SAMSUNG මෙම අවුරුදු සමයේ සුවිශේෂී Data පිරිනැමීමක් සඳහා SLT-MOBITEL සමඟ අත්වැල් බැඳගනියි

Samsung_SLT_Mobitel

 



 

 

 

ශ්‍රී ලංකාවේ අංක 1 smartphone සන්නාමය වන සැම්සුන් මෑතකදී Galaxy A කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් සහ Galaxy Tab කාණ්ඩවල තෝරාගත් උපාංග සඳහා පාරිභෝගිකයින්ට සුවිශේෂී data සහ voice call දීමනාවක් ලබාදීමට ජාතික තොරතුරු තාක්ෂණ විසදුම් සපයන්නා වන SLT-MOBITEL සමඟ අත්වැල් බැඳගෙන ඇත.

2022 අප්‍රේල් 8 වන දින සිට සැම්සුන් සහ SLT-MOBITEL පාරිභෝගිකයින්ට මෙම පෙර නොවූ විරූ දීමනාව ලබා ගත හැක. SLT-MOBITEL හි Mobile නව පෙරගෙවුම් සම්බන්ධතාවයක් සමඟින් නව සැම්සුන් Galaxy A ස්මාර්ට් ජංගම දුරකතනයක් හෝ Galaxy Tab A එකක් මිලදී ගැනීමේදී මාස තුනක් සඳහා 30GB දක්වා වූ Anytime data මෙන්ම මාස තුනක් සඳහා රු.750 ක් දක්වා voice call දීමනාවක් ද හිමි කරගත හැකිය.

සැම්සුන් සහ SLT-Mobitel හවුල්කාරීත්වය තුළින් තෝරාගත් Galaxy ස්මාර්ට්ෆෝන් සඳහා මාස තුනක් දක්වා සෑම මසකම 7GB/5GB/2GB ප්‍රමාණයේ නොමිලේ data සහ මාස තුනක් දක්වා සෑම මසකම රු.100 ක් වටිනා voice call දීමනාවක් පිරිනමයි. තවද Galaxy Tabs සඳහා මාස තුනක් දක්වා සෑම මසකම 10GB නොමිලේ data පැකේජයක් සහ මාස තුනක් දක්වා රු.250 ක voice call දීමනාවක් පිරිනමයි. එය ස්වයංක්‍රීයත්වය, නිර්මාණශීලිත්වය සහ අද්විතීය අන්තර්ගතයක් සහිතව නිර්මාණය කර ඇති සැම්සුන් Galaxy Tab A හි Tab මාලාව සමඟින් එන සැම්සුන් Galaxy A හි තෝරාගත් පරාසය සඳහා වඩාත් ගැලපෙයි. SLT-Mobitel හරහා ඉහළ අන්තර්ජාල වේගයක් භුක්ති විඳිමින් සහ සැම්සුන් හි අති නවීන තාක්ෂණය භාවිතා කරමින් පාරිභෝගිකයින්ට විවිධාකාර විනෝදාත්මක සහ අධ්‍යාපනික අන්තර්ගතයන් භුක්ති විඳිය හැකිය.

මෙම පිරිනැමීම පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන් ශ්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේ, “සැම්සුන් වෙතින් ඉදිරිපත් කරන නවතම තාක්ෂණයන් වෙත ප්‍රවේශ වීමට තරුණ පරම්පරාවට අත්වැලක් අවශ්‍ය වෙනවා. මෙසේ නොමිලේ data ලබාදීම හරහා පාරිභෝගිකයන්ට උසස් අත්දැකීමක් ලබාගැනීමට ඉඩ සලසවනවා. වැඩි වැඩියෙන් data ලබාදීම හරහා අපගේ වටිනා පාරිභෝගිකයින්ට සැම්සුන් විසින් පහසුකම් සපයන නවතම සහ වඩාත්ම දියුණු තාක්ෂණය වෙත ලගා වීම පහසු කරවන අතර මෙසේ නොමිලේ data ලබා දීමෙන් මහජනතාවට ඉහළ අත්දැකීමක් ලබා දීමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා.” යනුවෙනි.

A03 Core 2+32GB, A03 LTE 3+32GB, A03 LTE 4+64GB, A03 LTE 4+128GB සඳහා මාස 3ක් සඳහා මාසිකව 5GB පිරිනමන අතර A12 4+64GB, Galaxy A12 4+128GB සහ A12 6+128GB සඳහා මාස 3ක් සඳහා  මාසිකව 7GB පිරිනමයි. තවද Galaxy Tab A7, Tab A7 Lite 3+32GB සහ Tab A8 (2019) මිලදී ගැනීමෙන් මාස තුනක් සඳහා මාසිකව 2GB දක්වා නොමිලේ data ලබා දේ. Galaxy Tab A8 2022(3+32GB), A8 2022(4+64GB) කාණ්ඩය සහ Tab S7 FE (4+64GB) මිලදී ගැනීමේදී මාස 3ක් සඳහා මාසිකව 10GB දිනා ගැනීම සඳහා සුදුසුකම් ලබයි. තෝරා ගත් මාදිලිය අනුව voice call දීමනාව රුපියල් 250 ක් දක්වා ඉහළ දමා ඇති අතර ඊට අමතරව රුපියල් 100 ක voice call දිමනාවක් මාස 3 ක් සඳහා වලංගු වේ.

මෙය සක්‍රිය කිරීම සඳහා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අලුතින් සක්‍රිය කර ඇති SLT-Mobitel පෙරගෙවුම් සිම්පත සැම්සුන් උපාංගයට ඇතුළු කර ‘’SLTM’’ ලෙස ටයිප් කර 180ට කෙටි පණිවිඩයක් එවිය යුතුය. සක්‍රිය කිරීමෙන් පසු පාරිභෝගිකයින්ට sms තහවුරු කිරීමක් ලැබෙනු ඇති අතර පසුව මෙම නොමිලේ ලබා දෙන මෙම ආකර්ෂණීය දීමනාව භුක්ති විදිය හැකිය. මෙම පිරිනැමීම වලංගු වන්නේ 4G සිම්පතක් සහිත අලුතින් සම්බන්ධ වූ SLT-Mobitel පෙරගෙවුම් පාරිභෝගිකයන් සඳහා පමණක් වන අතර පාරිභෝගිකයාගේ වත්මන් data පැකේජයට අමතරව මෙම දීමනා ලබා දෙනු ඇත.

පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළෙඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් පාරිභෝගිකයින්ට මෙම Galaxy smartphones සහ Galaxy Tabs මිලදී ගත හැකිය. එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Retail, Singer, Singhagiri සහ Damro මගින් ද සන්නිවේදන හවුල්කරු වන Mobitel මෙන්ම online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung EStore (samsungsrilanka.lk), MySoftlogic.lk, Keellssuper.com සහ Kapruka.com මගින් ද ලබා ගත හැකිය.

Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − fourteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව