව Samsung සමාගම පවසයි. එමෙන්ම Qi Quick charging වලට මෙන්ම wireless charging වලට ද අනුකූල වන ලෙස Galaxy Buds2 නිමවා තිබීම විශේෂිතය. මෙම සෑම bud එකක්ම 61 mAh බැටරියකින් හා charge කිරීමේ රඳවනය 472 mAh බැටරියකින් සමන්විත වේ.

Galaxy Buds2 දිලිසෙන මතුපිටක් සහිත සිත්ගන්නා සුළු device එකකි. එහි ear-tips silicone භාවිතා කරමින් නිමවා ඇති නිසා කනට සවිකිරීම සහ රැඳවීම ඉතාම පහසුය. Galaxy Buds2 රඳවන device එක dual-tone එකකින් නිමවා ඇති අතර, එහි ඇතුළත earbuds හි හැඩය සහිතව නිමවා තිබේ.

”ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති අපගේ නවතම Galaxy Watch4 සහ Galaxy Buds2 පිළිබඳව අප සිටින්නේ දැඩි උද්යෝගයකින්. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම Foldable smartphone එක හඳුන්වා දීමෙන් පසුව, Samsung Galaxy ecosystem එක සමඟ පාරිභෝගිකයින් සම්බන්ධ කිරීම සඳහා මෙම නවතම Samsung Galaxy Buds2 හා Watch4 Series මගින් ගෙන එනු ලබන උසස් තාක්ෂණය ඔවුන් වෙත සමීප කිරීමට අප බලාපොරොත්තු වනවා. තවද බාධාවකින් තොරව ඉහළ තාක්ෂණික අත්දැකීමක් ලබා ගැනීමට සහ එදිනෙදා වැඩ කටයුතු පහසු කිරීම සඳහා මෙම නිෂ්පාදනය වඩාත් පිටිවහලක් වනු ඇති බව අපට විශ්වාසයි.” යනුවෙන් Samsung ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂක කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේය.

මේ අතර, මැයි මාසයේදී Samsung සමාගම සමඟ සහයෝගයෙන් Google සමාගම එළිදක්වන ලද නව Wear OS මෙහෙයුම් පද්ධතිය මත මුලින්ම ක‍්‍රියාත්මක වන්නේ මෙම නවතම Galaxy Watch4 smartwatches ය. Galaxy Watch4 සඳහා වන නව මෙහෙයුම් පද්ධතිය පැමිණෙන්නේ Samsung හි නවතම One UI Watch custom skin සමඟිනි. Galaxy Watch4 Classic පසුගිය වසරේ Galaxy Watch3 ද ඇතුළුව කලින් Galaxy Watch මාදිලිවල සැම්සුන් ඇතුලත් කර තිබූ rotating bezel සහිත සාම්ප‍්‍රදායික මෝස්තරයෙන් යුක්ත වේ. ඊට වෙනස්ව, Galaxy Watch4 2019 දී Galaxy Watch Active2 හි අවසන් වරට දර්ශනය වූ regular bezel මෝස්තරයෙන් යුක්ත වේ.

Display එක සැලකීමේදී Galaxy Watch4 40mm pixels 396×396 අගයකින් යුතු අඟල් 1.2 ක Super AMOLED display එකකින් සමන්විත වේ. මීට අමතරව Galaxy Watch4 Classic 46mm අඟල් 1.4 (450×450 pixels) Super AMOLED display එකකින්ද වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිතය. මෙම display වර්ග ද්විත්වයම Gorilla Glass DX වීදුරුවක ආරක්ෂාව සහිතව ඔබට ලැබෙනු ඇත.

1.5GB RAM එකක් සමඟ සම්බන්ධ කර ඇති මෙම smartwatches සඳහා Samsung Exynos W920 SoC තාක්ෂණය යොදා ගෙන ඇත. මෙම devices 16GB ක මතක ධාරිතාවයකින් ද සමන්විතය.

Samsung හි තාක්ෂණයක් වන BioActive Sensor එකකින් සන්නද්ධ Galaxy Watch4, optical heart rate sensor (PPG), electrical heart rate sensor හා bioelectrical impedance analysis sensor (BIA) යන විශේෂාංග සමඟ සම්බන්ධ කරන අතර හෘද ස්පන්දන වේගය මැන බැලීම, SpO2 පරීක්ෂා කිරීම හා නින්ද පිළිබඳ විශ්ලේෂණය කිරීම වැනි පුද්ගලයින්ගේ ශරීර යෝග්‍යතාවය හා සෞඛ්‍ය පරීක්ෂා කිරීම වැනි විශේෂාංග මාලාවක් වෙත ප‍්‍රවේශය ලබා දෙයි. තවද, මෙම smartwatches වල වැටීම් හඳුනා ගැනීම සහ ඔසප් චක‍්‍ර විශ්ලේෂණය කළ හැකි විශේෂාංග ද ඇතුලත්ය. කෙසේවෙතත්, Galaxy Watch4 සහ Galaxy Watch4 Classic යන ද්විත්වයම සෞඛ්‍ය සම්බන්ධ කිසිඳු රෝග විනිශ්චයක් සඳහා වෛද්‍ය නිර්දේශයක් කර නොමැති බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.

Samsung Galaxy Watch4 මාලාව ඔබේ ශරීර සුවතා ක‍්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට උපකාර කරන අතර එය ජලයට ඔරොත්තු දෙන IP68 ප‍්‍රමිතියෙන් ද සමන්විත වෙයි.

මීට අමතරව, ඇමතුම්, SMS සහ e-mail ආදිය ද දැනුම් දීමට උපකාර වන ලෙස මෙම smartwatch එක නිර්මාණය කර ඇත. අනුකූලතාවය සැලකීමේදී Galaxy Watch4 සහ Galaxy Watch4 Classic යන smartwatch දෙකම 1.5GB වැඩි RAM එකක් සහිත අවම වශයෙන් Android 6’0 ක‍්‍රියාත්මක වන devices සමඟ කටයුතු කළ හැකිය.

මෙවැනි නව හඳුන්වා දීම් සමඟින් පාරිභෝගිකයාට ජංගම දුරකතනයේ සිට ඔරලෝසුවටත්, ඔරලෝසුවේ සිට earbuds දක්වාත් පහසුවෙන් මාරු විය හැකි බව සහතික වෙමින් Samsung සිය තාක්ෂණික පරිසරය තවත් ශක්තිමත් කරමින් සිටී. එමෙන්ම පාරිභෝගිකයාට ප‍්‍රයෝජනවත් හා පහසු තාක්ෂණික අත්දැකීමක් ලබා ගැනීමට මෙමගින් හැකි වන අතර වඩාත් තිරසාර, තාක්ෂණයෙන් අනූන අනාගතයක් සඳහා මාවතකට ද මග පාදයි.

ලබා ගත හැකි ක‍්‍රම

ඔබට Galaxy Buds2 රු. 34,999/-, Galaxy Watch4 රු. 67,999/-, Galaxy Watch4 Classic රු. 99,999/- යන මිල ගණන් යටතේ දැන් මිලදී ගත හැක. පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් පාරිභෝගිකයින්ට මෙය මිලදී ගත හැකිය. එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Retail, Singer, Singhagiri සහ Damro මගින් මෙන්ම සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මගින් සහ online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung EStore (samsungsrilanka.lk), MySoftlogic.lk, Daraz.lk, Keellssuper.com සහ Kapruka.com මගින් ද ලබා ගත හැකි වනු ඇත.

Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + fifteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව