SAMSUNG නවතම Samsung Smart Keyboard Trio 500 ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Image-01-Samsung-Keyboard-Trio-500

 




 

 

වැඩි වශයෙන් ජංගම දුරකතන භාවිතා කරන වර්තමාන ලෝකයක, කාර්යබහුල ජීවිතයක විවිධ තැන්වල සිට ඉගෙනීම සහ වැඩ කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. ඔබගේ laptop එක එහා මෙහා රැගෙන යාමට ඔබ අකමැති විටෙක නමුත් ඔබට පහසුවෙන් හා ඵලදායී ලෙස type කිරීමට අවශ්‍ය වුවහොත් ඔබ බලාපොරොත්තු වන්නේ කල්පවතින හා සිත්ගන්නා සුළු keyboard එකකි.

එවැනි පරිශීලකයින් සවිබල ගැන්වීම සඳහා, ශ‍්‍රී ලංකාවේ අංක 1 පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ සහ smartphone වෙළෙඳ නාමය වන Samsung විසින් මෑතකදී Samsung Smart Keyboard Trio 500 මෙරටට හඳුන්වා දෙන ලදී. එය සිහින් සහ සැහැල්ලූ keyboard නැහඉද්රා එකක් වන අතර ඔබේ බෑගයේ දමා පහසුවෙන් දවස පුරා ඔබ සමඟ රැගෙන යා හැකිය. එකවර devices කිහිපයකට සම්බන්ධ කිරීමටත්, devices අතර පහසුවෙන් switch වීමට keyboard shortcuts සමඟින් එන නිසා Samsung Smart Keyboard Trio 500 සමඟ ඔබ කොහේ සිටියත් ඉතා පහසුවෙන් ඔබට පමකඑසඒින කිරීමට හැකියාව ලැබේ.

Samsung Smart Keyboard Trio 500, devises සමඟ connect කිරීමට ගත වන්නේ සුළු කාලයකි. Keyboard එක switch on කර, Bluetooth key එක press කිරීමෙන් screen එක මත alert එකක් pop up වනු ලැබේ.  ‘’connect’’ මත click කිරීමෙන් පසු තිරය මත දිස්වන අංක 6කින් යුතු code එක ඇතුලත් කිරීමෙන් පරිශීලකයාට පහසුවෙන් keyboard එක හා devices සම්බන්ධ කල හැක.

Samsung Smart Keyboard Trio 500, bluetooth හරහා එකවර විවිධ devices තුනකට සම්බන්ධ කළ හැකි අතර keyboard button එකක් එබීමෙන් එම සෑම device එකක්ම පහසුවෙන් හැසිරවිය හැකි වීමෙන් කාර්යයන් වඩාත් පහසු කරයි. උදාහරණයක් ලෙස පුද්ගලයෙකු laptop එක මගින් යමක් type කරන අතරතුර ඔහුගේ smartphone එකට ලැබුනු message එකකට ඉක්මනින් ප‍්‍රතිචාර දැක්වීමට අවශ්‍ය වූ විටෙක ඔහුට හෝ ඇයට ක්ෂණිකව එම device අතර පහසුවෙන් මාරු වීමට හැකියාව ඇතx

Keyboard එකෙහි සවි කරඇති විශේෂ key තුනෙන් එකක් press කිරීමෙන් ක්ෂණිකව විවෘත වන පරිදි එම එක් එක් device එකෙහි ඇති ඔබ ප‍්‍රියකරන app තුනක් තෝරා ගැනීමෙන් ඔබේ Samsung Smart Keyboard Trio 500 පරිශීලකයින්ගේ අවශ්‍යතාවයට ගැලෙපන පරිදි භාවිතා කළ හැකිය.

Samsung Smart Keyboard Trio 500 connect කිරීම මගින් පරිශීලකයින්ට තම Galaxy smartphone එක හෝ Galaxy Tab එක DeX mode එකක් ලෙස භාවිතා කළ හැකිය. පරිශීලකයාට laptop එක අවශ්‍ය වන අවස්ථාවලදී Samsung Smart Keyboard Trio 500 සමඟ Samsung DeX smartphone එකට හෝ Tab එකට සම්බන්ධ කිරීමෙන්, ඔහුට හෝ ඇයට තමාට අවශ්‍ය සටහන් තබා ගැනීමට, email යැවීමට හා නොයෙකුත් වැඩ කිරීමට ආදි සෑම දෙයක්ම කිරීමට අවස්ථාව හිමි වීම විශේෂත්වයකි.

සිහින් සහ ප‍්‍රමාණයෙන් කුඩා Samsung Smart Keyboard Trio 500 හි විශේෂිත keys සාමාන්‍ය keyboard එකක key වල ප‍්‍රමාණයට සමානය. සියල්ලටම වඩා මෙහි ඇති වාසිය වන්නේ පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි වීමයි. කළු හෝ සුදු පැහැයෙන් ලබා ගත හැකි Samsung Smart Keyboard Trio 500 රුපියල් 7,999/- ක් වැනි මුදලකට දැන් ඔබට ලබාගත හැකිය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව