Saegis Campus උපාධිධාරීන්ට වැඩි රැකියා අවස්ථා පිරිනැමීමට Virtusa සමඟ අවබෝධතා ගිවිසුමකට

1- Prof Nalaka and Sampath MoU Exchange (2)

 



 

 

 

කොළඹ පිහිටි මෙරට ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක්වන Saegis Campus, සිය උපාධිධාරීන්ට ඉහළ මට්ටමේ රැකියා අවස්ථා පිරිනැමීම අරමුණු කරගනිමින්, මෙරට ඩිජිටල් නවෝත්පාදන ඉංජිනේරු අංශයේ ප්‍රමුඛයෙකුවන Virtusa පුද්ගලික සමාගම සමඟ පසුගියදා විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය මේ වනවිට සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන අතර, JLL Sri Lanka සහ ICTA එක්ව මෑතකදී එළිදැක්වූ වාර්තාවකට අනුව එම කර්මාන්ත ක්ෂේත්‍රය හරහා මේ වසර අවසානයේදී ඩොලර් බිලියන 1.8ක පමණ ආදායමක් රටට හිමිවනු ඇත. මෙම ආදායම 2024 වසර වනවිට ඩොලර් බිලියන 3 සීමාවට ළඟාවනු ඇතැයි ද එම වාර්තාව පුරෝකථනය කර තිබේ. 150,000ක පමණ ශ්‍රම බලකායක් සමඟ 2021 වසරේ දෙවැනි කාර්තුවේදී එම ක්ෂේත්‍රය 7%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව Sri Lanka IT-BPM කර්මාන්ත වාර්තාව පෙන්වාදෙයි.

එවන් පසුබිමක, Virtusa ආයතනය සමඟ ඇතිකරගත් සහයෝගීතාව මගින් Saegis Campus උපාධිධාරීන්ට හිමිවන ප්‍රයෝජන රැසකි. තාක්ෂණය මත පදනම් වූ වර්තමාන ලෝකයේ ඉහළ ඉල්ලුමක් ඇති රැකියා අවස්ථාවක් ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව උදාවීම ඒ අතුරින් විශේෂිත වේ. ඊට අමතරව, දැනුම සහ කුසලතා අතර පවතින පරතරය අවම කරගැනීමේ අවකාශය ද ඔවුන්ට හිමි වේ. තව ද, ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රිය තොරතුරු තාක්ෂණ කර්මාන්තයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම කරා යන ගම‍න සඳහා දායක වීමට ද හැකියාව ලැබේ.

Saegis Campus නියෝජනය කරමින් එහි උප කුලපති මහාචාර්ය නාලක ජයකොඩි මහතා සහ Virtusa ආයතනය නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ සම්පත් ත්‍රීමාවිතාන යන මහත්වරු මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

Saegis Campus මගින් අධ්‍යාපන අමාත්‍යංශ අනුමැතිය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගැනීම ලත්, පරිගණක විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) – (BSc (Hons)), මෘදුකාංග ඉංජිනේරුවේදය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව), සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව), සහ තොරතුරු තාක්ෂණවේදී (BIT) යන ක්ෂේත්‍රවලට අදාළ විශේෂවේදී විද්‍යාවේදී (ගෞරව) – (BSc (Hons)) සහ තොරතුරු තාක්ෂණවේදී (BIT) යන උපාධි පාඨමාලා පිරිනැමෙයි. අපොස උසස් පෙළ විභාගය සාර්ථකව නිම කළ සිසුන්ට මෙම උපාධි පාඨමාලා සඳහා එක්වී උසස්ම මට්ටමේ අධ්‍යාපනයක් ලබාගත හැක. ඊට අමතරව, Pearson BTEC හරහා මෘදුකාංග ඉංජිනේරුකරණය පිළිබඳ විශේෂ අවධානයක් සහිත පරිගණක විද්‍යාව පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාවක් ද Saegis Campus හඳුන්වාදී ඇත.

Saegis Campus හි අධ්‍යාපනය ලබන සිසුන්ට තාක්ෂණ විෂය ක්ෂේත්‍රයට අදාළ දක්ෂ සහ ප්‍රසිද්ධ ආචාර්යවරුන්ගේ දේශන තුළින්, කාලීන සහ වර්ධනය වෙමින් පවතින විෂය ධාරාවලට අයත් උසස් තත්ත්වයේ ඉගෙනුම් අත්දැකීමක් ලබාගැනීමට හැකි අතරම, WiFi පහසුකම්, නවීන තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය, භාෂා විද්‍යාගාරය, පුස්තකාලය, ශිෂ්‍ය විවේකාගාරය, වඩාත් ඉඩකඩ සහිත වායු සමීකරණය කළ ඩිජිටල් දේශන ශාලා, ක්‍රීඩා සහ විශ්‍රාන්ති ක්‍රියාකාරකම්, ඉඩකඩ සහිත ආපනශාලාව, Leo Club සහ Rotaract Club ආදී පොදු පහසුකම් රැසක් ද සිසුන්ට හිමි වේ. මේ සියල්ල තුළින්, සාර්ථක ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කෙරෙන අතරම, අනාගත උපාධිධාරීන් වෙනුවෙන්ම නිර්මාණය කළ පෞරුෂත්ව සංවර්ධන වැඩසටහන් ද සංවිධානය කෙරේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව