realme ස්මාර්ට් ජංගම දුරකතනය ලොව මෙතෙක් නොදුටු කැමරා විශේෂාංග හඳුන්වා දෙයි

realme Launches World’s First Ever Camera Features on Smartphone

 




 

 

කැමරා ආශ්‍රිත නවෝත්පාදන උත්සවයේදී හෙළි වූ නවතම ඡායාරූපකරණ විශේෂාංග

ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන realme, අන්තර්ජාලය ඔස්සේ සජීවීව පැවැත් වූ කැමරා ආශ්‍රිත නවෝත්පාදන උත්සවයක් අතරතුරදී,  එළිදැක්වීමට නියමිත සුවිශේෂී  ඡායාරූපකරණ ලක්ෂණ ඇතුළත් realme 8 series පිළිබඳ ව අනාවරණය කළේය. මෙරට ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් වඩාත් ගුණාත්මක ඡායාරූප  ලබාදෙන, ලොව ප්‍රථම tilt-shift time-lapse video,  starry time-lapse video සහ new portrait filters, ආදී විශේෂාංගයන් සමඟින් realme 8 series ස්මාර්ට් ජංගම දුරකථනය මෙරට තාරුණ්‍යය වෙත පිරිනැමෙයි.

In-sensor zoom සහිත 108MP සෙන්සරය

realme 8 series නවතම කැමරාව 1 / 1.52 ප්‍රමාණයේ සැම්සුන් 108 MP සෙන්සරයකින් සහ පික්සල් 12000 x 9000 ක HM 2 කැමරාවකින් සමන්විත වේ. දුරකථනයේ 3x මාදිලියේ නව සෙන්සරය මගින් Zoom  කරන විට,  දුරකථනය එකවර 12MP ඡායාරූප අටක් ලබාගන්නා අතර,  පසුව රූපයේ පැහැදිලි බව වැඩි කිරීම සඳහා ඒවා සුපැහැදිලි කිරීමේ ක්‍රමවේදයකට ඇතුළත් කරයි. එය Optical Telephoto කාචයකින් ලබාගන්නා ඡායාරූපයකට වඩා පැහැදිලි ය.

නව Starry Mode සහිත time-lapse වීඩියෝ

නව Starry Mode සහිත  realme ස්මාර්ට් ජංගම දුරකථන මගින් ලොව ප්‍රථම වරට starry time-lapse වීඩියෝ සංකල්පය හඳුන්වා දෙයි . Starry time-lapse වීඩියෝ සාමාන්‍යයෙන් නිර්මාණය කෙරෙන්නේ වෘත්තීයමය කැමරා හරහා බහුවිධ ක්ලිප් මගින් ඡායාරූප ගැනීමෙන් පසුව, එම වීඩියෝ ක්ලිප් සංස්කරණ මෘදුකාංග හරහා පරිගණකයක් මඟින් සංස්ලේෂණය කර ඒකාබද්ධ කිරීමෙනි.

ඡායාරූප 30 ක් රූගත කිරීම සඳහා තත්පර 480ක කාලයක් ගතවන අතර පසුව එමගින් තත්පරයක කාල පරාසයක් සහිත වීඩියෝවක් නිර්මාණය වේ. එයින් අදහස් වන්නේ time-lapse මාදිලිය මගින් වීඩියෝවක් 480 ගුණයක වේගයෙන් පෙන්විය හැකි බවයි.

Tilt-shift ඡායාරූපකරණ ඇල්ගොරිතම

Tilt-shift ඡායාරූපකරණය සිදුකරනු ලබන්නේ මිල අධික tilt-shift කාච ආධාරයෙනි. එහිදී ඡායාරූපයේ කොටසක් පමණක් පැහැදිලිව පෙනෙන අතර අනෙක් සියලුම කොටස් අපැහැදිලිව තබා ගත හැකිය. realme හි නව tilt-shift ඡායාරූප ඇල්ගොරිතම සමඟ, realme 8 series හිදී 10x tilt-shift time-lapse වීඩියෝවක් ලබා ගත හැකිය.  realme 8 Pro යනු tilt-shift time-lapse වීඩියෝ ඇතුළත් ලොව ප්‍රථම ස්මාර්ට් ජංගම දුරකථනයයි.

නවීන ඡායාරූප ෆිල්ටර්

වර්තමානයේ බොහෝ ස්මාර්ට් ජංගම දුරකථන වල පසුබිමෙහි  bokeh effect සහිත ආලේඛ්‍ය ඡායාරූප ලබා ගැනීමේ හැකියාව ඇත. realme නව තාක්‍ෂණික ප්‍රවණතා සහිත සන්නාමයක් ලෙස, ඡායාරූපකරණයට අලුතින් යමක් එකතු කිරීමට සමත් විය. realme 8 series තුළින් ලබාගන්නා සෑම ඡායාරූපයක්ම නව සංකල්පයක් බවට පත් කිරීම සඳහා Neon Portrait, Dynamic Bokeh Portrait, සහ AI Color Portrait ආදී වශයෙන් වන සුවිශේෂී ෆිල්ටර් තුනක් අන්තර්ගත කොට ඇත.

realme පිළිබඳව

‘Dare to Leap’ තේමාව යටතේ ඉදිරිපත් කෙරෙන realme යනු, වඩාත් ඉදිරිගාමී හැකියාවන්ගෙන් සහ නවීන පෙනුමින් යුත්, සාධාරණ හා ආකර්ෂණීය මිල ගණන් යටතේ වෙළෙඳපොළට පිවිසෙන නව ජංගම දුරකථන සන්නාමයකි. විශේෂයෙන් ම තරුණ පරපුර ඉලක්ක කරගනිමින් AIoT තාක්ෂණයෙන් සමන්විත සුහුරු ශ්‍රව්‍ය, දෘශ්‍ය හා ජීවන විලාසිතාවට ගැලපෙන විශේෂාංග රැසක් realme නිෂ්පාදන සතු වේ. ඒ හරහා තරුණ පිරිස් හ‌ට එකිනෙකාට ඩිජිටල් අවකාශය ඔස්සේ පහසුවෙන් සම්බන්ධ වීමේ හැකියාව උදා වේ. එනිසාම මේ වනවිටත් තරුණ පාරිභෝගිකයින් අතර realme නිෂ්පාදන කෙරෙහි විශාල ඉල්ලුමක් නිර්මාණය වී තිබේ. 2020 වර්ෂයේදී AIoT තාක්ෂණයෙන් යුතු නිෂ්පාදන 50කට වඩා realme සන්නාමය යටතේ වෙළෙඳපොළට නිකුත් කර ඇති අතර, 2021 වසරේදී එම නිෂ්පාදන ප්‍රමාණය දෙගුණ කිරීමට නියමිත ය. එවන් පසුබිමක realme හා එක්ව අනාගතයට සුවිසල් පිම්මක් සමඟින්, පරිපූර්ණ ජීවිතයක් උදා කරගැනීමට මෙරට තරුණ පරපුරට ද අවස්ථාව උදා වී තිබේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව