Ratna Technical Maintenance විශිෂ්ටම වායුසමීකරණ යන්ත්‍ර සේවා හා නඩත්තු සමාගම ලෙස BWIO රන් සම්මාන දිනයි

Ratna Technical (LBN)

වායුසමීකරණ යන්ත්‍ර ආශ්‍රිත සියලු සේවා සපයන ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Ratna Technical Maintenance වසරේ විශිෂ්ටම වායුසමීකරණ යන්ත්‍ර සේවා සහ නඩත්තු සමාගම (ක්ෂුද්‍ර – රන්) ලෙස BWIO සම්මාන උළෙලේදී ඇගැයීමට ලක් විය. Business World International Organisation සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුනු අතර කළමනාකාර අධ්‍යක්ෂ රත්නසිරි වික්‍රමසිංහ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. Ratna Technical Maintenance සමාගමේ ප්‍රධාන කාර්යාලය අංක 42, ජයසුමනාරාම පාර, රත්මලාන ලිපිනයේත් තවත් ශාඛාවක් ‘සැනසුම’, පොල්හේන, අඟුළුගහ ලිපිනයේත් පිහිටා ඇත.

 



 

Ratna Technical Maintenance දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට මෙන්ම සුඛෝපභෝගී මහල් නිවාස, රාජ්‍ය ආයතන, මහා පරිමාණ කර්මාන්ත ශාලා, ව්‍යාපාරික ස්ථාන, රෝහල් සහ වෙනත් විවිධ ගොඩනැගිලි සඳහා අවශ්‍ය වායුසමීකරණ යන්ත්‍ර සවි කිරීම හා අනෙකුත් අදාළ සේවා සපයයි. එසේම එම සමාගම Panasonic වායුසමීකරණ යන්ත්‍රද අලෙවි කරයි. සෑම ව්‍යාපෘතියක්ම උසස්ම ප්‍රමිතිවලට අනුව පාරිභෝගිකයන්ට ඉහළම වාසි සැළසෙන ලෙස සම්පූර්ණ කරන Ratna Technical Maintenance විශ්වාසනීය සමාගමක් ලෙස ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටී. එකඟ වූ කාල රාමුවලට අනුගත වෙමින් නිසි වේලාවට ව්‍යාපෘති සම්පූර්ණ කරන එම සමාගමේ කාර්ය මණ්ඩලය පාරිභෝගිකයන්ට වෘත්තීය මට්ටමේ ගුණාත්මක සේවාවක් සපයන අතර පාරිභෝගික විමසීම් සහ ගැටලු පිළිබඳව කඩිනම් අවධානය යොමු කර අදාළ තොරතුරු සැපයීම සඳහා විශේෂ ක්‍රමවේදයක්ද සකසා තිබේ. වායුසමීකරණ අලෙවියෙන් පසු අවශ්‍ය නඩත්තු සේවා නිසි කලට සපයන Ratna Technical Maintenance හඳුන්වා දී ඇති බලශක්ති ඉතුරුම් ක්‍රමවේදවලින් සිය විදුලි ගාස්තු අවම කර ගැනීමටද පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව