SAMSUNG #LeanestMeanestMonsterEver Galaxy M52 5G ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

M52-5G-KV-1x1 (1)

 



  • 7.4mm ආකර්ෂණීය පෙනුමකින් සහිත Galaxy M52 5G සැම්සුන් හි leanest M කාණ්ඩයේ ස්මාර්ට් ජංගම දුරකතනයකි
  • 5G 11 bands තාක්ෂණය සහිත Galaxy M52 5G 6nm Snapdragon 778G ප්‍රොසෙසරයකින් යුක්තය

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන්, එහි M කාණ්ඩයේ දැනට ඇති ආකර්ෂණීයතම සහ ප‍්‍රබලම ස්මාර්ට් ජංගම දුරකතනය වන Galaxy M52 5G මෙරටට හඳුන්වා දී ඇත. 7’4mm ඝනත්වය, ආකර්ෂණීය පෙනුම, 6nm Snapdragon 778G ප්‍රොසෙසරය, super AMOLED+ 120Hz display, 5000mAH බැටරිය සහ 11 5G bands තාක්ෂණයෙන් සමන්විත #LeanestMeanestMonsterEver Galaxy M52 5G සැබවින්ම පාරිභෝගික අවධානය දිනා ගනු නොඅනුමානය.

”පාරිභෝගිකයින් වෙත අර්ථවත් නවෝත්පාදනයන් ගෙන ඒමේ අරමුණින් 2019 දී හඳුන්වා දෙන ලද  Galaxy M කාණ්ඩය, එතැන් සිට Monster display, කාර්යසාධනය හා බැටරිය වැනි ප‍්‍රධාන පෙළේ බොහෝ විශේෂාංගයන් සමඟින් කැපී පෙනෙන පාරිභෝගික ආකර්ෂණයක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. අපගේ නවතම #LeanestMeanestMonsterEver Galaxy M52 5G හඳුන්වා දීමත් සමඟින් සැම්සුන් හි දර්ශනයට අනුව යමින් අපගේ සීමා මායිම් අප තවදුරටත් පුළුල් කරමින් සිටිනවා. මෙහි ඇති නවතම Snapdragon 778G ප්‍රොසෙසරය සහ 120Hz super AMOLED+ display සමඟින් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ප‍්‍රියතම අන්තර්ගතයන් නරඹන අතරතුර හෝ වීඩියෝ ක‍්‍රීඩා කරමින් වඩාත් වින්දනීය අත්දැකීමක් ලබා ගත හැකියි. Defense-grade Knox ආරක්ෂාව හා 11 5G bands තාක්ෂණය සහිතව Galaxy M52 5G ඔබ වෙත හඳුන්වා දී ඇති අතර මෙම device එක මගින් ඔබව අනාගතයට සුදානම් කරවනවා පමණක් නොව පාරිභෝගිකයින්ට ඔවුන්ගේ දත්තවල ආරක්ෂාව පිළිබඳ සහතික වෙමින් උපරිම ආරක්ෂාවක්ද සලසා දෙනු ලබනවා. එමෙන්ම මේ සියලූ විශේෂාංග සමඟින් 7.4mm ඝනත්වයකින් යුතු ඉතා සිහින් හා අලංකාර හැඩයකින් මෙය නිර්මාණය කර තිබීම විශේෂයි.” යනුවෙන් සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේය.

පාරිභෝගිකයින්ට උසස් අත්දැකීම් ලබා දීම සඳහා Snapdragon 778G ප්‍රොසෙසරයක් සහිතව මෙය නිර්මාණය කර ඇත. ඡුායාරූප ගැනීම, වීඩියෝ ක‍්‍රීඩා කිරීම හා වීඩියෝ නැරඹීම ආදී multimedia තුළින් පාරිභෝගිකයින්ට සුපිරි අත්දැකීම් ලබා ගැනීමට මෙම smartphone එක අනර්ඝය. මේ සියල්ල සඳහා ඔබට දිගු බැටරි කාලයක් ලබා දීම ද විශේෂත්වයකි. Galaxy M52 5G මගින් ඔබගේ සුන්දර මතකයන් ජීවමානව ඔබ ළඟ තබා ගැනීම සඳහා උසස් තත්වයේ ඡුායාරූප හා වීඩියෝ ග‍්‍රහණය කර ගැනීමට ඔබට අවස්ථාව සලසා දෙයි.

වීඩියෝ ක‍්‍රීඩා කිරීමේ දී, සුපිරි gaming අත්දැකීම් ලබා දීම සඳහා මෙම ස්මාර්ට් ජංගම දුරකතනය Snapdragon Elite Gaming™ විශේෂාංග තෝරා ගැනීම සඳහා ඔබට සහය දක්වයි. මෙහි ඇති අතිනවීන AI සහිත Snapdragon 778G ප්‍රොසෙසරය මගින් අඩු ආලෝක තත්වයක් යටතේ වීඩියෝ නැරඹීම, smooth zoom, autofocus වැනි විශේෂාංග ඔබට තිළිණ කරයි. මීට අමතරව මෙය පාරිභෝගිකයින්ට ඊළඟ පරම්පරාවේ තාක්ෂණයන් අද භුක්ති විඳිමට ඉඩ සලසමින් ගෝලීය 5G සම්බන්ධතාවය සඳහා හැකියාව ලබා දෙයි.

M කාණ්ඩයේ මෙතෙක් හඳුන්වා දෙන ලද ඉතා සිහින්ම නිර්මාණය

7.4mm ඝනත්වයකින් යුතු සිනිඳු නිමාවක් සහිත M කාණ්ඩයේ මෙතෙක් හඳුන්වා දෙන ලද ඉතා සිහින්ම smartphone එක Galaxy M52 5G වේ. එම කාණ්ඩයේ මීට පෙර හඳුන්වා දෙන ලද smartphones වලට වඩා මෙය 21% කින් සිහින් වන අතර එහි බර ග‍්‍රෑම් 173 ක් පමණි. මෙම smartphone එක පහසුවෙන් අතේ රඳවා ගත හැකි අතර Icy Blue සහ Blazing Black යන ආකර්ෂණීය වර්ණ දෙකකින් ඔබට ලබා ගත හැකිය.

M කාණ්ඩයේ මෙතෙක් හඳුන්වා දෙන ලද Meanest ප්‍රොසෙසරය

Galaxy M52 5G හි Snapdragon 778G ප්‍රොසෙසරය අධිවේගී කාර්යසාධනයක් සහතික කරනවා පමණක් නොව, එහි ඇති 6nm chipset නිසා වඩාත් හොඳ කාර්යක්ෂමතාවයක් ලබා දෙයි. එම කාණ්ඩයේ මීට පෙර හඳුන්වා දෙන ලද smartphones වලට සාපේක්ෂව මෙහි ඇති Snapdragon 778G ප්‍රොසෙසරය 55%ක වැඩිදියුණු කළ CPU කාර්යසාධනයක්, 85%ක වැඩිදියුණු කළ GPU කාර්යසාධනයක් ලබා දෙන අතර AI කාර්යසාධනය 3.5 ගුණයක් වැඩිදියුණු කර ඇත.

Meanest Display Ever

Galaxy M52 5G විශාල 6’7’’ FHD¬ sAMOLED+ Infinity-O display එකකින් සමන්විතය. 120Hz refresh Rate සමඟින් පරිශීලකයින් ක‍්‍රියාදාම චිත‍්‍රපට නැරඹීමේදී ඔවුන්ව වෙනත් සජීවී ලොවකට රැගෙන යන අතර වීඩියෝ ක‍්‍රීඩාවල නිරතවන්නන්ට මෙමඟින් පරිපූර්ණ වීඩියෝ ක‍්‍රීඩා අත්දැකීමක් තිළිණ කරයි. දුරකතනය බිම වැටීම්වලින් සිදු වන හානිවලින් ආරක්ෂා කිරීම සඳහා Gorilla Glass 5 මගින් එහි display එක ආරක්ෂා කර ඇත. Galaxy M52 5G Dolby Atmos තාක්ෂණය රැහැන් සහිත හා bluetooth headsets සඳහා සහාය දක්වන නිසා දෙසවනට මිහිරක් එක් කරමින් විශිෂ්ට ගීත ශ‍්‍රවණය කිරීමේ හා චිත‍්‍රපට නැරඹීමේ විනෝදාස්වාද අත්දැකීමක් පාරිභෝගිකයා වෙත එක් කරයි.

 




 

 

Meanest 5G Ever

Galaxy M52 5G ශ්‍රී ලංකාව පුරා 5G ජාල ආවරණය සක‍්‍රීය වූ විට පරිශීලකයින්ට අඛණ්ඩ 5ඨ අත්දැකීමක් වෙත ප‍්‍රවේශය සහතික කරයි. N1, N3, N5, N7, N8, N20, N28, N40, N41, N66, N78 ආදී 5G 11 bands තාක්ෂණයන්ට මෙය සහාය දක්වන නිසා පාරිභෝගිකයින්ට ඉතා වේගයෙන් download කිරීමට, buffer-free වීඩියෝ නැරඹීමට හා බාධාවකින් තොරව අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ ක‍්‍රීඩා කීරීමට හැකියාව ලබා දෙනු ඇත. Galaxy M52 5G යනු අසමසම හා අධිවේගී 5G අත්දැකීමක් ලබා දෙන මෙම කාණ්ඩයේ බුද්ධිමත්ම ස්මාර්ට් ජංගම දුරකතනයයි. Galaxy M52 5G සඳහා 5G මෘදුකාංගය ඔබට නුදුරේදීම ලබා ගත හැකි අතර එමගින් 5G තාක්ෂණය සහිත වීඩියෝ නැරඹීමේ අත්දැකීමක් ද පාරිභෝගිකයින්ට ලබා ගත හැකිවනු ඇත.

Meanest Camera Ever

Galaxy M52 5G සතු උසස්ම වර්ගයේ ත‍්‍රිත්ව කැමරාව සමාජ ජාල මාධ්‍යයන් තුළ ඔබගේ සැරිසැරීම වඩාත් කාර්යබහුල කරවයි. උසස්ම වර්ගයේ 64MP ප‍්‍රධාන කැමරාවකින් සමන්විත Galaxy M52 5G දීප්තිමත් සහ සිත් ඇදගන්නාසුළු ඡුායාරූප ඔබට ග‍්‍රහණය කර දෙයි. එහි ඇති 12MP ultra-wide කාච මගින් ඔබ ගන්නා ඡුායාරූප එක් රාමුවක් තුළ සියල්ල නිවැරදිව විස්තර කෙරෙන ආකාරයට අමතර දර්ශනයක් එක් කරන අතර 5MP macro lens මගින් සියුම් ලක්ෂණ ග‍්‍රහණය කරගත හැකි සමීප, සවිස්තරාත්මක ඡුායාරූප ඔබට ලබා දෙයි.  Galaxy M52 5G 32MP ඉදිරිපස කැමරාව ඔබට පැහැදිලි හා අනර්ඝ තත්වයේ සෙල්ෆි ඡුායාරූප ලබා ගැනීමේ හැකියාව ලබා දෙයි.

Meanest Battery Ever

Galaxy M52 5G හි විශාල 5000mAh 5000ප්ය බැටරිය ඔබට සැබෑ powerhouse අත්දැකීමක් ලබා දෙන අතර නිතර නිතර charge කිරීමට අවශ්‍ය නොවන නිසා ඔබට දිවා රෑ අඛණ්ඩ වින්දනයක් ලබා දෙයි. මෙම device එක එක් වරක් charge කිරීමෙන් පැය 81 ක් සංගීතය රස විඳීමට ද, පැය 48 ක් දක්වා කතා කාලයක් හා පැය 20 ක් වීඩියෝ නැරඹීමට ද ඔබට හැකියාව ඇත. අවශ්‍ය වූ විට ඉක්මනින් charge කිරීම සඳහා 25W ක fast charger එකකින් ද මෙය සමන්විත වේ.

Meanest Security Ever

සැම්සුන් හි defense-grade security පද්ධතිය වන Samsung Knox තාක්ෂණය සමඟ එන Galaxy M52 5G malware සහ malicious වැනි විනාශකාරී මෘදුකාංගවලින් ඔබගේ දත්ත ආරක්ෂා කරනවා පමණක් නොව අනවසර පරිශීලකයින්ගෙන් ඔබගේ සංවේදී තොරතුරු ද ආරක්ෂා කරයි. මීට අමතරව එය වසර 4 ක් දක්වා security updates කිරීම් ද ලබා දෙයි.

Galaxy M52 5G Android 11 සහ One UI 3.1 යන මෙහෙයුම් පද්ධති දෙවර්ගයටම සහාය දක්වන අතර එමඟින් ඔබට එකම screen එකකින් එකවර වැඩ කිහිපයක් කරගත හැකිය. එසේම පාරිභෝගිකයාට ගැලපෙන නම්‍යශීලී හා විනෝදජනක විකල්පයන් ද ලබා දෙමින් රසවත් අත්දැකීමක් ගෙන එයි.

මතක ධාරිතාව, මිල සහ ලබාගත හැකි ක‍්‍රම

8GB+128GB වර්ගයේ Galaxy M52 5G ස්මාර්ට් ජංගම දුරකතනයක මිල රුපියල් රු.99,999 ක් පමණි.

පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් පාරිභෝගිකයින්ට Galaxy M52 5G මිලදී ගත හැකිය. එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Max, Softlogic Retail, Singer, Singhagiri හා Damro මගින් මෙන්ම සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මගින් ද ලබා ගත හැකිය. එමෙන්ම online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung EStore (samsungsrilanka.lk), MySoftlogic.lk, Keellssuper.com සහ Kapruka.com ණ්චරමන්ගජදප මගින් ද ඔබට මෙය මිලදී ගත හැකිය.

ඔබ කොහේ, කොතැන සිටියත් ඔබට අවශ්‍ය සේවය  ඕනෑම වේලාවක ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප‍්‍රශස්තකරණය සඳහා ඇති අන්තර් ක‍්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.

Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව