
5000mAh බැටරියක් සහ අඟල් 6.5ක තිරයක් සහිත මිලෙන් අඩු දුරකථනය සමග realme සිය C කාණ්ඩයේ නිෂ්පාදන පෙළ පුළුල් කරයි
ලෝකයේ වේගයෙන් වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන realme විසින්, realme C 20 කාණ්ඩය නිල වශයෙන් ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කරන බව 2021 පෙබරවාරි 5වන දින කොලඹ දී නිවේදනය කළේය. C ශ්‍රේණියට අළුතින්ම එක්වන 5000mAh බැටරියක්, teardrop රටාව සහිත අඟල් 6.5ක ප්‍රමාණයේ තිරයක්, සහ ප්‍රබල MediaTek Helio G35 Octa-core ප්‍රොසෙසරයකින් සමන්විත වන අතර එය අඩු මිල දුරකථන අවශ්‍යතා සඳහා ඉතා හොඳ විසඳුමක් ලබා දෙයි.
ඉහළ ධාරිතාවකින් යුත් බැටරියකින් සහ ත්‍රිමාණ පිළිබිඹුවක් සහිත තිරයකින් යුක්ත realme C කාණ්ඩයේ දුරකථන පෙළ ශ්‍රී ලංකාව තුළ ආරම්භයේ පටන් පුළුල් පරාසයක් ආවරණය කරමින් තාරුණ්‍යයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් නිපදවා ඇත.
“realme C 20 ස්මාර්ට් ජංගම දුරකථනය ඇදහිය නොහැකි අඩු මිලකට පිරිනමන අතර එහි අද්විතීය හා අසමසම අංග ඇතුළත් වේ. එමඟින් ශ්‍රී ලංකාවේ සෑම කෙනෙකුටම ස්මාර්ට් ජංගම දුරකතනයක් හරහා ලබා දෙන නවීන තාක්ෂණය අත්විඳීමේ හැකියාව ලබාදෙයි. මෙම ආකර්ෂණීය අංගයන් තාරුණ්‍යයේ ජීවන රටාව සහ ආකල්පවලට බෙහෙවින් අනුකූලවේ. ‘Dare to Leap’ යන තේමාව යටතේ ක්‍රියාත්මකවන realme C 20 ස්මාර්ට් ජංගම දුරකථනය මගින් තරුණ තරුණියන්ට ඔවුන්ගේ හැකියාවන් ගවේෂණය කරමින් හා ප්‍රශස්ත කරගනිමින් නව අවස්ථාවන් කරා යාමේ හැකියාව ලබාදෙයි” යනුවෙන් realme ශ්‍රී ලංකා ආයතනයේ සන්නාම කළමනාකරු වන රනුර කඩුවෙල මහතා පැවසුවේය.
realme C20 සඳහා භාවිතා කරන 5000mAh බැටරි බලය දින 43 ක් පවතින අතර එය ඉහළම ප්‍රමිතීන්ට අනුකූල වේ. “Battery King of Entry-level Smartphone” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන realme C 20 ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතකරන තරුණ තරුණියන්ට තම මිතුරන් සමඟ කතාබස් කරමින් සිටියදී, වීඩියෝ නරඹමින් සිටියදී හෝ දුරකථනය භාවිතයෙන් ක්‍රීඩා කරන විට ඔවුන්ගේ දුරකථනයේ බැටරි සිඳීම ගැන කරදර විය යුතු නැත.
realme C20 හි අඟල් 6.5 ක විශාල තිරය අතිවිශිෂ්ට අත්දැකීමක් ලබා දෙන අතර පශ්චාත් වසංගත සමය තුළ නිවසේ සිට ඉගෙන ගන්නා හෝ වැඩ කරන ඕනෑම කෙනෙකුට එය වඩාත් පහසුවක් සලසයි. teardrop රටාව මඟින් දර්ශන තිරයේ අවධානය වෙනතකට යොමු කරන අංග අඩු කරන අතර එමඟින් තිරය සහ ශරීරය අතර අනුපාතය 89.5%ක මට්ටමට පවත්වාගනී.
realme ස්මාර්ට් ජංගම දුරකතනයේ මෙහෙයුම් පද්ධතිය Andriod 10 පදනම් කරගත් realme UI මත ක්‍රියාත්මක වන අතර, එය 32GB ප්‍රමාණයක අභ්‍යන්තර දත්ත ගබඩාකිරීමේ හැකියාවකින් යුක්ත වේ. තාරුණ්‍යට ගැලපෙන, ආකර්ෂණීය මෝස්තරයන්ගෙන් සමන්විත realme C20 කළු සහ නිල් වර්ණයන්ගෙන් ලබාගත හැකිවේ. මෙහි ගුණාත්මක ප්‍රමිතීන් සහතික කිරීම සඳහා Realme පර්යේෂණාගාර තුළ දැඩි තත්ත්ව පරීක්ෂණයන් සිදු කර ඇති අතර Splash-Resistant මෝස්තර සමඟ Corning Gorilla Glass 3 මගින් ආරක්ෂා කර ඇත.
realme පිළිබඳව…
‘Dare to Leap’ තේමාව යටතේ ඉදිරිපත් කෙරෙන realme යනු, වඩාත් ඉදිරිගාමී හැකියාවන්ගෙන් සහ නවීන පෙනුමින් යුත්, සාධාරණ හා ආකර්ෂණීය මිල ගණන් යටතේ වෙළෙඳපොළට පිවිසෙන නව ජංගම දුරකථන සන්නාමයකි. විශේෂයෙන් ම තරුණ පරපුර ඉලක්ක කරගනිමින් AIoT තාක්ෂණයෙන් සමන්විත සුහුරු ශ්‍රව්‍ය, දෘශ්‍ය හා ජීවන විලාසිතාවට ගැලපෙන විශේෂාංග රැසක් realme නිෂ්පාදන සතු වේ. ඒ හරහා තරුණ පිරිස් හට එකිනෙකාට ඩිජිටල් අවකාශය ඔස්සේ පහසුවෙන් සම්බන්ධ වීමේ හැකියාව උදා වේ. එනිසාම මේ වනවිටත් තරුණ පාරිභෝගිකයින් අතර realme නිෂ්පාදන කෙරෙහි විශාල ඉල්ලුමක් නිර්මාණය වී තිබේ. 2020 වර්ෂයේදී AIoT තාක්ෂණයෙන් යුතු නිෂ්පාදන 50කට වඩා realme සන්නාමය යටතේ වෙළෙඳපොළට නිකුත් කර ඇති අතර, 2021 වසරේදී එම නිෂ්පාදන ප්‍රමාණය දෙගුණ කිරීමට නියමිත ය. එවන් පසුබිමක realme හා එක්ව අනාගතයට සුවිසල් පිම්මක් සමඟින්, පරිපූර්ණ ජීවිතයක් උදා කරගැනීමට මෙරට තරුණ පරපුරට ද අවස්ථාව උදා වී තිබේ.