RCUAC අභියෝග පලිහ

Image II (LBN)

Colombo, Tuesday 30 January 2024: RCUAC අභියෝගතා පලිහ 2024 පෙබරවාරි මස 11 වන ඉරිදා රාජකීය විද්යාල පිහිනුම් තටාක සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

ප්‍රධාන පෙළේ පාසල් සහ ක්‍රීඩා සමාජ 15 ක වෝටර් පෝලෝ කණ්ඩායම් 30 ක් මෙම තරගාවලියට සහභාගී වීමට අතර ලංකාවේ කනිෂ්ඨ වෝටර් පෝලෝ සංවර්ධනය කිරීම සඳහා සංවිධානය කරනු ලැබේ. වයස අවුරුදු 9න් පහළ කාණ්ඩය හඳුන්වා දීම ඓතිහාසික එකක් වන අතර ජලජ ක්‍රීඩා වලට කැමැත්තක් දක්වන නව ක්‍රීඩක ක්‍රීඩිකාවන් හදුන්වා දෙනු ඇති.

 



 

තරඟාවලියේ ආකෘතිය සියලු කණ්ඩායම් සඳහා අවස්ථාව ලබා දීම සඳහා නිර්මාණය කර ඇත. DJ හා පපරේ සංගීතයෙන් වර්ණවත් වන තරඟාවලිය පුරාවට, ආහාරපාන හා වෙනත් විසිතුරු ආයිත්තම් සහිත වෙළඳ කුටි සැණකෙළි ස්වභාවයක් ගනු ඇති. දිවා ආහාර විවේකය තුළ විශේෂ අර්ධ කාලීන සංදර්ශනයක්ද පවත්වනු ඇත.

මෙම තරඟාවලියේදී එක් වරක් භාවිතා කරන ප්ලාස්ටික් අවම කිරීමටද සංවිධායකයින් උනන්දු වෙති. Aqua Fresh ආයතනය මේ සඳහා කදිම විසදුමක් ලබා දෙමින් ක්රීඩකයින් සහ රසිකයින් සඳහා ජල ඩිස්පෙන්සර් සපයනු ඇත.

තරඟාවලියේ අවසන් අංගය ලෙස රාජකීය විද්යාලීය මාස්ටර්ස් කණ්ඩායම සහ සාන්ත තෝමස් විද්යාලයීය මාස්ටර්ස් කණ්ඩායම අතර වයස අවුරුදු 25 ට වැඩි වයස් කාණ්ඩයේ තරගයක් පැවැත්වේ.

Bishops College, Visaka Vidyalaya, Ladies College, Museus College, Colombo International School, Gateway College, S. Thomas’ College, Nalanda College, St. John’s College, Thurstan College, D.S Senanayake College, Zahira College, Royal College, RCUAC, OTSC, VVOGA and BCOGA යන කණ්ඩායම් තරඟාවලිය සඳහා එකතු වෙනවා ඇති.

මෙම අවස්ථාවට සහාය වන අනුග්රාහකයින් වන්නේ රිදී අනුග්රාහකයින් වන SLIIT සහ 2003 රාජකීය විද්යාල කණ්ඩායමයි. සම අනුග්රාහකයින් වන්නේ TNL Now, Quadrangle, The Papare, Shutter K1000, Access Water, Bairaha, Jetwing හෝටල් සමූහය හා Nehemiah Consultantsය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව