SAMSUNG පුළුල් පාරිභෝගික පිරිසකට 5G තාක්ෂණය සමීප කරවීමට නවතම Galaxy A52s 5G සමඟින් සිය 5G ස්මාර්ට් ජංගම දුරකතන මාලාව ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කරයි

Image 01

 




 

 

  • නව Qualcomm Snapdragon 778G chipset මඟින් බල ගැන්වුනු, 120Hz sAMOLED display හා OIS හැකියාවෙන් යුත් 64MP quad camera සහිත Galaxy A52s 5G දැන් ඔබ අතට
  • 12 band-support තාක්ෂණය සහ OS upgrades සඳහා වසර තුනක වගකීම, සුපිරි වේගය හා ultra-low latency හැකියාව සමඟින් පාරිභෝගිකයින්ට 5G අත්දැකීමක් සහතික කරයි

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් වැඩි පාරිභෝගිකයින් පිරිසකට ප‍්‍රවේශ වීමේ අරමුණින් සිය නවතම ස්මාර්ට් ජංගම දුරකතනය Galaxy A52s 5G ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. Galaxy A52s 5G යනු සැම්සුන් Galaxy A කාණ්ඩයේ 5G වගකීමක් ලබා දෙන දෙවන 5G ස්මාර්ට් ජංගම දුරකතනය වන අතර එය පාරිභෝගිකයින්ගේ හොඳම තේරීම බවට පත් වනු ඇති බව නිසැකය. 120Hz refresh rate” Infinity-O display” OIS සහිත 64MP quad camera, ජලය සහ දුවිලි වලට ඔරොත්තු දෙන IP67 rating තාක්ෂණය සහ තවත් බොහෝ ජනප‍්‍රිය නවාංගයන් සමඟින් Galaxy A52s 5G දැන් ඔබ අතට පත් වනු ඇත.

”සැමට ප‍්‍රවේශ විය හැකි පරිදි නවෝත්පාදනයන් හඳුන්වා දීම යන Galaxy A කාණ්ඩයේ දර්ශනය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් Galaxy A52s 5G ඉන්දියාවේදී දියත් කිරීමට හැකිවීම ගැන අප සතුටු වෙනවා. ප‍්‍රබල Snapdragon 778G ප්‍රොසෙසරය සහ 120Hz refresh rate display, OIS හැකියාව ඇති කැමරාව හා IP67 rating තාක්ෂණය සමඟ අපූරු හැඩයකින් යුතු මෙම smartphone එක මගින් වීඩියෝ ක‍්‍රීඩා, content creation හා තවත් බොහෝ දේවල් සඳහා කදිම නිර්මාණයක් ලෙස පෙන්වා දිය හැකිය. Samsung 5G guarantee of 12 bands’ support තාක්ෂණය හා OS upgrades සඳහා වසර තුනක වගකීමක් සමඟ එන Galaxy A52s 5G මගින් 5G හි ප‍්‍රතිලාභ පළමුවෙන්ම අත්විඳින පිරිස අතර තමන්ද සිටින බවට පාරිභෝගිකයින්ට විශ්වාසයක් ඇති කර තිබෙනවා.’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂක කෙවින් සුන්ග්සු යූ මහතා පැවසීය.

අපූරු හැඩය

Galaxy A52s 5G සරල නමුත් අපූරු හැඩයකින් සමන්විතයි. Matte back සහ haze නිමාව සමඟින් minimal camera housing එකකින් සමන්විත වන නිසා එහි පිටුපස උසස් පෙනුමකින් යුක්ත වේ. කළු සහ වයලට් යන වර්ණ දෙකකින් Galaxy A52s 5G දැන් ඔබට ලබා ගත හැකිය. ජලය සහ දුලිවලට ඔරොත්තු දෙන IP67 rating තාක්ෂණය (up to 1m fresh water for 30 minutes) Galaxy A52s 5G සතුය.

අපූරු තිරය

Galaxy A52s 5G හි Super AMOLED Infinity-O display එක මගින් දීප්තිමත් හා පැහැදිලි දෘශ්‍ය අත්දැකීමක් ලබා දෙයි. Galaxy A52s 5G හි minimized punch hole එකක් සහිත විශාල 6.5-inch FHD+ තිරය ඔබේ ප‍්‍රියතම අන්තර්ගතයන් පහසුවෙන් නොනවත්වා නැරඹීමට ඉඩ සලසයි. උසස්ම වර්ගයේ 120Hz refresh rate display එක මගින් ඉතා පහසුවෙන් හැසිරවිය හැකි, gaming අත්දැකීමක් මබට ලබා දෙයි. වැඩි කල් පැවැත්මක් සඳහා Gorilla Glass 5 මඟින් මෙහි display එක ආරක්ෂා කර ඇත.

විශිෂ්ට කාර්යසාධනය

Qualcomm Snapdragon 778G ප්‍රොසෙසරයකින් බලගැන්වුනු Galaxy A52s 5G මගින් සැලකිය යුතු වැඩිදියුණු කිරීම් කළ මෙහෙයුම් හා ග‍්‍රැෆික් ක‍්‍රියාකාරීත්වයක් ලබා දේ. වීඩියෝ ක‍්‍රීඩාවල නිරතවන්නන්ට මෙමඟින් පරිපූර්ණ වීඩියෝ ක‍්‍රීඩා අත්දැකීමක් තිළිණ කරන අතරම Frame Booster විශේෂාංගය මගින් frames අතරට virtual images එක් කර විඩියෝ ක‍්‍රීඩාවල ග‍්‍රැෆික් තාක්ෂණය ඔබට වඩාත් සමීප කරයි.

4500mAh බැටරිය එක් වරක් charger කිරීමෙන් දින දෙකක් දක්වා බැටරි කාලය පවතින නිසා ඔබට රිසි සේ නොනවත්වා අන්තර්ගතයන් නරඹමින් කාලය ගත කළ හැකිය. වේගය අඩු නොකර ඔබට රිසි දේ දිගටම කරගෙන යා හැකිය. මිනිත්තු 30 කින් ඔබේ ජංගම දුරකතනය 50% දක්වා charger කරන 25W fast charging charger එකකින් ද මෙය සමන්විතය.

අනර්ඝ කැමරාව

Galaxy A52s 5G sports quad කැමරාව සමඟ එන සිත් ඇදගන්නාසුළු, සුවිශේෂී විශේෂාංග පාරිභෝගිකයින්ට ඔවුන්ගේ නිර්මාණාත්මක බව බාධාවකින් තොරව ප‍්‍රකාශ කිරීමට ඉඩ සලසයි. OIS (Optical Image Stabilization) තාක්ෂණයෙන් සන්නද්ධ 64MP ප‍්‍රධාන කැමරාව ඔබට පැහැදිලි ඡුායාරූප සහ වීඩියෝ ලබා ගැනීමට හැකියාව ලබා දෙන අතර හදිසියේ සිදු වන සෙලවීම් නිසා ඇති වන බොඳ වීම් අවම කරයි. OIS කැමරාව අඩු ආලෝක තත්ත්වයන් යටතේ වුවද දීප්තිමත් හා පැහැදිලි ඡුායාරූප ලබා ගැනීම සඳහා longer shutter speed හැකියාවක් ලබා දේ. Night mode විශේෂාංගය සමඟ එන multi-frame භාවිතා කරමින් දීප්තිමත් හා තියුණු ඡුායාරූප ලබා ගත හැකිය. Ultra-wide 12MP camera මගින් විශාල පරාසයක් ග‍්‍රහණය කරගත හැකිය. 5MP macro camera ව සියුම් ලක්ෂණ සහිත හා අපූරු ඡුායාරූප ග‍්‍රහණය කර ගැනීමට ඔබට උපකාරී වේ. ඔබ යමක ඡුායාරූපයක් ගැනීමේදී එය වඩාත් හොඳින් කැපී පෙනීම පිණිස කැමරාව මගින් එහි ස්වභාවික පසුබිම බොඳකර පෙන්වයි. 5MP depth camera මගින් ඉතා අලංකාර ඇදහිය නොහැකි ආකාරයේ bokeh තාක්ෂණයෙන් යුත් ඡුායාරූප ඔබට ලබා ගැනීමට හැකියාව ඇත. Galaxy A52s 5G 32MP ඉදිරිපස කැමරාව ඔබට පැහැදිලි හා අනර්ඝ තත්වයේ සෙල්ෆි ඡුායාරූප ලබා ගැනීමේ හැකියාව ලබා දෙයි.

 

 



 

 

 

එක් වරක් ක්ලික් කිරීමෙන් විවිධ ඡුායාරූප සහ වීඩියෝ 10 ක් දක්වා ග‍්‍රහණය කර ගත හැකි Single Take විශේෂාංගය Galaxy A52s 5G හි සමන්විත වේx ලබා ගන්නා ඡුායාරූපවල නිර්මාණාත්මක බවක් ඇති කිරීමට සහ එහි අපූර්ත්වය වැඩි කිරීම සඳහා, My Filter, AR Emoji සහ Fun Mode විශේෂාංග මගින් පරිශීලකයින්ට රිිසි සේ තම ඡුායාරූප වෙනස් කිරීමට ඉඩ සලසයි. Galaxy A52s 5G හි ඇති Pro Video, 4K UHD recording, 4K Video Snap and super steady videos වැනි විකල්ප මගින් චිත‍්‍රපට මට්ටමේ වීඩියෝ ග‍්‍රහණය කර ගැනීමට ද ඉඩ සලසයි.

අනර්ඝ 5G වගකීම

12 bands’ 5G support තාක්ෂණය හා OS upgrades සඳහා වසර තුනක වගකීමක් සහිතව එන Samsung Galaxy A52s 5G අනාගතයට සූදානමින් සිටින පාරිභෝගිකයින් ඉලක්ක කර ගනිමින් නිර්මාණය කර තිබීම විශේෂිතය. 5G ජාලය ශ්‍රී ලංකාව තුළ භාවිතා කිරීම ආරම්භ කළ පසු, සුපිරි වේගය හා ultra-low latency හැකියාව වැනි 5G තාත්ෂණයේ ප‍්‍රතිලාභ භුක්ති විඳීමට ඔබට හැකි බව මෙම device එක සහතික කරයි. Samsung Galaxy A52s 5G මගින් පාරිභෝගිකයින්ට වීඩියෝ හා games ඉතා වේගයෙන් download කිරීමට සහ zero lag gaming අත්දැකීමක් Samsung Galaxy A52s 5G ඔබට ලබා දෙනු ඇත. එමෙන්ම පාරිභෝගිකයින්ට අන්තර්ජාලය ඔස්සේ ඔවුන්ගේ ප‍්‍රියතම වීඩියෝ අන්තර්ගතයන් buffering රහිතව නැරඹීමටත් සහ උසස් තත්වයේ අන්තර්ගයන් බෙදාහදා ගැනීමටත් මෙමගින් හැකියාව ලැබේ. Samsung Galaxy A52s 5G සඳහා 5G මෘදුකාංගය 2022 මාර්තු මස සිට ඔබට ලබා ගත හැකි අතර එමගින් 5G තාක්ෂණය සහිත වීඩියෝ නැරඹීමේ අත්දැකීමක් ද පාරිභෝගිකයින්ට ලබා ගත හැකිවනු ඇත.

අනර්ඝ ආරක්ෂක පද්ධතිය

සැම්සුන් හි defense-grade security පද්ධතිය වන Samsung Knox තාක්ෂණය සහිත Galaxy A52s 5G එසැණින් පරිශීලකයාගේ පුද්ගලිකත්වය හා තොරතුරුවල රහස්‍යභාවය සහතික කරයි. මෙම device එක නිර්මාණය කර ඇත්තේ hardware chip හි සිට ඔබගේ දත්ත සුරක්ෂිත කිරීමටය. එමෙන්ම අනවසර පරිශීලකයින්ගෙන් ඔබගේ සංවේදී තොරතුරු සහ ලිපිගොනු ආරක්ෂා කර ගැනීම සඳහා එම තොරතුරු වෙනත් ආරක්ෂිත folder එකක් වෙත ගෙන යාමට ද හැකිය. සැම්සුන් වසර 4 ක් දක්වා security updates කිරීම් ද ලබා දෙයි.

අනර්ඝත්වය

Samsung Galaxy A52s 5G හි Stereo sound සහ Dolby Atmos සමඟින් ඉහළ මට්ටමේ ශ‍්‍රව්‍යමය අත්දැකීමකට ඔබව ගෙන යයි. එහි ඇති cinematic sound සහ 3D surround sound තාක්ෂණය නිසා චිත‍්‍රපට නැරඹීම හා වීඩියෝ ක‍්‍රීඩා සඳහා ඉහළ රසාස්වාදයක් ඔබ වෙත රැගෙන යයි.

වඩාත් විධිමත්ව වැඩි කළ මතක ධාරිතාවය සමඟ ඔබගේ apps වේගයෙන් හා එකවිට වැඩ කිහිපයක් කළ හැකි ලෙස වඩාත් කාර්යක්ෂමව ක‍්‍රියා කරවීමට ‘RAM Plus’ සහිතව Samsung Galaxy A52s 5G ඔබට හඳුන්වා දී ඇත. ප‍්‍රතිනිර්මාණය කළ One UI 3.0 අතුරුමුහුණත ඔබේ පහසුව සඳහා නිර්මාණය කර ඇති අතර එමඟින් ඔබට එකම screen එකකින් එකවර වැඩ කිහිපයක් කරගත හැකිය. එසේම ඔබට ගැලපෙන නම්‍යශීලී හා විනෝදජනක විකල්පයන් ද ලබා දෙමින් රසවත් අත්දැකීමක් ගෙන එයි. එමෙන්ම Galaxy A52s 5G පාරිභෝගිකයින්ට ස්පර්ශයෙන් තොර ගෙවීම් කාඞ්පත් ගනුදෙනු සිදුකිරීමට Samsung Pay සඳහා ද සහාය දක්වයි.

මතක ධාරිතාවය, මිල, මිලදී ගත හැකි ස්ථාන

8GB+128GB වර්ගයේ Galaxy A52s 5G ස්මාර්ට් ජංගම දුරකතනයක මිල රුපියල් 109,999 කි.

මෙය කළු හා ලා නිල් යන ආකර්ෂණීය වර්ණ දෙකින් ලබා ගත හැකිය. පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් පාරිභෝගිකයින්ට Samsung Galaxy A52s 5G මිලදී ගත හැකිය. එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Retail, Singer, Singhagiri සහ Damro මගින් මෙන්ම සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මගින් ද ලබා ගත හැකිය. එමෙන්ම online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung EStore (samsungsrilanka.lk), MySoftlogic.lk, Daraz.lk, Keellssuper.com සහ Kapruka.com මගින් ද ලබා ගත හැකිය.

SPECIFICATIONS
Display 6.5’’ FHD+ Infinity-O, 120Hz
Performance Qualcomm Snapdragon 778G

12 bands 5G support

Battery 4500mAh, 25W Fast charging
Camera Rear: 64MP (main) + 12MP (ultra-wide) + 5MP (macro) + 5MP (depth)

Front: 32MP

Memory 8GB + 128GB
Design Awesome Black

Awesome Violet

Operating System Android 11 | One UI  3.0
Dimensions (HxWxD) 159.9 x 75.1 x 8.4 (mm)

 

ඔබ කොහේ, කොතැන සිටියත් ඔබට අවශ්‍ය සේවය ඕනෑම වේලාවක ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප‍්‍රශස්තකරණය සඳහා ඇති අන්තර් ක‍්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.

Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව