Samsung සිය වැඩිදියුණු කළ ආරක්ෂිත අගුළු පද්ධතිය වන Good Lock ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Intro-Good-Lock

 



 

 

 

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphones වෙළෙඳ නාමය වන සැම්සුන් වැඩිදියුණු කළ පුද්ගලිකත්වයට ගැළපෙන ආරක්ෂිත අගුළු පද්ධතිය වන Good Lock පසුගියදා මෙරට Galaxy ස්මාර්ට් ජංගම දුරකතන වෙත හඳුන්වා දුන්නේය.

මෙරට සිටින Samsung Members ප‍්‍රජාව විසින් දිගු කලක් තිස්සේ කළ දැඩි ඉල්ලීම්වලට ප‍්‍රතිචාරයක් ලෙස සැම්සුන් හි මෙම නව හඳුන්වා දීම සිදු වීම කැපී පෙනේ. සැම්සුන් සමඟින් එක් එක් පුද්ගලයාට සරිලන පරිදි වෙනස් කළ හැකි විශේෂාංග අත්දැකීම තවත් ඉහළ නැංවීම සඳහා මෙම Good Lock යෙදවුම (app) මෙරටට හඳුන්වා දී තිබේ.

නව යොවුන් සහ තරුණ ප‍්‍රජාව යනු ඔවුන්ගේ devices වල සෑම විශේෂාංගයක්ම තමන්ට අවශ්‍ය පරිදි හැසිරවීමට කැමැත්තක් දක්වන පිරිසක් වන බැවින් Good Lock app එක මගින් ඔබගේ Galaxy device එකෙහි පෙනුම සහ අතුරු මුහුණතේ ස්වරූපය තමන්ට කැමති පරිදි සකස් කරගැනීමට ඉඩ සලසන පුද්ගලිකත්වයට ගැලපෙන පරිදි වෙනස් කළ හැකි පුළුල් පරාසයක විසිරුණු විශේෂාංග රැසක් ඔබට ලබා දෙයි. Galaxy S, Tab S සහ Z යන කාණ්ඩවල සියලූම smartphones වලට සැම්සුන් Good Lock app එක මෙරටදී ලබා ගත හැකි අතරම Galaxy A3x වලින් ආරම්භ වන Galaxy A කාණ්ඩයේ පරිශීලකයින්ට ද ඒ සඳහා අවස්ථාව ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේ ‘‘සැම්සුන් Good Lock ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීම පිළිබඳව අපි අතිශයින් සතුටු වෙනවා. ආරම්භයේ පටන් වසර ගණනාවක් තිස්සේ මෙරට සැම්සුන් පරිශීලකයින් විසින් එය ශ්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක කිරීමට ඉල්ලීම් කරනු ලැබුවාx අප අපගේ පාරිභෝගික අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනී සිටින සන්නාමයක් බැවින්, දිනෙන් දින ඉහළ යමින් සිටින අපගේ සැම්සුන් පාරිභෝගික ප‍්‍රජාව වර්ධනය කිරීම සඳහා මෙය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමට අප කටයුතු කළා.’’ යනුවෙනි.

මෙහිදී තමන්ට ගැළපෙන ආකාරයෙන් භාවිත කිරීමේ බලය පාරිභෝගිකයා අතට පත් කිරීම වෙනුවෙන් ආකර්ෂණීය නව්‍ය විශේෂාංග කිහිපයක් Good Lock වෙත හඳුන්වාදීමට සැම්සුන් කටයුතු කර තිබීම විශේෂත්වයකි. ඔබ සතු S Pen, Wallpaper සහ keyboard ඔබේම කර ගැනීමට හැකි වන ලෙස නිර්මාණය කර ඇති නවතම යෙදවුම් (app) තුනක් සමඟින් උපරිම device භාවිතයේ පහසුව ඔබ වෙත ගෙන ඒම උදෙසා වන ඉතා සරල යෙදවුම් දෙකක්ද මෙම නව විශේෂාංගය සමඟ නව්‍යකරණයට ලක් කිරීමට සැම්සුන් කටයුතු කර තිබේ.

Galaxy ස්මාර්ට් ජංගම දුරකතන සඳහා වන යෙදවුම සැම්සුන් විසින් 2016 වසරේදී ප‍්‍රථම වරට හඳුන්වා දෙන ලදී.  එය මේ වන විට රටවල් 10කට අධික සංඛ්‍යාවක් හරහා මිලියන 37කට අධික වාර ගණනක් download කර තිබීමද විශේෂත්වයකි.

Good Lock නිර්මාණකරුවන් විසින් මෙම යෙදවුම වැඩි දියුණු කිරීමේදී පරිශීලකයින් හට ඔවුන්ට ගැළපෙන ආකාරයේ අත්දැකීමක් නිර්මාණය කර ගැනීම සඳහා අවස්ථාව ලබා දීමට කටයුතු කරන ලදී. Device, වේදිකා හා පුද්ගලයින් හරහා විවෘත හා ඒ ඒ පුද්ගලයාට ගැලපෙන අත්දැකීමක් ස්ථාපිත කිරීමේදී එක් එක් පරිශීලකයාට device එක තමන්ගේම නිමැවුමක් බවට පත් කර ගැනීමේ බලය ලබා දෙන ආකාරයේ යෙදවුමක් නිෂ්පාදනය කිරීම නිර්මාණකරුවන්ගේ ප‍්‍රයත්නය විය.

ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනයේ homescreen සහ lockscreen ඔබට ගැලපෙන ආකාරයෙන් සකස් කර ගැනීම ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනය නිසැක වශයෙන් ඔබේම කර ගැනීමේ එක් ක‍්‍රමයකි Wonderland app සමඟින්  ඔබේ smartphone එකේ 3D ආකාරයෙන් චලනය වන wallpapers නිර්මාණය කිරීම තුළින් මෙය තවත් පියවරකින් ඉදිරියට ගෙන යාමේ අවස්ථාව ඔබට උදා වේ.

විවිධාකාරයේ මොඩියුල 14කින් සුසැදි Good Lock පෙල තුළින් තමන්ට ගැලපෙන ආකාරයෙන් notifications, ඔරලෝසුව, බහුකාර්ය තිරය, navigation bar, ශබ්දය හා තවත් බොහෝ දේ සමඟ lock screen සකස් කර ගැනීමේ හැකියාව උදා වේ.

දුරකතන ප‍්‍රමාණයෙන් විශාල වෙමින් පවතින පසුබිමක ඔබ සතුව Galaxy S22 Ultra දුරකතනයක් හෝ  ප‍්‍රමාණයෙන් විශාල මීට පෙර නිකුත් කළ ස්මාර්ට් ජංගම දුරකතනයක් වේ නම් ඔබට මෙහි ඇති One Hand Operation+ මොඩියුලය ඉතා ප‍්‍රයෝජනවත් වනු ඇත. එසේම දුරකතන තිරයේ දීප්තිය, Wi-Fi, ශබ්දය සහ අනෙකුත් ක්ෂණික විශේෂාංග ලබා ගැනීම සඳහා swipe කිරීමෙන් menu එකක් විවෘත කර ගැනීමටද ඔබට හැකියාව ඇත.

මෙම යෙදවුම විවෘත කිරීමෙන් පසු Family tab හරහා One Hand Operation+ download කිරීම තුළින් ඔබට එම අවස්ථාව අත්විඳිය හැකිය.

මෙහි MultiStar app යාවත්කාලීන කිරීම තුළින් Galaxy Tablet විශේෂාංග පරිශීලකයින් වෙත ගෙන ඒමට සැම්සුන් කටයුතු කර ඇත. ඒ තුළින් රැහැන් සහිත නව Keyboard අත්දැකීම් බෙදා හදා ගැනීමේ පහසුකම් සළසනු ලබන අතර ස්මාර්ට් ජංගම දුරකතනය ඔබගේ ටැබ් පරිගණකයට සම්බන්ධ කර ඇති Book Cover Keyboard වෙත සම්බන්ධ කිරීමට මෙන්ම උපාංග දෙකෙහිම බාධාවකින් තොරව ටයිප් කිරීම සඳහා මාරු වීමටද ඉඩ සලසනු ලබයි.

Good Lock යෙදවුමෙහි අන්තර්ගත තවත් විශේෂාගයක් වන්නේ Key Café ය. එහිදී ඔබගේ සියලූ මුර පද (passwords) සහ අනෙකුත් ආරක්ෂිත ලිපිගොනු නිරීක්ෂණය කිරීමට හැකි අතර එහි ඇති Nice Catch විශේෂාංගය ඔබගේ දුරකතන කම්පනයන් (phone vibrations) පාලනය කිරීමට අවකාශය සලසනු ලබයි. එසේම ඔබගේ තිරය සහ ශබ්ද ප‍්‍රයෝගයන් ඔබට අවශ්‍ය ලෙස සකසා ගැනීමට එහි ඇති Theme Park සහ Sound Assistant යොදා ගත හැකිය. තවද ඔබගේ එදිනෙදා ක‍්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා Routines+ සහාය වනු ඇත. එමෙන්ම lockscreens, notifications හා navigation පද්ධති ඔබට අවශ්‍ය ලෙස සකසා ගැනීමට එහි LockStar, NotiStar හා NavStar පහසුකම් සපයනු ඇත.

 



 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව