SAMSUNG S21 කාණ්ඩය සඳහා 5G තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

S21 Series 5G enabled post_Cover

 




 

 

  • සැම්සුන් S21 කාණ්ඩයේ ඩයලොග් හි 5G Trial Network තුළ 5G තාක්ෂණය අත්විඳීමට පරිශීලකයින්ට දැන් අවස්ථාවක්
  • දකුණු ආසියාවේ ප‍්‍රථම වතාවට S21 කාණ්ඩය සඳහා Dialog 5G Trial Network භාවිතා කළ හැකිය

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය සැම්සුන් 5G තාක්ෂණයේ සුපිරි අත්දැකීමක් පරිශීලකයින්ට ලබා දීමේ අරමුණින් 5G හැකියාව ඇති Samsung Galaxy S21 කාණ්ඩයේ Galaxy S21, Galaxy S21+ සහ Galaxy S21 Ultra සඳහා ඩයලොග් හි 5G Trial Network තුළට ප‍්‍රවේශ වීමට හැකියාව ලබා දෙමින් මෙරට ප‍්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා සමඟ අත්වැල් බැඳ ගත්තේය.

Samsung Galaxy 5G devices පුද්ගලයින් අතර සබඳතාවය තවත් මට්ටමකින් ඉදිරියට ගෙන යයි. වසර ගණනක සිට Samsung mobile devices වලට data ඔස්සේ සබඳතාවයන් ඇති කළේ 4G තාක්ෂණයෙනි. 5G තාක්ෂණයෙන් මෙම සබඳතාවය පෙර නොවූ විරූ ඉහළ මට්ටමකට රැගෙන යන්නේ ඇදහිය නොහැකි ලෝකයක් වෙත ඔබ සමීප කරමිනි. 5G chips වඩා විධිමත් ලෙස සැකසීමේ සිට 5G ජාල වෙත විශිෂ්ට ලෙස ප‍්‍රවේශ වීම දක්වා වූ දශකයකටත් වඩා වැඩි කාලයක සිට මනාව සකසමින් එන සැම්සුන් 5G දැක්ම සැලකීමේදී සැම්සුන් සතු තාක්ෂණයටත් වඩා සුපිරි වේගයක් සහිත 5G අත්දැකීමක් වෙනත් කිසිඳු තරගකරුවකුගෙන් බලාපොරොත්තු විය නොහැකිය.

”ඩයලොග් සමඟ එක්වී අපගේ devices හරහා 5G ජාලයේ අසීමිත හැකියාවන් ශ‍්‍රී ලංකාවේ සැම්සුන් පාරිභෝගිකයින්ට භුක්ති විඳීමට අවස්ථාව ලබා දීමට හැකිවීම ගැන අප සතුටු වෙනවා. 5G devices මෙරටට හඳුන්වා දීමේදී සැම්සුන් ඉදිරියෙන්ම සිටින අතර මෙරට අපගේ පාරිභෝගිකයින්ගේ සියලූ අවශ්‍යතා සපුරාලන්නෙමු. අනාගතයේදී සෑම දෙයක්ම 5G බවට පත් වනු ඇත. 2020 සිට 5G devices ශ‍්‍රී ලංකාවට හඳුන්වා දී ඇති සැම්සුන් ඉදිරියේදීත් නවතම 5G smartphones සහ Tablets විවිධ මිල ගණන් යටතේ සියලූ ශ‍්‍රී ලාංකිකයින්ට හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් සැම්සුන්ග් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂක කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේය.

මේ පිළිබඳව අදහස් දක්වන ඩයලොග් ආසියාටා සමූහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා ‘‘ඩයලොග් හි 5G Trial Network තුළ 5G අත්දැකීම විඳ ගැනීමට සියලූම Galaxy S21 කාණ්ඩයේ පරිශීලකයින්ට අවස්ථාව ලබා දීම පිළිබඳව අප සැම්සුන් සමාගමට ස්තූතිවන්ත වෙනවා. මෙය අපගේ පාරිභෝගිකයින්ට සඳහා ඩයලොග් 5G සමඟ උද්වේගකාරී අනාගතයට මං පෙත් විවර කරන එක් පියවරක් ලෙස හඳුන්වා දිය හැකියි.” යනුවෙන් පැවසුවේය.

5G ක‍්‍රියාත්මක කිරීමෙන් සාමාන්‍ය පාරිභෝගිකයින් සඳහා වේගවත් සබඳතාවකට මග සලසන අතර කර්මාන්ත හා නිවාස ස්වයංක‍්‍රීය කිරීමට අසීමිත අවස්ථාවන් සලසා දෙයි. 5G තාක්ෂණයේ සන්ධිස්ථාන අනුගමනය කරමින් සමාගම විසින් ඩයලොග් හි 5G අත්හදා බැලීමේ ජාලය හදුන්වා දෙන ලදී. ඩයලොග් හි 5G Trial Network මිට පෙර 5G තාක්ෂණය සඳහා පිහිටවනු ලැබූ කඩඉම් වන පූර්ණ ප‍්‍රමිතීන්වලින් යුත් දකුණු ආසියාවේ පළමු 5G ජංගම සේවාව වීම, දකුණු ආසියාවේ පළමු වරට 5G තාක්ෂණය ප‍්‍රදර්ශනය කිරීම, 2019 දී දකුණු ආසියාවේ වේගවත්ම 5G mobile speeds බව පෙන්වීම සහ 2018 දෙසැම්බර් මාසයේදී පළමු වරට 5G ප‍්‍රමිතියෙන් යුතු fixed-wireless නියමු සම්පේ‍්‍රෂණය සිදු කිරීම යන පියවර පසුකර පැමිණ තිබේ.

සැම්සුන් සමාගම ඉහළ පෙළේ වෙළෙඳ නාම සහ අනෙකුත් සමාගම් සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය මගින්  ඕනෑම වේලාවක,  ඕනෑම තැනක සිට Google Duo භාවිතා කරමින් ඉතා පැහැදිලිව video chat කිරීමේ සිට virtually lag-free gaming කිරීම දක්වා වූ වෙනත් කිසිඳු තැනක දැකිය නොහැකි වඩාත් ආකාර්ෂණීය 5G අත්දැකීමක් පාරිභෝගිකයින්ට ලබා දෙයි. ලොව වඩාත්ම අත්දැකීම් සහිත වේගවත්ම 5G device නිෂ්පාදකයෙකු ලෙස සැම්සුන් එදිනෙදා 5G අත්දැකීම අඛණ්ඩව වැඩිදියුණු කිරීමට පියවර ගනිමින් සිටී.

බොහෝ smartphone නිෂ්පාදකයින් තම පාරිභෝගිකයින්ට 5G තාක්ෂණයෙන් යුතු එක් උපාංගයක් පමණක් හඳුන්වා දුන්නද, සැම්සුන් නිර්මාණශීලීත්වය අගයන පුද්ගලයින්ට ඉහළ මට්ටමේ ස්මාර්ට් ජංගම දුරකතනවල සිට වියදම ගැන සිතන එහෙත් 5G විශේෂාංග සහිත devices ගැන උනන්දු පුද්ගලයින්ට සහ ඉහළ ඵලදායීතාවයක් බලාපොරොත්තු වන අය සඳහා 5G tablets දක්වා වූ මෙම devices භාවිතාකරන්නන් මෙන් විවිධ මාදිලියේ සුපිරි වේගයක් සහිත 5G devices නිෂ්පාදනය කරයි.

ගාලූමුවදොර පෙදෙස, කොල්ලූපිටිය, රාජගිරිය, පෑලියගොඩ, රත්මලාන, මහනුවර ඇතුළු දිවයින පුරා පිහිටි ස්ථාන 75 කදී 5G තාක්ෂණයේ ඇති සුවිශේෂී හැකියාවන් පිරික්සන ලෙස ඩයලොග් සිය පාරිභෝගිකයින්ට විවෘත ආරාධනාවක් කළේය. ඩයලොග් හි 5G trial network තවත් බොහෝ ප‍්‍රදේශවලට ව්‍යාප්ත කරන බැවින් මේ පිළිබඳව වැඩි විස්තර දැන ගැනීම සඳහා පාරිභෝගිකයින්ට www.dialog.lk/5g වෙත පිවිසිය හැකිය. මෙම වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වෙමින් පරිශීලකයෙකු මෙම ස්ථාන 75 න් එක් ස්ථානයක සිටින විට ඔවුන් ස්වයංක‍්‍රීයව ඩයලොග් හි 5G trial network සමඟ සම්බන්ධ කෙරේ. සැම්සුන් S21 කාණ්ඩයේ පාරිභෝගිකයින්ට ඩයලොග් හි 5G trial network සමඟ සම්බන්ධ වීම සඳහා settings වෙත ගොස් ‘Software Update’ එකක් කළ යුතුය.

ඔබ කොහේ, කොතැන සිටියත් ඔබට අවශ්‍ය සේවය ඕනෑම වේලාවක ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප‍්‍රශස්තකරණය සඳහා ඇති අන්තර් ක‍්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.

Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව