බ්‍රැන්ඩික්ස් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සමඟ ඇඟලුම් ක්ෂේත්‍රයේ නව යුගයකට මුලපුරයි

02 - Image (LBN)

බ්‍රැන්ඩික්ස් නවෝත්පාදනයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින්, මෙරට තුළ Microsoft 365 Copilot භාවිතයට ගත් ප්‍රථම සමාගම් කිහිපය අතරින් එකක් බවට පසුගියදා පත්විය. Microsoft 365 Copilot යනු Microsoft සමාගමේ නවතම කෘත්‍රිම බුද්ධි හෙවත් AI තාක්ෂණික සහකරු මෙවලමයි.

 



 

AI තාක්ෂණය සහ එහි හැකියාවන් සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් මහතා මෙසේ අදහස් පළකළේ ය. “අප ජීවත් වන ලෝකය කෙතරම් වේගයෙන් දියුණුව කරා යමින් තිබෙන්නේද යත් ඉක්මනින්ම අපට අතීතය හඳුනාගැනීම පවා දුෂ්කර වේවි. AI තාක්ෂණය අපගේ ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම නැවත අර්ථ දක්වමින් තිබෙනවා. Copilot යනු එදිනෙදා සිදුකරන කටයුතුවලින් ඔබ්බට ගොස්, නවෝත්පාදන සඳහා මග පාදන විසඳුමක්. එය අපගේ දායකත්වය ඇගයීමට, අපගේ එදිනෙදා කාර්යයන් උනන්දුවෙන් ඉටුකිරීමට පමණක් නොව අප නිසි අරමුණෙන් යුතුව ඉදිරියට යන බව සහතික කරනවා.”

පසුගිය සතියේදී බ්‍රැන්ඩික්ස් එහි පළමු Copilot AI පුහුණු වැඩසටහන ආරම්භ කළේ ය. Microsoft Azure OpenAI Service හරහා OpenAI හි GPT4 මත නිර්මාණය කර ඇති Copilot for Microsoft 365 විසඳුම ලොව වඩාත්ම බලවත් ඵලදායීතා මෙවලම් අතරින් එකක් ලෙස සැලකෙන අතර, එය කර්මාන්ත රැසක් පූර්ණ පරිවර්තනයකට ලක්කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“ඇඟලුම් ක්ෂේත්‍රයේ සියලුම අංශවල ඵලදායීතාව නැංවීම සඳහා නවීන තාක්ෂණය භාවිතයට ගැනීම ඔස්සේ එම ක්ෂේත්‍රයේ නවෝත්පාදනය සම්බන්ධයෙන් පෙරමුණ ගැනීමට බ්‍රැන්ඩික්ස් නිරන්තරයෙන් සමත් වී තිබෙනවා. Microsoft සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය එහි නවතම පියවර ලෙස හැඳින්වීමට පුළුවන්. මෙමගින් අප වැඩ කරන ක්‍රමය වඩාත් කාර්යක්ෂම හා විනෝදාත්මක වනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.” බ්‍රැන්ඩික්ස් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී – ඩිජිටල් සේවා, ඕෂධ සේනානායක මහතා පැවසී ය.

පසුගිය දශක 5 කට අධික කාලය තුළ මෙරට ඇඟලුම් කර්මාන්තයේ වර්ධනය වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකර තිබේ. එමෙන්ම 2000 දශකයේ මුල් භාගයේදී Microsoft Enterprise භාවිතයට ගැනීමත් සමග බ්‍රැන්ඩික්ස් මෙරට තුළ Microsoft සමග අත්වැල් බැඳගත් ප්‍රථම සමාගම බවට ද පත් විය. තම පරිවර්තනයේ ගමන් මග තුළ ඩිජිටල්කරණය සඳහා ප්‍රමුඛත්වය දී ඇති බ්‍රැන්ඩික්ස්, සිය සමස්ත වටිනාකම් දාමය තුළ AI තාක්ෂණය භාවිතය ගැනීම තුළින් සිය තරගකාරීත්වය සහ ඉදිරිගාමී රැකියා සම්ප්‍රදාය තවදුරටත් වැඩිදියුණු කරගැනීමට කටයුතු කරනු ඇත. බ්‍රැන්ඩික්ස් හි ඩිජිටල් පරිවර්තන ගමන් මගේ අරමුණ වන්නේ ‘Smarter Brandix’ යන්නයි.

Copilot for Microsoft 365 යනු ජාත්‍යන්තර Microsoft සමාගම හඳුන්වා දුන් නවතම විසඳුමක් වන අතර, එය පරිශීලකයන්ට තම කාලය සහ ශ්‍රමය ඉතිරි කරගැනීමට උපකාරී වෙයි. මේ වනවිට සමාගම් හා ආයතනවලට Copilot භාවිතා කිරීමට අවස්ථාව ලැබී ඇත.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 + one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව