Samsung Electronics ගෝලීය රූපවාහිනී වෙළෙඳපොල ප‍්‍රමුඛයා ලෙස අඛණ්ඩව වසර 18 ක් නොනැවතී ඉදිරියටම

Global-TV-Market_main1

අඛණ්ඩව වසර 18ක් ගෝලීය රූපවාහිනී වෙළෙඳපොලෙහි ප‍්‍රමුඛයා ලෙස කටයුතු කළ Samsung Electronics යළිත් වරක් වෙළෙඳපොල තුළ සිය ආධිපත්‍ය තහවුරු කිරීමට සමත්ව සිටියි. මේ සම්බන්ධයෙන් වෙළෙඳපොල පර්යේෂණ ආයතනයක් වන Omdia හි වාර්තාවන්ට අනුව 2006 වසරේ කර්මාන්තයේ ප‍්‍රමුඛයා ලෙස අත්පත් කරගත් විශිෂ්ටත්වය, නවතම OLED සහ QLED රූපවාහිනී නිෂ්පාදන සමඟින් 2023 වසරේදී ද අත්පත් කර ගැනීමට Samsung Electronics සමත්ව ඇත්තේ ගෝලීය රූපවාහිනී වෙළෙඳපොලෙහි 30.1%ක කොටසක් තමන් සතුකර ගනිමිනි.

2017 වසරේදී නවතම  Neo QLED මාදිලිය ඇතුළු QLED TV නිෂ්පාදන පෙළගැස්ම දියත් කළ දා සිට මිලියන 40කට අධික සමස්ත නිෂ්පාදන විකුණුම් ප‍්‍රමාණයක් අභිබවා යාමට සමත් වූ Samsung 2023 වසරේදී පමණක් සිය QLED නිෂ්පාදනයන්හි මිලියන 8.31ක නිෂ්පාදන අලෙවියක් වාර්තා කිරීමට සමත්වීම තුළින් එය මනාව ප‍්‍රදර්ශනය වේ.

 


 

premium TV අංශය තුළ කැපී පෙනෙන විශිෂ්ටත්වයක් සනිටුහන් කිරීමට සමත් වූ Samsung ඩොලර් 2500ට වඩා වැඩි මිලකට අලෙවි වන, අඟල් 75ක ප‍්‍රමාණයකට වඩා වැඩි TV අංශය තුළ එම තත්වය ඉහළින්ම පවත්වා ගැනීමට සමත් වූයේ 60.5%කට අධික අසමසම වෙළෙඳපොල කොටසක් තමන් සතු කරගනිමිනි. අඟල් 75කට වඩා වැඩි රූපවාහිනී අලෙවියේ 33.9%ක Samsung අංශය හිමි කර ගෙන සිටියි. මීට අමතරව අඟල් 98 රූපවාහිනී මාදිලියන්හි ද ඉහළ අලෙවියක් වාර්තා කර ඇති Samsung අඟල් 90ට වැඩි රූපවාහිනී වෙළෙඳපොලෙහි 30.4%ක කොටසක් හිමිකර ගනිමින් පෙරමුණ ගෙන සිටියි.

පුළුල් තිර සහිත ඉහළම තත්වයේ රූපවාහිනී වෙළෙඳපොල තුළ Samsung අත්කරගෙන ඇති සාර්ථකත්වය තව දුරටත් ඉදිරියට ගෙන යාමට සමත්ව සිටින Samsung OLED රූපවාහිනී අංශයද 2023 වසරේ මිලියන 1.01ක රූපවාහිනී අලෙවියක් වාර්තා කළ අතර එය සමස්ත වෙළෙඳපොලෙන් 22.7%ක කොටසක් විය. නවතම විශේෂාංගයන් ඇතුලත් කරමින් හඳුන්වා දෙනු ලැබූ Samsung OLED රූපවාහිනී පෙළ සමගින් 2024 වසරේදීද එහි වෙළෙඳපොල කොටස බෙහෙවින් ඉහළ නැංවීමට සමත් වනු ඇතැයි මේ වන විට පුරෝකතනය කොට ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් එක් කළ Samsung Electronics හි රූපවාහිනී ව්‍යාපාර අංශයේ සභාපති සහ ප‍්‍රධානී  SW Yong මහතා සඳහන් කර සිටියේ ‘’වසර 18ක් පුරා අඛණ්ඩව ගෝලීය රූපවාහිනී කර්මාන්තයේ වෙළෙඳපොල ප‍්‍රමුඛයා ලෙස පිළිගැනීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. එය අපගේ ගනුදෙනුකරුවන් Samsung නිෂ්පාදන කෙරෙහි තබා ඇති දිගු කාලීන විශ්වාසය හා බැඳීම සඳහා වන හොඳම සාක්ෂියක් ලෙස පෙන්වා දිය හැකියි. මෙම කර්මාන්තය තවදුරටත් ඉදිරියට ගෙන යමින් ගුණාත්මක භාවයෙන් ඉහළ රූපවාහිනී නිෂ්පාදනයක් තුළින් පාරිභෝගිකයා වෙත අසමසම අත්දැකීමක් එක් කිරීම වෙනුවෙන් අපි කැපවී කටයුතු කරනවා’’ යනුවෙනි.

මේ අතර පසුගියදා නිමාව දුටු 2024 පාරිභෝගික විදුලි උපකරණ ප‍්‍රදර්ශනයේදී (CES) AI Screen යුගය ආරම්භ කරමින් තවත් සුවිසල් ඉදිරි පියවරක් තැබීමට Samsung කටයුතු කරනු ලැබුවේ නවතම NQ8 AI Gen3 ප්‍රොසෙසරය එළිදක්වමිනි. නවීනතම chipsets සහ විශේෂාංගයන්හි දියුණුව සමඟින් ඔබේ ස්මාර්ට් නිවස නවෝත්පාදනයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරන AI screens සහිත NQ8 AI Gen3 ප්‍රොසෙසරය Tizen OS තාක්ෂණයෙන් බලගැන්වෙන නවීන AI තාක්ෂණය සමඟින් Smart TV සංකල්පයට නව මුහුණුවරක් එක් කිරීමට සමත් වනු ඇත.

එසේම 2024 වසරේදී තව දුරටත් නව්‍යකරණ නිෂ්පාදන රැසක් පාරිභෝගිකයා වෙත තිළිණ කරමින් නවෝත්පාදක වසරක් සනිටුහන් කිරීමට බලාපොරොත්තු වන Samsung ඉදිරි කාලය තුළ ඉහළ මට්ටමේ ප්‍රොසෙසර සහ AI තාක්ෂණයේ මහිමය තුළින් පාරිභෝගික විනෝදාස්වාදයේ නවමු පරිච්ෙඡ්දයක් සනිටුහන් කරනු ඇත්තේ රූපවාහිනී කර්මාන්තය තුළද සුවිශේෂී සංධිස්ථානයන් සනිටුහන් කරමිනි.

 


 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව