SAMSUNG Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G smartphones තාක්ෂණික විචාරකයින්ගේ අවධානය දිනා ගනී

Z_Series_Media_Quotes_0915_main2F

 




 

Galaxy Z smartphones මාලවේ නවතම මාදිලි හදුන්වාදීමත් සමඟම, සැම්සුන් ශ‍්‍රී ලංකා ස්මාර්ට් ජංගම දුරකතන නවෝත්පාදනයන් හි නව පරිච්ෙඡ්දයක් සනිටුහන් කිරීමට සමත්ව ඇති අතර එමගින් නව ක‍්‍රම ඔස්සේ අන්තර්ගතයන් නැරඹීමට, වීඩියෝ ක‍්‍රීඩා, දෛනික වැඩ කටයුතු කිරීමට, ඡුායාරූප ගැනීමට සහ එකිනෙකා සමඟ සම්බන්ධ වීමට පරිශීලිකයන්ව දිරිමත් කරයි.

මෑතකදී එළිදැක්වූ මෙම අතිනවීන Samsung Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G smartphones වල අසමසම හැඩය, බහුකාර්ය හැකියාවන් සහ කල්පැවැත්ම ගැන අවධානය යොමු කරමින් ලොව පුරා විචාරකයින් ඔවුන්ගේ අදහස් ප‍්‍රකාශ කර ඇත.

Online වේදිකා අතර සිටින දැවැන්ත තාක්ෂණික සමාගමක් වන Protocol සඳහන් කළේ “The Future is Foldable” යනුවෙනි. මේ අතර Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G දැනට වෙළඳපොලේ ඇති ඉතාමත් ආකර්ෂණීයම smartphones දෙකක් බව XDA ප‍්‍රකාශ කර සිටී.

මේ අතර, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට තාක්ෂණික විචාරකයෙක් වන ඇන්ඩ්‍රෝ ඩොලර් ප‍්‍රකාශ කළේ, ”මෙම Foldable smartphones සඳහා යොදා ගෙන ඇති නවීන තාක්ෂණය අසමසමයි. පුළුල් තිරය සහ වඩාත් හොඳ සම්බන්ධතාවයකින් යුතු නිසා Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G සියලූ පාරිභෝගිකයින්ට අසමසම තාක්ෂණික අත්දැකීමක් ලබා දෙනවා.” යනුවෙනි.

සැම්සුන් Foldable තාක්ෂණය උසස්ම මට්ටමකට ගෙන යන බව Android Central විසින් පෙන්වා දුන් අතර මෙම smartphones වල ඇති ‘Multitasking heaven’ යන කරුණ කෙරෙහි ෆෝබ්ස් සඟරාව සිය අවධානය යොමු කර ඇතx

මෙහි ඇති S Pen මගින් කාර්යයන් රැසක් ඵලදායීව කිරීමට පහසුව සලසන අතර එමගින් මෙම ස්මාර්ට් දුරකතනයේ අද්විතීය බව තවත් වැඩි කරන බව බොහෝ තාක්ෂණික විචාරකයින්ගේ අදහසයි. ඇතැමුන් පෙන්වා දුන්නේ Foldable devices වල ඇති විශාල හා ආකර්ෂණීය තිරය ඇස් ඉවත් කර ගත නොහැකි තරම් ආකර්ෂණීය බවයි. විචාරකයින්ගේ සිත් ගත් තවත් විශේෂාංගයක් වන්නේ මෙහි ඇති Aluminum armor එක වේ. මෙමගින් මෙම දුරකතනයේ ප‍්‍රබලතාව හා කල්පැවැත්ම වැඩි කරයි.

”ගෝලීය වශයෙන් අපගේ පාරිභෝගිකයින්ගෙන් ලැබී ඇති ඉහළ ප‍්‍රතිචාරය ගැන අප ඉතාමත් සතුටු වෙනවා. Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G වත්මන් පරම්පරාව තුළ නිසැකවම වෙනසක් ඇති කර තිබෙන අතර මෙම smartphones නවීන තාක්ෂණයෙන් සන්නද්ධ වන නිසා පාරිභෝගිකයින්ට අබණ්ඩ හා උසස් අත්දැකීමක් විඳ ගැනීමට ඉඩ සලසනවා.” යනුවෙන් සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂක කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේය.

මෙම Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G නවතම smartphones ජලයට ඔරොත්තු දෙන IPX8 තාක්ෂණයෙන් සන්නද්ධ වන අතර Galaxy smartphones සඳහා භාවිතා කරන ශක්තිමත්ම ඇලූමිනියම් වර්ගය වන නව Armor Aluminum වලින් මෙය නිපදවා ඇත. එමෙන්ම එහි තිරය Corning® Gorilla® Glass Victus™ වීදුරුවකින් නිමවා තිබීම හේතුවෙන් දුරකතනයට සිදුවන සීරීම් හා හදිසියේ සිදුවන බිම වැටීම්වලින් එය ආරක්ෂා කරයි. මෙම smartphone ද්විත්වයම පැමිණෙන්නේ ඇදීමට ලක් කළ හැකි PET5 වලින් සෑදු නව protective film එකකින් සහ මනාව විධිමත් කරන ලද ආරක්ෂිත පැනලයක් සමඟයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රධාන තිරය මීට පෙර පැවති devices වලට වඩා 80%ක් වැඩි කල් පවතී.  Galaxy Z Fold3 සහ Galaxy Z Flip3 නැමුම් වාර 200,000 සදහා ඔරොත්තු දෙන බවට Bureau Veritas විසින් තහවුරු කර ඇත. අභ්‍යන්තර වශයෙන් සහ බාහිරින් හොඳම අත්දැකීමක් ලබා ගැනීම සඳහා නවතම 5nm ප්‍රොසෙසරයකින් සහ 5G band තාක්ෂණයෙන් ඒවා සමන්විත වෙයි.

සැම්සුන් අද්විතීය foldable අත්දැකීමක් ලබා දීමට වැඩි පාරිභෝගිකයින් පිරිසකට අවස්ථාව සලසා ඇත.

Galaxy Z Fold3 5G (12+256GB) – Phantom Black and Phantom Green

Galaxy Z Flip3 5G (8+256GB) – Cream and Phantom Black

මිලදී ගත හැකි ස්ථාන

පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් පාරිභෝගිකයින්ට Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G මිලදී ගත හැකිය. එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Max සහ Softlogic Retail, Singer, Singhagiri හා Damro මගින් මෙන්ම සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මගින් ද ලබා ගත හැකිය. එමෙන්ම online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung EStore (samsungsrilanka.lk), MySoftlogic.lk, Keellssuper.com සහ Kapruka.com මගින් ද ඔබට මෙය මිලදී ගත හැකිය.

ඔබ කොහේ, කොතැන සිටියත් ඔබට අවශ්‍ය සේවය  ඕනෑම වේලාවක ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප‍්‍රශස්තකරණය සඳහා ඇති අන්තර් ක‍්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.

Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව