Samsung Note 10, Note 10+ සහ A80 ස්මාර්ට් ජංගම දුරකථන සඳහා මොබිටෙල් වෙතින් විශේෂ ඬේටා බණ්ඞ්ල් දීමනාවක්

Image-1

ජාතික ජංගම දුරකථන ජාලය මොබිටෙල්, ශ‍්‍රී ලංකාවේ අංක එකේ ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන Samsung සමඟ ඒකාබද්ධ වී Samsung Note10, 10+ සහ Galaxy A80 ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගන්නා සිය පාරිභෝගිකයන් සඳහා විශේෂ ඬේටා සහ වොයිස් බණ්ඞ්ල් දීමනාවක් ලබාදෙයි. දැනට ඔබ මොබිටෙල් පෙරගෙවුම් හෝ පසුගෙවුම් පැකේජ හිමි පාරිභෝගිකයෙක් නම්  ඕනෑම මොබිටෙල් ශාඛාවකින් හෝ Samsung බලයලත් අලෙවි සැලකින් මිලදී ගන්නා අදාළ Samsung ස්මාර්ට් ජංගම දුරකථනවලට එම දුරකථනය ජාලයට සක‍්‍රිය කළ දිනයේ (2019 දෙසැම්බර් 31වැනිදාට ප‍්‍රථම අදාළ සක‍්‍රිය කිරීම කළ යුතුය) පටන් ඉදිරියට මාස 12ක් දක්වා මාසිකව 4GB ඬේටා නොමිලේ ලැබෙන දීමනාවක් හිමිවේ. මේ සමඟ ඔබ කැමති අන්තර්ජාල වීඩියෝ පට, චිත‍්‍රපට සහ විනෝදාස්වාද වැඩසටහන් වැඩිපුර නැරඹීමේ අවස්ථාව හිමිවේ. නව Samsung දුරකථන පාරිභෝගිකයන්ට නව මොබිටෙල් සිම්පත් ලබාගෙන මෙම දීමනාව සඳහා දුරකථනය සක‍්‍රිය කරගැනීම කළ හැකි අතර මොබිටෙල් ප‍්‍රධාන ශාඛාවෙන්, SLT ටෙලිෂොප්, සිංගර් මෙගා ප‍්‍රදර්ශනාගාර සහ දිවයින පුරා විසිරී සිටින මොබිටෙල් බලයලත් නියෝජිතයෙක් වෙතට ගොස් එම කාර්ය කරගත හැක. අදාළ Samsung ස්මාර්ට් දුරකථනයට සිම් කාඞ්පත ඇතුළත් කිරීමෙන් අනතුරුව හෝ නව පෙර ගෙවුම් පාරිභෝගිකයෙකු නම් පළමු රීචාර්ජ් කිරීමෙන් අනතුරුව #256# අමතා නොමිලේ ඬේටා දීමනාව පහසුවෙන් සක‍්‍රිය කරගත හැක.

සක‍්‍රිය කිරීම සිදුකිරීමෙන් පසු පාරිභෝගිකයාට එය තහවුරු කරමින් කෙටි පණිඩුඩයක් ලැබෙනු ඇත සහ ඉන්පසු ඔබේ Samsung Note10, 10+ සහ Galaxy A80 ස්මාර්ට් ජංගම දුරකථන හරහා නොමිලේ ඬේටා ලැබෙන දීමනාව අත්විඳීමේ මහඟු අවස්ථාව හිමිවේ. මෙම නොමිලේ ලැබෙන බණ්ඞ්ල් දීමනාව 4G සිම්පත් හිමි මොබිටෙල් පාරිභෝගිකයන්ට (දැනට සිටින සහ නව, පෙරගෙවුම් සහ පසු ගෙවුම් මොබිටෙල් පාරිභෝගිකයන්ට) පමණක් ලැබෙන අතර Mobitel MASTER Unlimited Data පැකේජය ද ඇතුළුව දැනට ඬේටා පැකේජයක් සක‍්‍රිය කර ඇති පාරිභෝගිකයන්ට තමන්ගේ ඬේටා පැකේජයට අමතරව නොමිලේ ලැබෙන දීමනාවක් ලෙෂ මෙය ක‍්‍රියාත්මක වේ. මෙම Samsung Note 10, 10+ සහ Galaxy A80 ස්මාර්ට් ජංගම දුරකථන, අන්තර්ජාලය හරහා හෝ දිවයින පුරා විසිරි ඇති සියලූම බලයලත් අලෙවි නියෝජිතයන් හරහා ඔබට මිලදී ගැනීමේ අවස්ථාව ලබාදී ඇත. clicknshop.lk, daraz.lk, jkoa.com, mysoftlogic.lk, singersl.com, singhagiri.lk, takas.lk සහ wow.lk අලෙවි වෙබ් අඩවි වලින් මෙම ස්මාර්ට් ජංගම දුරකථන ඔන්ලයින් ඔස්සේ මිලදී ගැනීමේ අවස්ථාව ඇති අතර තමන්ට අවශ්‍ය පරිදි අලෙවි සැලකට ගොස් මිලදී ගැනීමකට නම් Samsung Experience stores, Mobitel, Damro, JKOA, Singer, Singhagiri සහ Softlogic ප‍්‍රදර්ශනාගාර මෙන්ම දිවයින පුරා විසිරී සිටින බලයලත් අලෙවි නියෝජිතයන් හරහා සේවාව ලබාගත හැක. වැඩි විස්තර සඳහා මොබිටෙල් ක්ෂණික ඇමතුම් අංකය 1717 අමතන්න.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව