SAMSUNG විශාල තිරය, වැඩි ප‍්‍රබලත්වය හා වැඩි ක‍්‍රියාකාරීත්වය සහිත සිය නවතම Galaxy Tab A8 හඳුන්වා දෙයි

Galaxy_Tab_A8_main1-768x543 (1)

 



 

 

 

සැම්සුන් ශ්‍රී ලංකා Tab A කාණ්ඩයේ දැනට වැඩි කාර්යක්ෂමතාවක් හා වැඩි ප‍්‍රබලත්වයක් සහිත සිය නවතම Galaxy Tab A8 වෙළෙඳපොළට හඳුන්වා දුන් බව නිවේදනය කර සිටී. සිත් ඇදගන්නා සුළු තිරය, ප‍්‍රබලත්වය හා ක‍්‍රියාකාරීත්වය සමඟින් ඉගෙනීමට, විනෝදවීමට, සම්බන්ධ වීමට සහ තවත් බොහෝ දේ සඳහා සුදානමින් සිහින් සහ සැහැල්ලූ නිමවුමක් ලෙසින් Galaxy Tab A8 දැන් ඔබ වෙත පැමිණේ. එය පරිශීලකයින්ගේ දෛනික ජීවන රටාවට සහ මූල්‍ය තත්වයට ගැළපෙන පරිදි සහ අනෙකුත් Galaxy devices සමඟ බාධාවකින් තොරව එක විට සම්බන්ධ කරන අතේ ගෙන යා හැකි ආකර්ෂණීය අත්දැකීමක් වනු නියතය.

මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන් ශ‍්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේ ‘‘දුරස්ථව වැඩකිරීම සහ ඉගෙනීම සම්මතයක් ප‍්‍රමිතිය බවට පත් වී ඇති ලෝකයක, බොහෝ දෙනෙකුට tablets අත්‍යවශ්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා. නිවසේදී සහ මගතොටේදී අපගේ අන්තර්ජාල ක‍්‍රියාකාරකම්වලින් වැඩි ප‍්‍රයෝජන ලබා ගැනීමට ඒවා කදිම device එකක්. video chats, online පන්ති, වීඩියෝ ක‍්‍රීඩා සහ වීඩියෝ නැරඹීම සඳහා පුද්ගලයින් වැඩි වශයෙන් tablets වෙත නැඹුරු වන වන බව අප දන්නවා, ඒ නිසා අප ඔබව නව මානයකට සම්බන්ධ වීමට ඉඩක ලබා දීම සඳහා විශිෂ්ට නව හැකියාවන් සහිතව පරිපූර්ණ device එකක් ලෙස Galaxy Tab A8 ඔබ වෙත ඉදිරිපත් කර තිබෙනවා.’’ යනුවෙනි.

Galaxy Tab A8 අත්දැකීම ආරම්භ වන්නේ සැම්සුන් හි tablets වලටම අනන්‍ය වූ මෙන්ම පරිශීලකයින් වඩාත් ඇළුම් කළ සැම්සුන් Tab S කාණ්ඩයේ හැඩය හා නිමාව සහිතව වීම විශේෂිතයx අඟල් 10.5 පුළුල් තිරය වටා ඇති සිහින් රාමුව සහිතව එන එය සැහැල්ලූ ලෙස නිමවා ඇත. එනිසා මීට පෙර හඳුන්වා දෙන ලද tablet වලට වඩා Galaxy Tab A8, 80% screen to body ratio (සම්පූර්ණ device එක හා සසඳන විට තිරය නියෝජනය කරන ප‍්‍රමාණය) එකකින් යුක්ත වීම නිසා පරිශීලකයින්ට මෙතෙක් අත් නොවිඳි නැරඹුම් අත්දැකීමක් ලබා දෙයි. පරිශීලකයන් ඔවුන්ගේ ප‍්‍රියතම කතාවක් නැරඹුවත්, මිතුරන් සමඟ වීඩියෝ ක‍්‍රීඩාවල නිරත වුවත් හෝ video calls මගින් පවුලේ අය සමඟ සම්බන්ධ වුවත් Dolby Atmos® තාක්ෂණය සහිත Galaxy Tab A8 හි quad-speaker සමඟ අද්විතීය, ගැඹුරු සහ තාත්වික බවින් අනූන මනා ශබ්ද සංයෝජනයක් සපයයි.

එහි අද්විතීය display එකට අමතරව Galaxy Tab A8 සැම්සුන් හි Tab A කාණ්ඩයේ අත්දැකීමට වැඩි ප‍්‍රබලත්වයක් හා ක‍්‍රියාකාරීත්වයක් ලබා දෙයි. Galaxy Tab A8 හි CPU සහ GPU යන අංශ දෙකම වැඩි වේගවත් බවක් ලබා දීම සඳහා 10% කින් ඉහළ නංවා ඇති අතර lag වීමකින් තොර සුමට ක‍්‍රියාකාරීත්වයක් ද ලබා දෙයි. තවද, Galaxy Tab A8, 32GB සිට හෝ 64GB ආදී ලෙස ගබඩා (storage) කිරීමේ විකල්ප කිහිපයක් ලබා දෙන නිසා පරිශීලකයින්ට එයින් ගැලපෙන එකක් තෝරා ගත හැකිය. 1TB දක්වා විශාල ඉඩක් ලබා ගත හැකි microSD කාඞ්පත් විශේෂාංගයද එය සතුය. Galaxy Tab A8 ද දැන් 3GB හෝ 4GB RAM, 15W fast-charging සහිත 7,040mAh බැටරියක් සමඟින් එන නිසා පරිශීලකයින්ට නිතර නිතර charge කිරීමට කරදර නොවී නොනවත්වා පැය ගණනක් ඔවුන්ට කැමති දේවල් නරඹමින් බොහෝ කාලයක් ගත කළ හැකිය.

Galaxy Tab A8 ලබා දෙන විනෝදාත්මක හා ඵලදායී අත්දැකීම Galaxy හි devices හා හවුල්කරුවන් මගින් වඩාත් වැඩි කරන නිසා එදිනෙදා ජීවිතය වඩාත් අර්ථාන්විතව හා සුවපහසුව ගත කිරීමට එය උපකාරී වේ. Tablets පසුගිය වසර දෙක තුළ වැඩ කිරීමට සහ වීඩියෝ ක‍්‍රීඩා යන දෙකටම වඩාත් හොඳ අත්දැකීම් ලබා දීම සඳහා අගනා ප‍්‍රවේශයක් විය හැකි බව ඔප්පු කර ඇත. Galaxy Tab A8 ශක්තිමත් අන්තර්ක‍්‍රියාකාරී අධ්‍යාපනික අන්තර්ගතයන් සහ තම දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන්ට මනා පාලනයක් ලබා දී තිබෙන නිසා දෙමාපියන්ට තම දරුවන්ට නිවසේදී සහ යන එන ගමනේදී ආරක්ෂිත සහ ආකර්ෂනීය ඉගෙනීමේ පරිසරයක් සපයා දීම පහසු කරයි. ගෝලීය අන්තර්ගත හවුල්කරුවන් සමඟ සැම්සුන් අත්වැල් බැඳගෙන තිබීම හා විවිධ icons හා වර්ණ රටාවන් සහිතව එක් එක් පුද්ගලයාට ගැලපෙන පරිදි වෙනස් කළ හැකි home screen එකක් සමඟින් එය එන නිසා දරුවන්ට විනෝදකාමී, එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි නිර්මාණය කරන ලද tablet අත්දැකීමක් අත්විඳිය හැකිය.

8MP පසුපස කැමරාව, 5MP ඉදිරිපස කැමරාව සහ නවතම Screen Recorder විශේෂාංගය සමඟින් එන Galaxy Tab A8 නිසා සිසුන්ට, ගුරුවරුන්ට සහ වීඩියෝ ක‍්‍රීඩාකරන්නන්ට පවා කිසි විටෙකත් කිසිවක් මග හැරිය යුතු නැත. මෙමගින් ඔබට නිබන්ධනවල හෝ දේශනවල පැහැදිලි, සවිස්තරාත්මක වීඩියෝ record කළ හැකි අතර නැත්නම් තිරය සමඟ ඔබට ඔබගේම කටහඬ record කළ හැකිය. ඔබට වඩා හොඳින් අවධානය යොමු කිරීමට සහ ඔබේ සටහන් තේරුම් ගැනීමට උපකාරී වෙමින් ඔබ විශේෂිත කරුණු මතු කිරීමේදී හෝ තිරය මත ලිවීමේදී ඔබ දකින දේ සමඟ ඔබ කියන දේ ගැලපීමට ඔබ විසින්ම සිදු කරන විස්තර සටහන් record කිරීමට මෙම විශේෂාංගය මගින් ඔබට ඉඩ සලසයි.

වැදගත්ම දෙය වන්නේ, පරිශීලකයින්ට Galaxy Tab A8 හි සියලූම ක‍්‍රියාකාරීත්වයන් මනස නිරවුල්ව තබා ගනිමින් විශ්වාසයෙන් යුතුව භුක්ති විඳිය හැකි වීමයි. Galaxy Tab A8 ස්ථර කිහිපයක (multi-layer) ආරක්ෂාවක් සහිත සැම්සුන් හි Knox ආරක්ෂක පද්ධතියට සහාය දක්වයි. Face recognition විශේෂාංගය මගින් Galaxy Tab A8 හිමිකරුවන්ට ඔවුන්ගේ device එකට පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි එකම පුද්ගලයා තමා බව ඔවුන්ට සහතික කරයි.

මිල සහ ලබා ගත හැකි ක‍්‍රම

Wifi මගින් ක‍්‍රියා කරන 3GB RAM + 32GB වර්ගයේ Galaxy Tab A8 ක මිල රු. 59,999 ක් වන අතර අපේ‍්‍රල් මස අවසානයේදී මෙය මිලදී ගැනීමට අවස්ථා ඇත. LTE 3GB RAM + 32GB වර්ගයේ Galaxy Tab A8 ක මිල රු. 69,999ක් වන අතර 4GB RAM + 64GB වර්ගයේ එකක මිල රු. 74,999 කි.

පහසුවෙන් හඳුනාගත හැකි සැම්සුන් වෙළෙඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් පාරිභෝගිකයින්ට මෙම Galaxy Tab A8 මිලදී ගත හැකිය. එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Retail, Singer, Singhagiri සහ Damro මගින් ද සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මෙන්ම online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung EStore, (samsungsrilanka.lk), MySoftlogic.lk, Keellssuper.com සහ Kapruka.com මගින් ද ලබා ගත හැකිය.

ඔබ කොහේ, කොතැන සිටියත් ඔබට අවශ්‍ය සේවය ඕනෑම වේලාවක ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප‍්‍රශස්තකරණය සඳහා ඇති අන්තර් ක‍්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.

Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව