SAMSUNG Smart TV සමඟින් නිවසේ සිට වැඩ කිරීම සහ අධ්‍යාපන කටයුතු කිරීම වඩාත් වින්දනීය ලෙස සිදු කිරීමට ඔබට අවස්ථාවක්

WFH 2 (1)

 




 

 

ඔබ සාමාන්‍යයෙන් රූපවාහිනියෙන් ඔබගේ ප‍්‍රියතම චිත‍්‍රපටය හෝ රූපවාහිනී වැඩසටහන හෝ යම් රූපවාහිනී ප‍්‍රසංගයක් නරඹන්නේ නැති අවස්ථාවල එය හුදු ගෘහභාණ්ඩයක් පමණි. නමුත් SAMSUNG Smart TV විසින් ඔබට සාම්ප‍්‍රදායික රූපවාහිනී නැරඹුම් අත්දැකීමකට එහා ගිය නවමු අත්දැකීමක් ලබා දෙයි. එනම් SAMSUNG Smart TV නිවසේ සිට වැඩ කිරීමට සහ අධ්‍යාපන කටයුතු කිරීමට පුළුල් තිර සහිත ආකර්ෂණීය අත්දැකීමක් ඔබ වෙත සමීප කරන අතරම වින්දනීය සංගීත අත්දැකීමක් ඔබට සමීප කරවයි.

රූපවාහිනිය නැරඹීමේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙම නවතම SAMSUNG Smart TV මාලාවට හැකි වී ඇත. නව තාක්ෂණය, සෞන්දර්ය, නව ක‍්‍රියාකාරීත්වයන් යන අංගවල සුසංයෝගයෙන් යුතු මෙම SAMSUNG Smart TV මාලාව තරුණ ප‍්‍රජාව සහ අන්තර්ජාලය හා සබැඳි පාරිභෝගිකයන් සඳහා නිර්මාණය කර ඇත. තියුණු සහ අසමසම නැරඹීම් අත්දැකීමක් මෙමගින් හිමිවන අතරම එහි ඵලදායීතාවද ඉහළ අගයක පවතී.

එමෙන්ම මෙය පරිගණකයක් සමඟ සම්බන්ධ කිරීමෙන් ඔබට පරිපූර්ණ පරිගණක අත්දැකීමක් පුළුල් තිරයක් ඔස්සේ ලබා ගැනීමේ අවස්ථාව දැන් ඔබට හිමි වේ. ඔබගේ පාසල් පැවරුම් සහ විවිධ ලේඛන කටයුතු සඳහා ද නිවසේ සිට වැඩ කිරීම සඳහා ද SAMSUNG Smart TV දැන් ඔබට සහාය වනු ඇත. අන්තර්ජාල පහසුකමින් තොරව වුවද ඔබගේ laptop එකෙහි තිරය SAMSUNG Smart TV තිරයට සම්බන්ධ කරමින් පුළුල් තිර අත්දැකීමක් කරා යොමුවිය හැකිය. SAMSUNG Smart TV මගින් MicroSoft Office 365 සඳහා ප‍්‍රවේශය සලසා දී ඇත. එමඟින් මාර්ගගත (online) කටයුතු පහසුවෙන් සහ ආකර්ෂණීය ලෙස සිදු කරගැනීමට අවස්ථාව හිමි වේ. එහි ඇති Multi-Layered Knox  පද්ධතිය මගින් ඔබගේ දත්ත ආරක්ෂා කරයි.

එමෙන්ම ඔබගේ කාර්යබහුල ජීවන රටාව තුළ ඇති ඒකාකාරී බව දුරු කරමින් මානසික සුවය උදෙසා රසවින්දනීය සංගීත අත්දැකීමක් ඔබ වෙත සමීප කිරීමට ද Samsung Smart TV මාලාව සූදානමෙන් සිටී. ඔබගේ රූපවාහිනිය virtual සංගීත පද්ධතියක් බවට පත් කරමින් ඔබගේ රසඥතාව අනුව කැමතිම සංගීත රිද්මයන් සහ ගීත තෝරාගනිමින්, ආනන්දජනක ශ‍්‍රව්‍ය හා දෘශ්‍ය අත්දැකීමක් සමඟින් Samsung Smart TV වෙතින් දැන් ඔබට අත්විඳිය හැකිය.

ඔබට වින්දනීය සති අන්තයක් ගත කිරීම උදෙසා Samsung Smart TV මාර්ගෝපදේශය මහත් පිටිවහලක් වනු ඇත. ජනප‍්‍රිය චිත‍්‍රපට, රූපවාහිනී වැඩසටහන් සහ ප‍්‍රසංග එහි අන්තර්ගත වේ. OTT හරහා ගොස් එහි ඇති ලැයිස්තුවෙන් ඔබේ Smart TV සෙවුම ක‍්‍රියාත්මක කර ඔබගේ සිතැඟි පරිදි කැමතිම වැඩසටහන රසවිඳීමට ඔබට අවස්ථාව ඇත.

එමෙන්ම ඔබට වැදගත් ලිපි ගොනු wireless සහ ස්වයංක‍්‍රීයව ආරක්ෂිතව Samsung Smart TV තුළ ගබඩා කර තැබීමට ද Home Cloud හරහා අවස්ථාව සැලසේ. එමගින් ඔබගේ දත්ත ආරක්ෂිතව නිවසේ තබා ගැනීමට හැකිවන අතර ජංගම දුරකතනයේ ධාරිතාව ඉක්මවා නොයාමට හේතුවෙයි.

නවතම Auto Hotspot විශේෂාංගය සමඟින් ඔබගේ ජංගම දුරකතනයේ WiFi සම්බන්ධ සමඟින් එය නිරන්තරයෙන් සම්බන්ධ වී පවතින නිසා ඔබගේ ජංගම දුරකතනය හා රූපවාහිනිය එකම වේලාවක සම්බන්ධ කිරීම සඳහා අනවශ්‍ය උත්සාහයක් දැරිය යුතු නැත. වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ දී සහ online පංති සමඟ සම්බන්ධ වීමේදී එය ඔබට වඩාත් පහසුවක් සලසනු ඇත.

Bixby voice assistant තාක්ෂණය නිසා Samsung Smart TV අත්දැකීම ඔබට මහත් ආස්වාදයක් සලසනු ඇතx ඔබගේ පි‍්‍රයතම අන්තර්ගතයන් සෙවීමට සහ IoT devices සමඟ සම්බන්ධ වීමට Bixby voice assistant උපකාරී වේ. Smart TV, Alexa voice assistant හට ද සහාය දක්වයි. එනිසා රූපවාහිනිය ඔබට කැමති පරිදි භාවිතා කිරීමට එය උපකාරි වනු ඇත.

Samsung Smart TV රුපියල් 59,990/- සිට සැම්සුන් බලයලත් නියෝජිතයින් වන Softlogic, Singer, Sinhagiri, Damro සහ Samsung e-store වෙතින් දැන් ඔබට මිලදී ගත හැකිය. එමෙන්ම පාරිභෝගිකයින්ට මාස 60 ක් දක්වා ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා පොලී රහිත වාරික සැලසුම් ලබාගත හැකි අතරම තෝරාගත් රූපවාහිනී සඳහා නොමිලේ Samsung Sound Bar වැනි ආකර්ෂණීය දීමනා ද ලබාගත හැකිය.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව