SAMSUNG #MonsterLikeABoss Galaxy M32 5G ස්මාර්ට් ජංගම දුරකතනය Samsung Twelve 5G Bands තාක්ෂණය සහිතව ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Image-10

 




 

  • 5G සම්බන්ධතාවයක් සමඟින් 12 band-support තාක්ෂණය සහ OS upgrades සඳහා වසර දෙකක වගකීමක් සහිත Samsung Galaxy M කාණ්ඩයේ පළමු ස්මාර්ට් ජංගම දුරකතනය
  • Dimensity 720 ප්‍රොසෙසරයක් සහිත ශ්‍රී ලංකාවේ ප‍්‍රථම ස්මාර්ට් ජංගම දුරකතනය
  • Samsung’s defense-grade mobile security පද්ධතිය හා ආකර්ෂණීය පෙනුම

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් 5G සම්බන්ධතාව, 12 band-support තාක්ෂණය සහ OS upgrades සඳහා වසර දෙකක වගකීමක් සහිත සිය නවතම Samsung Galaxy M32 5G ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. MediaTek තාක්ෂණයෙන් බලගැන්වුණු, Dimensity 720 ප්‍රොසෙසරයක් සහි Samsung Galaxy M32 5G නවීන තාක්ෂණික දැනුමෙන් පිරිපුන් හා තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන නව යොවුන් හා තාරුණ්‍යයේ අවශ්‍යතා සඳහා වඩාත් උචිත වන පරිදි නිර්මාණය කර ඇත. එය සැම්සුන් හි Defense Grade Knox Security පද්ධතියක් සහිත මෙරට ප‍්‍රථම ස්මාර්ට් ජංගම දුරකතනය වන්නේ Samsung Galaxy M32 5G වේ.

මෙම නවතම ස්මාර්ට් ජංගම දුරකතනය ශ‍්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සැම්සුන්ග් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂක කෙවින් සුන්ග්සු යූ මහතා ‘‘2019 දී සැම්සුන්ග් Galaxy M කාණ්ඩය දියත් කළ දා පටන් smartphones වෙළෙඳපොල වෙනසකට ලක් කරමින් නව යොවුන් හා තාරුණ්‍යයේ පසුවන අපගේ පාරිභෝගිකයින්ගේ දිනෙන් දින ඉහළ යන අධික ඉල්ලූම ඉක්මවා යන සුපිරි smartphones අත්දැකීමක් ලබා දීමට අපට හැකි වුනා. ශ‍්‍රී ලංකාවේ 5G විප්ලවයක් සඳහා අප සූදානම් වන අවස්ථාවක මෙම නවතම Samsung Galaxy M32 5G, 12 5G band-support හා OS upgrades සඳහා වසර දෙකක වගකීමක් සහිතව එන නිසා ‘Monster’ නාමය තවත් ශක්තිමත් කිරීමට සමත්ව ඇති අතර අපගේ පරිශීලකයින් සැමවිටම #BeFutureReady බවට සහතික කිරීමක් ද එමගින් ලබා දෙනවා. Samsung Knox, Samsung’s defense-grade mobile පද්ධතියකින් සන්නද්ධ හා ආකර්ෂණීය පෙනුමකින් යුතු Samsung Galaxy M32 5G #MonsterLikeABoss හි විශේෂත්වය මනාවට විදහාපානවා.” යනුවෙන් පැවසුවේය.

#BeFutureReady

අධි වේගී හා low latency හැකියාව හා Twelve 5G bands තාක්ෂණය සමඟ ඔබ වෙත එන Samsung Galaxy M32 5G සැණෙකින් අන්තර්ජාලයට පිවිසීමටත්ල අන්තර්ගතයන් බෙදා හදා ගැනීමටත් පාරිභෝගිකයන්ට පහසුකම් සපයයි. N1, N3, N5, N7, N8, N20, N28, N38, N40, N41, N66, N78 ආදී twelve bands තාක්ෂණයන්ට සහාය දක්වන නිසා සුපිරි වේගවත් බවක් සහතික කරන, අසමසම හා 5G අත්දැකීමක් ලබා දෙන මෙම කාණ්ඩයේ බුද්ධිමත්ම smartphone එක බවට Galaxy M32 5G පත්ව ඇත. 5G ජාල තුළ එහි data speed එක 4G ජාලයට වඩා විසි ගුණයකින් වේගවත් විය හැකි අතර latency හැකියාව දස ගුණයකින් අඩු කරයි. එමෙන්ම IoT සම්බන්ධතාවය සඳහා දස ගුණයකට වඩා වැඩි කාර්යක්ෂතාවක් ද ලබා දෙයි. තවද මෙම smartphone එක OS upgrades සඳහා වසර දෙකක වගකීමක් සහිතව එන නිසා ඔබට #BeFutureReady බව සහතික කෙරේ. Samsung Galaxy M32 5G සඳහා 5G මෘදුකාංගය 2022 මාර්තු මස සිට ඔබට ලබා ගත හැකි අතර එමගින් 5G තාක්ෂණය සහිත වීඩියෝ නැරඹීමේ අත්දැකීමක් ද පාරිභෝගිකයින්ට ලබා ගත හැකිවනු ඇත.

Play like a Boss

MediaTek Dimensity 720 ප්‍රොසෙසරය මඟින් බල ගැන්වෙන Samsung Galaxy M32 5G අධි වේගී ඉහළ කාර්යසාධනයක් ලබා දෙයි. මෙහි ඇති ප‍්‍රබල හා කාර්යක්ෂම 5G ප්‍රොසෙසරය නිසා විවිධ apps එකවර browse කිරීමේදී හෝ භාවිතා කිරීමේදී තියුණු කාර්යසාධනය, බහුකාර්ය හැකියාව හා ක‍්‍රියාකාරීත්වය මෙන්ම අවම බල ශක්ති පරිභෝජනය මනාව ප‍්‍රදර්ශනය කරනු ලබයි. වීඩියෝ කී‍්‍රඩාවල නිරතවන්නන්ට Samsung Galaxy M32 5G මඟින් උසස් වීඩියෝ ක‍්‍රීඩා අත්දැකීමක් තිළිණ කරන අතරම වැඩිදියුණු කළ lag-free gaming අත්දැකීමක් ද ලබා දෙයි.

Capture like a boss

ඔබගේ ජීවිතයේ මතකයේ රැඳෙන අවස්ථාවන් හා අපූරු ඡුායාරූප ග‍්‍රහණය කරගැනීම සඳහා 64MP Quad කැමරාවකින් සමන්විත වන Samsung Galaxy M32 5G එම කාණ්ඩයේ හොඳම smartphone එක ලෙස පෙන්වා දිය හැකිය. Galaxy M32 5G හි පිටුපස 48MP ප‍්‍රධාන කැමරාව මගින් දවසේ ඕනෑම වේලාවක සුපැහැදිලි හා high-resolution ඡුායාරූප ලබා ගැනීමේ පහසුව අත්කර දෙයි. එහි ඇති 8MP ultra-wide lens මගින් පැහැදිලි ඡුායාරූප ඔබට ලබා දෙන අතරම 5MP macro lens මගින් සියුම් ලක්ෂණ ග‍්‍රහණය කරගත හැකි සමීප, bokeh තාක්ෂණයෙන් යුත් ඡුායාරූප ඔබ වෙත රැගෙන එයි. 2MP depth camera මගින් ඉතා අලංකාර ඇදහිය නොහැකි ආකාරයේ ඡුායාරූප ලබා ගැනීමට ඔබට හැකියාව ඇත. Samsung Galaxy M32 5G හි ඉදිරිපස 13MP කැමරාව සුපැහැදිලි හා මන බඳිනා සෙල්ෆි ඡුායාරූප ලබා දෙමින් ඔබට නැවුම් ආශ්වාදයක් එක් කරනු නිසැකය.

Protect like a boss

සැම්සුන් හි defense-grade security පද්ධතිය වන Samsung Knox තාක්ෂණය සමඟ එන Samsung Galaxy M32 5G එසැණින් පරිශීලකයාගේ පුද්ගලිකත්වය හා තොරතුරුවල රහස්‍යභාවය සහතික කරයි. මෙම smartphone එක Android 11 සහ One UI 3.1 යන මෙහෙයුම් පද්ධති දෙවර්ගයටම සහාය දක්වන අතර බාධාවන් හා ප‍්‍රතිචාර දැක්වීමේ කාලය අඩු කිරීමෙන් ඔබට ස්ථාවර අන්තර් ක‍්‍රියාකාරීත්වයක් ලබා දෙයි. මීට අමතරව එය වසර 4 ක් දක්වා security updates කිරීම් ද ලබා දෙයි.

 




 

 

 

Binge Non-stop like a boss

ඉතා පහසුවෙන් හැසිරවිය හැකි, gaming සඳහා මනාව ගැලපෙන 90Hz refresh වේගයකින් යුතු ආකර්ෂණීය අඟල් 6.5” HD+ Infinity-V display එකකින් Samsung Galaxy M32 5G සමන්විතය. එසේම, Galaxy M32 5G Dolby Atmos තාක්ෂණය රැහැන් සහිත හා bluetooth headsets සඳහා සහාය දක්වන නිසා දෙසවනට මිහිරක් එක් කරමින් විශිෂ්ට ගීත ශ‍්‍රවණය කිරීමේ හා චිත‍්‍රපට නැරඹීමේ මිහිරි අත්දැකීමක්ද පාරිභෝගිකයා වෙත එක් කරයි.

Go Non- stop like a Boss

විශාල 5000mAh හා 15W USB-C fast charger එකකින් සමන්විත Samsung Galaxy M32 5G මගින් දෛනික වැඩ කටයුතු කරදරයකින් තොරව සිදු කරගෙන යාමට උපකාරී වීම ඔබට ඉමහත් අස්වැසිල්ලක් වනු නියතය. තවද මෙම ස්මාර්ට් ජංගම දුරකතනය එක් වරක් charge කිරීමෙන් පැය 106 ක් දක්වා සංගීතය රස විඳීමට ද, පැය 36 ක කතා කාලයක් ද, අන්තර්ජාලයේ සැරිසැරීමට පැය 19ක කාලයක් සහ පැය 20 ක් වීඩියෝ නැරඹීමට ද ඔබට හැකියාව ඇත.

Stylish like a Boss

Slate Black සහ Sky Blue යන ආකර්ෂණීය වර්ණ දෙකකින් Samsung Galaxy M32 5G ඔබට ලබා ගත හැකිය.

මතක ධාරිතාවය, මිල හා මිලදී ගත හැකි ස්ථාන

8GB+128GB වර්ගයේ Galaxy M32 5G ස්මාර්ට් ජංගම දුරකතනයක මිල රුපියල් 74ල999 කි.

පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් පාරිභෝගිකයින්ට මෙම Galaxy M32 5G මිලදී ගත හැකිය. එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Retail, Singer, Singhagiri සහ Damro මගින් මෙන්ම සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මගින් සහ online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung EStore (samsungsrilanka.lk), MySoftlogic.lk, Daraz.lk, Keellssuper.com සහ Kapruka.com මගින් ද ලබා ගත හැකි වනු ඇත.

SPECIFICATIONS
Display 6.5’’ HD+ Infinity-V, 60Hz
Performance MediaTek Dimensity 720 + 7 nm SoC
Battery 5000mAh, 15W Fast charging
Camera (Rear) True 48MP+8MP (ultra-wide) +5MP (macro) +2MP (depth); 13MP (Front)
Memory 8GB + 128GB
Design Attractive shining back

Colours – Slate Black and Sky Blue

Operating System Android 11 | One UI 3.1
Dimensions (HxW9xD) 164.2 x 76.1 x 9.1 (mm)
Others Knox Security

 

ඔබ කොහේ, කොතැන සිටියත් ඔබට අවශ්‍ය සේවය ඕනෑම වේලාවක ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප‍්‍රශස්තකරණය සඳහා ඇති අන්තර් ක‍්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.

Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

 

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව