SAMSUNG හි Galaxy S22 5G කාණ්ඩය සුවිශේෂී දීමනා සමඟින් පෙර ඇණවුම් භාරගනු ලබයි

S22 Pre Order posts 1x1_Pre-order start today copy 8 (2)

 




 

 

– Galaxy Note හා S කාණ්ඩවල ඇති ප‍්‍රධාන විශේෂාංගවල සුසංයෝගයෙන් සැම්සුන් හි වඩාත් ප‍්‍රබලතම device එක වන Galaxy S22 Ultra 5G හඳුන්වා දෙයි

– ඔබගේ ජීවිතයේ සොඳුරු අවස්ථාවන් නිර්මාණය කිරීමට, ග‍්‍රහණය කර ගැනීමට සහ බෙදාහදා ගැනීමට pro-grade AI තාක්ෂණයෙන් යුත් කැමරා විශේෂාංග සහිතව Galaxy S22 5G දැන් ඔබ අතට

– පෙර-ඇණවුම් සඳහා සැම්සුන් විසින් නොමිලේ Galaxy Buds, Data, OneDrive storage, Adobe premium හා Spotify වැනි සුවිශේෂී දීමනා පිරිනමයි

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳනාමය වන සැම්සුන් ඔවුන්ගේ වඩාත් ප‍්‍රබලතම devices කාණ්ඩය ලෙස සැලකෙන Galaxy S22 5G කාණ්ඩය නොමිලේ Galaxy Buds හා free Data වැනි සුවිශේෂී දීමනා සමඟින් පෙර ඇණවුම් භාරගනු ලබන බව නිවේදනය කර ඇත. Premium smartphones සඳහා නව සම්මතයක් සකස් කරමින් Note කාණ්ඩයේ ඇති ප‍්‍රධාන විශේෂාංගල pro-grade කැමරාව සමඟින් එයටම සුවිශේෂී වූ S-Pen සහ S කාණ්ඩයේ ඇති ඉහළම ක‍්‍රියාකාරීත්වය ආදියෙන් Galaxy S22 Ultra 5G සමන්විත වේ. ඉතා ආකර්ෂණීය මෙන්ම මනා හැඩයකින් හා තිරසාරභාවය ගැන වැඩි සැලකිල්ලක් යොමු කරමින් නිර්මාණය කර ඇති Galaxy S22 5G හි advanced intelligent imaging තාක්ෂණය සහිත ක‍්‍රියාශීලී කැමරාව ඔබගේ ජීවිතයේ සෑම මොහොතක්ම සොඳුරු මොහොතක් බවට පත් කරනු නොඅනුමානය. එමෙන්ම Galaxy S22 5G කාණ්ඩය ඩයලොග් හි 5G Trial Network තුළට ප‍්‍රවේශය සහිතව හඳුන්වා දී තිබීම විශේෂිතය.

මේ පිළිබඳව අදහස් දක්වන සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේ ”Galaxy S22 5G යනු නිමක් නැති ගමනක් වෙත ඔබ රැගෙන යන වේදිකාවක්. සැම්සුන් හි, අපි එය ඉතා අගය කොට සලකනවා. අද්විතීය pro-grade කැමරාවල සිට විනෝදාස්වාදය දක්වා Galaxy S22 5G කාණ්ඩය පරිශීලකයින්ට ඔවුන් හඹා යන ජීවිතයේ සෑම ආශාවක්ම අභිබවා යාමට ප‍්‍රයෝජනවත් මාර්ග ලබා දීමට බලපොරොත්තුවෙන් සිටිනවා. අපගේ මෙම නවතම premium ස්මාර්ට් ජංගම දුරකතනය මෙරට සිටින සැම්සුන් Galaxy smartphone ලෝලීන්ට ඉතා උසස් අත්දැකීම් ඉතා වැදගත් එක් ප‍්‍රධාන device එකක් මගින් ලබා දෙනු ඇත. Galaxy S22 මෙරට smartphones අනාගතය නව පරිවර්තනයක් කරා නිසැකවම ගෙන යනු ඇති බව අපට විශ්වාසයි.’’ යනුවෙනි.

Galaxy S22 Ultra 5G: සැම්සුන් හි දැනට ඇති වඩාත් ප‍්‍රබලතම දුරකතනය

Galaxy S22 Ultra 5G සතුව එන S Pen විශේෂාංගය අප මෙතෙක් නිර්මාණය කර ඇති වේගවත්ම හා වඩාත් ඉක්මනින් ප‍්‍රතිචාර දක්වන සුළු S Pen එක ලෙස හඳුන්වා දිය හැකිය. 70%ක අවම latency හැකියාව සමඟින් S Pen මගින් ඔබට ඔබගේ S22 Ultra 5G හි පුළුල් තිරය මත පහසුවෙන් ලිවීමට හා ඇඳීමටත් අළුත් apps පිළිබඳව ගවේෂණය කිරීමට හැකිය. තවද S Pen සමඟින් Galaxy Note කාණ්ඩයේ උරුමය වැළඳගන්නා අතරතුර නිර්මාණශීලී වීමට හා  අළුත් දේවල් කිරීමට නව මාර්ග විවෘත කරයි. එමගින් අන් කවරදාවත් නොවිඳි ආකාරයේ ජංගම දුරකතන අත්දැකීමක් ඔබ වෙත රැගෙන එයි.

Galaxy S22 5G කාණ්ඩය: osjd ? foflysu iqmeyeos,s PdhdrEm yd ùäfhda

Galaxy S22 Ultra 5G 2.4um pixel sensor සහිතව නිර්මාණය කර ඇති බැවින් ඕනෑම ආලෝක තත්වයක් යටතේ සුපැහැදිලි ඡායාරූප හා වීඩියෝ සැණෙකින් ලබා ගැනීමේ හැකියාව නොමදව ලබා දෙයි. සැම්සුන් ජංගම දුරකතනයක මෙතෙක් පැවැති විශාලතම pixel sensor එක වන මෙමගින් ඔබ කැමති ආකාරයේ විශිෂ්ට ඡායාරූප හා වීඩියෝ ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. විශේෂයෙන් එහි ඇති Super Clear Glass කැමරා lens හේතුවෙන් වඩා පැහැදිලි ඡායාරූප ලබා ගැනීමට මෙන්ම රාත‍්‍රී කාලයේදී සුපැහැදිලි වීඩියෝ ලබා ගැනීමටද උපකාර වනු ඇත. Galaxy S22 Ultra 5G හි Auto Framing තාක්ෂණය හේතුවෙන් ඔබ මිතුරන් සමඟ වීඩියෝ ගැනීමේදී පුද්ගලයන් 10 දෙනෙකු සිටියද එහි කැමරාවේ focus එක ස්වයංක‍්‍රීයව වෙනස් වන නිසා ඔබේ කැමරාව පැහැදිලිව ඒ සෑම කෙනෙකුම ග‍්‍රහණය කරගනී. තවද වැඩි Zoom අවකාශය හා quadruple-lens සහිත කැමරාව සමඟින් Galaxy S22 Ultra 5G සැම්සුන් smartphone අතර ප‍්‍රබලතම කැමරාව බව යළි යළිත් තහවුරු කරනු ඇත.

Galaxy S22 Ultra 5G සහ S22 5G සතු Nightography විශේෂාංගය තුළින් දිවා කාලයේ මෙන්ම රාත‍්‍රී කාලයේදී සිදු කරන වීඩියෝ කිරීම්හිදී සුපැහැදිලි වීඩියෝ ලබා ගැනීමට ඔබට ඉඩ සලසා දී ඇත්තේ ඉදිරිපස හා පසුපස කැමරා දෙක තුළින්ම වඩාත් සමීප ඡායාරූප ලබා ගැනීමේ නව වැඩි දියුණු කිරීම්ද සමගිනි. මෙහිදී Galaxy S22 5G සතුව S21 ට වඩා 23% larger sensor එකක් ඇති නිසා කැමරාව වෙත අඳුරු ආලෝක තත්වයක් යටතේ වුවද වැඩි ආලෝකයක් ලබා දීමටත් ඡායාරූප හෝ වීඩියෝ ගත කරන වස්තුවේ සියලූ විශේෂාංගයන් මෙන්ම වර්ණයන් මනාව ග‍්‍රහණය කර ගැනීමටත් ඊට හැකියාව ඇත. 50MP තරම් ප‍්‍රබල ප‍්‍රධාන කැමරාවකින් සමන්විතව එන Galaxy S22 5G 30X zoom කළ හැකි 10MP telephoto lens, 12MP ultra-wide lens එකකින් යුක්ත වන බැවින් සැණෙකින් සුපැදිලි ඡායාරූපයක් ලබා ගැනීමට හැකිවනු ඇත. උසස් VDIS තාක්ෂණයෙන් බලගැන්වුනු මෙම devices දෙකම vibrations අවම කරයි. එනිසා ඔබ ගමන් කරන විටදී පවා ඔබට සුමට, සුපැහැදලි දසුන් ලබා ගත හැකිය

පරම්පරා හතරක් ඉදිරියට

ප‍්‍රබල ක‍්‍රියාකාරීත්වයක් සහ අත්දැකීමක් සහිත ස්මාර්ට් ජංගම දුරකතනයක් පරිශීලකයන් වෙත ලබා දීම වෙනුවෙන් වන සැම්සුන්හි කැපවීමේ කොටසක් ලෙස Galaxy S22 5G හි අන්තර්ගත වැඩි දියුණු කළ Android OS තවත් පරම්පරා 4ක් දක්වා සහායවනු නිසැකය. වර්තමානයේදී මිලියන ගණනක් වූ Galaxy පරිශීලකයන් හට නවතම ආරක්ෂාව, ඵලදායීතාව සහ අනෙකුත් ආකර්ෂණීය නවතම විශේෂාංගයන් තුළින් වැඩි ප‍්‍රතිලාභ හිමි කර ගත හැකි අතර ඔබගේ Galaxy devices තුළින් ඔබ වෙත පරිපූර්ණ සහයෝගයක් හිමි වන බව සහතික කිරීම වෙනුවෙන් සැම්සුන් නිෂ්පාදන මාලාව මගින් මෙය තවදුරටත් ඉහළ නංවනු ඇති බව ඉමහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානය.

විශ්වසනීය ආරක්ෂාව

සැම්සුන්හි ප‍්‍රබල Knox Vault ආරක්ෂණ වේදිකාව මඟින් ආරක්ෂාව තහවුරු කර ඇති Galaxy S22 5G කාණ්ඩය තුළ ඔබගේ passwords, biometrics හෝ Block chain keys වැනි ඉතා සංවේදී දත්ත දුරකතනයේ ප‍්‍රධාන operating system එකෙන් සම්පූර්ණයෙන් ඈත් කර තබන ආරක්ෂක ප්‍රොසෙසරයකින් සහ memory එකකින් යුක්ත වේ. UI හි නව රහස්‍යතා උපකරණ පුවරුවක් (privacy dashboard) සහ Indicator ඔබගේ දත්ත හා කැමරාව වෙත ප‍්‍රවේශ වන්නේ කුමන apps දැයි යන්න හඳුනා ගැනීම පහසු කරන අතර ඒ හේතුවෙන් එම එක් එක් apps ඔබට අවශ්‍ය පරිදි භාවිත කිරීම හෝ ප‍්‍රතික්ෂේප කිරී සිදු කළ හැකිය. එසේම ඔබගේ operating system ඉලක්ක කරගත් සයිබර් ප‍්‍රහාරයන් වැළැක්වීමට උපකාර වන ARM micro architecture ඇතුළු නවතම ආරක්ෂණ විශේෂාංග කිහිපයක් ද මෙම Galaxy S22 5G කාණ්ඩය සමඟින් හඳුන්වා දී ඇත.

තිරසාර නවෝත්පාදනය

පරිසර හිතකාමී නවෝත්පාදනවලට ප‍්‍රමුඛත්වය ලබා දෙමින් smartphone නිර්මාණයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට සමත්ව ඇති Galaxy S22 5G හි key bracket සහ S Pen හි ඇති ඇතුළත කවරය (inner cover)20%ක් ඉවත ලන මාළු දැල් ප‍්‍රතිචක‍්‍රීයකරණය තළ අමුද්‍රව්‍යයකින් නිර්මාණය කර තිබීම සුවිශේෂත්වයකි. එමෙන්ම එහි ඇසුරුම් සකස් කොට ඇත්තේ 100%ක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ කඩදාසි සහ ප්ලාස්ටික් භාවිත කරන ආරක්ෂිත පටලයක් තුලින් බැවින් Galaxy S22 5G තිරසාර පාරිසරික නිෂ්පාදනයක් ලෙසද සඳහන් කළ හැකිය.

මිලදී හැකි ක‍්‍රම, මිල හා හඳුන්වාදීමේ දීමනා

පෙර ඇණවුම් කරනු ලබන Galaxy S22 Ultra 5G (12/256 GB) වර්ගයේ දුරකතනයක මිල රුපියල් 319,999 ක් වන අතර Phantom Black, Burgundy හා Green වර්ණයන්ගෙන් එය ලබා ගත හැකිය. පෙර ඇණවුම් කරනු ලබන Galaxy S22 5G (8/256GB) වර්ගයේ දුරකතනයක මිල රු. 229,999ක් වන අතර Phantom Black, Pink Gold, Phantom White හා Green වර්ණයන්ගෙන් එය ලබා ගත හැකිය. Galaxy S22 Ultra 5G පෙර ඇණවුම් සඳහා සැම්සුන් විසින් නොමිලේ Galaxy Buds2 හා 200 GB නොමිලේ Dialog data ලබා දෙනු ලබන අතර Galaxy S22 5G පෙර ඇණවුම් කරනු ලබන පාරිභෝගිකයින්ට සැම්සුන් විසින් නොමිලේ Galaxy Buds Live හා 150 GB නොමිලේ Dialog data පිරිනමනු ඇත. තවද Galaxy S22 Ultra 5G හෝ Galaxy S22 5G පෙර ඇණවුම් කරනු ලබන පාරිභෝගිකයින්ට OneDrive වලට මාස 6ක් සඳහා 100GB, මාස 6ක් සඳහා Spotify premium subscription සහ Adobe Photoshop Lightroom හා Adobe Creative Cloud Express වලට සුවිශේෂ දීමනාවක් ද හිමි වේ.

පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් මෙරට පාරිභෝගිකයින්ට S22 5G කාණ්ඩය ඇණවුම් කළ හැකිය. එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Retail, Singer, Singhagiri සහ Damro මගින් මෙන්ම සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මගින් ද ලබා ගත හැකිය. එමෙන්ම online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung EStore (samsungsrilanka.lk), MySoftlogic.lk, Daraz.lk, Keellssuper.com සහ Kapruka.com මගින් ද ඔබට ඇණවුම් කිරීමට අවස්ථාව හිමි වනු ඇත.

ඔබ කොහේ, කොතැන සිටියත් ඔබට අවශ්‍ය සේවය ඕනෑම වේලාවක ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප‍්‍රශස්තකරණය සඳහා ඇති අන්තර් ක‍්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.

Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

 




 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව