ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා හි සහාය ඇතිව සිය Galaxy ස්මාර්ට් ජංගම දුරකතන කාණ්ඩයකට 5ඨ තාක්ෂණික පහසුකම් සක්‍රීය කළ බව නිවේදනය කර සිටී. මේ අනුව සැම්සුන් පරිශීලකටයින් දැන් ඩයලොග් හි 5G Trial Network තුළ ඔවුන්ගේ 5G හැකියාව සහිත device එක භාවිත කරමින් 5G තාක්ෂණයෙන් සන්නද්ධ වී සිටී.
සැම්සුන් මෑතකදී 5G හැකියාව ඇති Samsung Galaxy S21 කාණ්ඩයේ Galaxy S21, Galaxy S21+ සහ Galaxy S21 Ultra සඳහා ඩයලොග් හි 5G Trial Network තුළට ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දීම අනුව යමින් මෙය සිදු කිරීම විශේෂත්වයකි. මේ වන විට සැම්සුන් Galaxy Z Fold3 හා Flip3 5G, සැම්සන් Galaxy F42 5G, Galaxy A22 5G සහ Galaxy Z Fold2 යන සැම්සුන් ස්මාර්ට් ජංගම දුරකතන 5G තාක්ෂණය සහිතය.
මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකාර අධ්යක්ෂ, කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේ ‘‘ඩයලොග් වෙතින් ලැබෙන විශාල සහයෝගය සමඟින් අපගේ පුළුල් පරාසයක smartphones රැසකට අවසානයේදී 5G තාක්ෂණය හඳුන්වා දීමට ලැබීම ගැන අප සිටින්නේ දැඩි උද්යෝගයෙන්. පහසුව, හැඩය හා තාක්ෂණය ඔබේ අතටම ගෙන එමින් හා 5G තාක්ෂණය මගින් ඔබ වෙත ගෙන එනු ලබන නවතම ප්රතිලාභවලින් එය සමන්විත වන නිසා සැම්සුන් දැන් අනාගතය සඳහා සූදානම්.’’ යනුවෙනි.
මේ පිළිබඳව අදහස් දක්වන ඩයලොග් ආසියාටා සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා ‘‘අනාගතයේදී ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීමේ අපගේ ප්රයත්නයේ කොටසක් ලෙස සියලූම Galaxy Z Fold3 හා Flip3 පරිශීලකයින්ට 5G හි අසීමිත හැකියාවන් අත්විඳීමට පහසුකම් සැලසීමට සැම්සුන් සමඟ එක්වීමට ලැබීම ගැන අපට සතුටුයි. මහනුවර, අම්පාර, ගාල්ල, මීගමුව, කටුනායක, පෑලියගොඩ, බියගම, මොරටුව, බේරුවල, වත්තල, නුගේගොඩ, බොරලැස්ගමුව සහ තවත් බොහෝ ප්‍රදේශ ඇතුළුව දිවයින පුරා 80කට වැඩි ස්ථාන සංඛ්‍යාවකට ඩයලොග් හි 5G Trial Network තුළ 5G අත්දැකීම විඳ ගැනීමට අපි පාරිභෝගිකයින්ට විවෘතව ආරාධනා කර සිටිනවා.’’ යනුවෙන් පැවසුවේය.
ඔබ flip හෝ fold තෝරා ගත්තද මෙම නවතම Galaxy Z devices දෙක මගින් ඔබ මෙතෙක් අත් නොවිඳි කල් පවතින, සම්බන්ධිත හා පුළුල් foldable අත්දැකීම් ඔබට ලබා දෙයි. මෙම Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G නවතම smartphones ජලයට ඔරොත්තු දෙන තාක්ෂණයෙන් සමන්විත වන අතර Galaxy smartphones සඳහා භාවිතා කරන ශක්තිමත්ම ඇලූමිනියම් වර්ගය වන නව Armor Aluminum වලින් මෙය නිපදවා ඇත. එමෙන්ම එහි තිරය Corning® Gorilla® Glass Victus™ වීදුරුවකින් නිමවා තිබීම හේතුවෙන් දුරකතනයට සිදුවන සීරීම් හා බිම වැටීම්වලින් එය ආරක්ෂා කරයි. මෙම smartphone ද්විත්වයම වැඩිදියුණු කළ protective film එකකින් සහ මනාව විධිමත් කරන ලද ආරක්ෂිත පැනලයක් සමඟ ඔබ වෙත පැමිණේ.
Night mode විශේෂාංගය සහිත 64MP ත්‍රිත්ව කැමරාව, 90Hz refresh rate සහිත අඟල් 6.6’’ FHD+ display එක සහ 12 5G bands support තාක්ෂණය වැනි අද්විතීය විශේෂාංග රැසකින් සමන්විත Galaxy F42 5G සුපිරි වීඩියෝ ක්‍රීඩා අත්දැකීමක් පරිශීලකයින්ට ලබා දීමට හා වීඩියෝ ක්‍රීඩා උසස් තත්වයකට රැගෙන යාම සඳහා නිර්මාණය කර තිබේ.
5G හැකියාව ඇති අනෙක් device එක වන Galaxy A22 5G, ඉතා පහසුවෙන් හැසිරවිය හැකි, gaming සඳහා මනාව ගැළපෙන 90Hz refresh rate වේගයකින් යුත් අඟල් 6.6’’ FHD+ Infinity-V තිරය ආදී විශේෂාංගයන්ගෙන් සැදුම් ලත් ආකර්ෂණීය ස්මාර්ට් ජංගම දුරකතනයකි. ඒ තුළින් පරිශීලකයන්ට සුපැහැදිලි දසුන් නැරඹීමේ නවමු අත්දැකීමක් එක්කරන අතරතුර යන එන අතරතුදී ද ඔවුන් ප්‍රිය කරන විශේෂාංගයන් නොනවත්වා නැරඹීමේ පහසුවද අත්කර දෙයි. එමෙන්ම Dolby Atmos තාක්ෂණයෙන් යුත් එහි වයර් සහිත හා bluetooth headsets දෙසවනට මිහිරක් එක් කරන අතර විශිෂ්ට ගීත ශ්‍රවනය කිරීමේ හා චිත්‍රපට නැරඹීමේ රසවත් අත්දැකීමක්ද පාරිභෝගිකයා වෙත එක් කරයි. නරඹන්නන්ගේ ඇස් අධික ලෙස වෙහෙස වීම පාලනය කිරීමට සමත් එහි තිරයෙහි අන්තර්ගත dark mode තාක්ෂණය ජංගම දුරකතනයේ බැටරියටද වැඩි ආයු කාලයක් එක් කරනු ලබයි.
ශ්‍රී ලංකාව පුරා 5G තාක්ෂණය ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමඟ මුළු දිවයිනම වඩාත් හොඳ ජංගම දුරකතන ජාලයකට සම්බන්ධ වීමට වැඩි කාලයක් ගත නොවනු ඇත. ඔබට 5G ජංගම දුරකතනයක් ඇත්නම්, ඔබට වේගයෙන් download කිරීම්, ක්ෂණිකව වීඩියෝ stream කිරීම සහ තවත් බොහෝ පහසුකම් භුක්ති විඳීමට හැකි වනු ඇත. නමුත් 5G යනු වැඩි වේගයක් සහිත තාක්ෂණයක් පමණක් නොව autonomous cars, augmented reality සහ වෙනත් අළුත් හා ආකාර්ෂණීය wireless තාක්ෂණය සඳහා ද පදනම වෙයි.
සැම්සුන් සැමවිටම පාරිභෝගිකයින් වෙත අර්ථවත් නවෝත්පාදනයන් ගෙන එන අතර මෙම අලූතින් එළිදැක්වූ Galaxy 5G smartphones අනාගතයට සූදානමින් සිටින අපගේ පාරිභෝගිකයින්ට නිමක් නැති හැකියාවන් සඳහා දොරගුළු විවර කරයිx මෑතකදී දියත් කරන ලද සැම්සුන් devices යනු අර්ථවත් ඵලදායී තාක්ෂණයක් සහ නිෂ්පාදන පාරිභෝගිකයින් වෙත රැගෙන ඒම සඳහා සැම්සුන් හි කැපවීම පෙන්නුම් කරන කදිම සාක්ෂියකි.
සැම්සුන් Galaxy smartphones යනු 12 5G bands support තාක්ෂණය සහිත devices වේ. මෙයින් අදහස් වන්නේ ඩයලොග් විසින් 5G ජාලය ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර ඇති නිසා, ඔවුන් උසස් 5G තාක්ෂණයට සහය දක්වනු ඇති බවයි. ශ්‍රී ලංකාව තුළ 5G තාක්ෂණය වෙළෙඳපොලට හඳුන්වා දීමට පෙර සිටම සැම්සුන් 12 5G bands තාක්ෂණය සහිත N1, N3, N5, N7, N8, N20, N28, N38, N40, N41, N66 සහ N78 smartphones ලබා දීමෙන් අපගේ පාරිභෝගිකයින් අනාගතයට සූදානම් බව සහතික කිරීම සඳහා ඉදිරි පියවරක් තැබුවේයx
ශ්‍රී ලංකාවේ 5G bands කුමක් වුවත් Galaxy 5G සමඟ 5G සම්බන්ධතාවය ගැන අපගේ පරිශීලකයින්ට සහතිකයක් ලබා දෙනු ඇති අතර එමඟින් ඕනෑම 5G ජාලයකට (ක්‍රියාකාරී ජාලය ලබා ගැනීමේ හැකියාව අනුව) බාධාවකින් තොරව රට පුරා ජාල සම්බන්ධතාවයට ප්‍රවේශ වීමට හැකි වනු ඇත. මෙම අඛණ්ඩ 5G තාක්ෂණය සමඟින් ඉතා වේගයෙන් අන්තර්ගතයන් download කිරීමට, බෙදා ගැනීමට හා නැරඹීමට ඔබට උපකාරී වනු ඇත.
සැම්සුන් 2009 වසරේ සිට 5G තාක්ෂණය සඳහා සිදු කරනු සංවර්ධනයන් උදෙසා පුරෝගාමීව කටයුතු කරන ලද අතර 5G තාක්ෂණය ප්රමිතිකරණය කිරීම සඳහා ප්රමුඛ කාර්යභාරයක් ඉටු කළේය. 2019 දී ලොව ප්‍රථම 5G smartphone එක වන Galaxy S10 හඳුන්වා දුන් සැම්සුන් ගෝලීය වශයෙන් පුළුල්තම 5G devices නිෂ්පාදන කළඹට හිමිකම් කියන අතර chipsets, radios සහ core ජදරු ඇතුළු devices හරහා ආරම්භයේ සිට අවසානය දක්වා සාර්ථකව විසඳුම් ලබා දීමට පුරෝගාමීව කටයුතු කර ඇත.
ඔබට නිවසේ සුවපහසුව සිටිමින්, යන එන ගමන් වීඩියෝ ක්‍රීඩාවක නිරත වීම හෝ ඔබගේ ආයතනයේ ඔබ සමඟ කටයුතු කරන සඟයන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට හෝ අවශ්‍ය නම් ඕනෑම කෙනෙකු සතු මුදලට සරිලන සියලූ පහසුකම්වලින් යුතු 5G device සැම්සුන් සතුව ඇත. සැම්සුන් Galaxy 5G devices දැන් ඔබව සුපිරි වේගයකින් රැගෙන යාමට සූදානම්ය. දශකයකටත් වඩා වැඩි අත්දැකීමක් සමඟින්, සැම්සුන් තරම් වෙනත් කිසිඳු තරගකරුවකු 5G devices නිපදවන්නේ නැත.
ඩයලොග් හි 5G trial network තවත් බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත කරන බැවින් මේ පිළිබඳව වැඩි විස්තර දැන ගැනීම සඳහා පාරිභෝගිකයින්ට www.dialog.lk/5g වෙත පිවිසිය හැකිය. සැම්සුන් Galaxy Z Fold3 5G, Z Flip3 5G, S21 කාණ්ඩය, F42 5G, A22 5G සහ Z Fold2 පාරිභෝගිකයින්ට ඩයලොග් හි 5G trial network සමඟ සම්බන්ධ වීම සඳහා settings වෙත ගොස් ‘Software Update’ එකක් කළ යුතුය. පසුව ඔවුන් ස්වයංක්‍රීයව ඩයලොග් හි 5G trial network සමඟ සම්බන්ධ වනු ඇත.
පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළෙඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් පාරිභෝගිකයින්ට ඔවුන්ෙග් Galaxy 5G devices මිලදී ගත හැකිය. එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Max හා Retail, Singer, Singhagiri සහ Damro මගින් ෙමන්ම සන්නිවේදන හවුල්කරුවා වන Dialog මගින් සහ online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung EStore (samsungsrilanka.lk), MySoftlogic.lk, Keellssuper.com සහ Kapruka.com මගින් ද ලබා ගත හැකිය.
ඔබ කොහේ, කොතැන සිටියත් ඔබට අවශ්‍ය සේවය ඕනෑම වේලාවක ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප්‍රශස්තකරණය සඳහා ඇති අන්තර් ක්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.
Samsung අඛණ්ඩව වසර තුනක් ශ්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.