Rakuten Viber සිය පණිවුඩ සේවාවට AR කාච ගෙන එමින් Snap සමඟ අත්වැල් බැඳ ගනී.

Image Two

 




Rakuten Viber සහ Snap අතර ඇති සම්බන්ධතාවය තුළින් AR කාච Viber වීඩියෝ පණිවිඩ සහ ඡායාරූප වෙත ගෙන එනු ඇත; සන්නාමගත වයිබර් කාච සහිත පළමු අය අතර WWF, FC බාර්සිලෝනා සහ WHO වේ.

සන්නිවේදන වේදිකා හරහා පණිවිඩ යැවීමේ සහ හඬ (voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන Rakuten Viber, Snap Incorporation සමඟ හවුල්කාරිත්වය තුළින් වර්ථමාන යථාර්ථ (AR) කාච මැජික් සිය යෙදුමට ගෙන එනු ඇත. කැමරා කට්ටලය, නිර්මාණාත්මක කට්ටලය සහ බිට්මෝජි (Bitmoji) ඇතුළු Snap හි සංවර්ධක මෙවලම් භාවිතා කරමින්, Viber යෙදුම මඟින් AR කාච එකට එකතු කිරීම, Snapchat වෙත බෙදාගැනීම, සක්‍රීය කිරීම සහ Viber වෙත අභිරුචිකරණය කළ හැකි Bitmoji මුහුර්ති ගෙන එනු ඇත.

Snap මඟින් බල ගැන්වෙන Viber කාච පළමු වරට AR- සක්‍රීය වීඩියෝ පණිවිඩ සහ ඡායාරූප Viber භාවිතා කරන්නන්ට ලබා දෙනු ඇත. මෙම එළිදැක්වීමට නව Viber කාච 30 ක් ඇතුළත් වන අතර සත්ව වෙස් මුහුණු සහ Viber අක්ෂර, දිය යට කාච, උපහාසාත්මක පූසන්ගේ අන්තර්ක්‍රියා සහ තවත් දේ එක්ව ඇත. මසකට අතිරේක කාච 50-70 අතර ප්‍රමාණයක් එක් කරමින්, 2021වසර අවසානය වන විට අවම වශයෙන් කාච 300 ක් වත් එක් කිරීමට සමාගම සැලසුම් කර ඇත. ව්‍යාපාරවලට Viber මත ඔවුන්ගේම සුවිශේෂී කාච නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ. ලෝක වනජීවී අරමුදල, FC බාර්සිලෝනා සහ ලෝක සෞඛ්‍ය සංවිධානය පණිවුඩකරණ යෙදුමට නව කාච ලබා දුන් පළමු Viber හවුල්කරුවන් අතර වේ. අභිරුචිකරණය කරන ලද කාච Viber වේදිකාව භාවිතා කරන්නන් සහ ඔවුන් ආදරය කරන වෙළඳ නාම අතර සබඳතාවය වැඩි කරයි.

Viber යනු ඇමතුම් සහ පණිවිඩ යැවීමේ යෙදුමකි, එය මිනිසුන් සම්බන්ධ කරන අතර නිර්මාණාත්මකව තම අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ සලසයි – ඔවුන් කවුරුන්ද යන වග හෝ කොතැනක සිටීද යන වග ඊට අදාල වන්නේ නැත. Viber හි පුද්ගලික සහ කණ්ඩායම් කතාබහ සඳහා එක අන්තයක සිට අනවසරයෙන් ප්‍රවේශ වීම වළක්වා ඇති බැවින් පරිශීලකයින්ට ඔවුන්ගේ සන්නිවේදන කටයුතු සැමවිටම පුද්ගලික සහ ආරක්ෂිත බව සහතික කළ හැකිය.

Viber කාච යනු යෙදුමේ පවත්නා ස්ටිකර් එකතුවට වඩා ඉහළ පරාසයේ එකතු කිරීමක් වන අතර එමඟින් කතාබහ කරන අතරතුර දෘශ්‍යමාන ලෙස ප්‍රකාශ කිරීමට පරිශීලකයින්ට ඉඩ ලබා දේ. Viber විසින් Snap හි කැමරා කට්ටලය, නිර්මාණාත්මක කට්ටලය සහ බිට්මෝජි (Bitmoji) භාවිතා කිරීම Viber විසින් මිනිසුන්ව වඩාත් සමීප කරවීමට සහ එම සම්බන්ධතා වඩාත් අර්ථවත් හා ප්‍රීතිමත් කිරීමට යොදාගනු ලැබූ අමතර ක්‍රම වේ.

 




 

නව Viber විශේෂාංග අතරට:

  • ක්ෂණික වර්ධන යථාර්ථය : වටපිටාවට ඉහළින් පින්තූර ආවරණය කර ඔබේ ඇඟිලි තුඩුවල AR හි බලය භාවිතා කිරීම
  • අවධානය ලබා ගැනීමේ පෙරහන්: ඔබේ දර්ශන සඳහා නිර්මාණාත්මක ලේයරයක් එක් කිරීම සහ මිතුරන් සමඟ සංවාද ඇති කිරීම
  • ප්රකාශන වෙස් මුහුණු: පරිශීලකයින්ගේ මුහුණේ චලනයන් නිවැරදිව අනුගමනය කෙරෙන විවිධ වෙස් මුහුණු තේරීම
  • අලංකාර කිරීමේ විශේෂාංග: ලිප්ස්ටික්, බ්ලෂ් සහ විවිධාකාර හිසකෙස් වර්ණ වැනි යථාර්ථවාදී ස්පර්ශයන් සමඟ ඔබගේ රූපය වැඩි දියුණු කිරීම
  • අභිරුචි කළ බිට්මෝජි: පෞද්ගලික බිට්මෝජි චරිත ඡායාරූප සහ වීඩියෝ සමඟ ඒකාබද්ධ කිරීම

අනුග්‍රාහක සහ සන්නාම සහිත කාච ලබා දීමට ඇති හැකියාව Viber වෙත අතිරේක ආදායම් අංශයක් සපයනු ඇත, මන්ද ව්‍යාපාරික හවුල්කරුවන්ට ඔවුන්ගේ ප්‍රජාවන් සඳහා වේදිකාව මත අභිරුචි කාච නිර්මාණය කිරීමට හැකි වනු ඇත.

Rakuten Viber සමඟ Snap හවුල්කාරිත්වය අප දෙපාර්ශවයටම ජයග්‍රාහී තත්ත්වයක් යැයි Snap Incorporation හි කැමරා වේදිකා හවුල්කාරිත්වයේ අධ්‍යක්ෂ ‘එලියට් සොලමන්’ පවසයි. “අපගේ වර්ධිත යථාර්ත තාක්‍ෂණය Viber විසින් දැනටමත් ස්ථිර මගක් ඇති ප්‍රදේශ කරා ව්‍යාප්ත කිරීමට උපකාරී වී ඇති අතර එය Viber වේදිකාවට AR හරහා තම අදහස් ප්‍රකාශ කිරීමට Viber භාවිතා කරන්නන්ට උපකාරී වේ.’’

Snap කැමරාව Viber භාවිතා කරන්නන් වෙත ගෙන ඒමට හැකිවීම ගැන අප ඉතාමත් සතුටට පත්වෙනවා යැයි Rakuten Viber හි ප්‍රධාන විධායක නිලධාරී ‘ජමෙල් අගෝවා’ පවසයි. “මෙම හවුල්කාරිත්වය තුළින්, AR සමඟ අපගේ පරිශීලකයින්ගේ නිර්මාණශීලිත්වය සවිබල ගැන්වීමට අපට උවමනාකර තිබේ. තවද මිනිසුන්ට ඔවුන්ගේ මිතුරන් හා පවුලේ සාමාජිකයන් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට විනෝදයෙන් පිරුණු නව ක්‍රම භාවිතා කිරීම  දිරිගැන්වීමට අප බලාපොරොත්තු වෙනවා. Viber යනු පණිවිඩ යැවීමේ යෙදුමකට වඩා එහා ගිය දෙයක්. එය මිනිසුන් එකිනෙකා සමඟ සම්බන්ධ කිරීම පමණක් නොව, පරිශීලකයින්ට ඔවුන්ගේ ප්‍රජාවන් සමඟ විනෝදය බෙදා ගැනීමට, ආකර්ෂණීය හා ප්‍රතිලාභදායක අන්තර්ගතයන් නිර්මාණය කළ හැකි ස්ථානයක්.”

මෙම නව විශේෂාංග සහිත යෙදුමේ iOS අනුවාදය මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ඇන්ඩ්‍රොයිඩ් බීටා අනුවාදය ජුනි 30 සිට පහත සඳහන් රටවලින් ලබා ගත හැකිය: ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාර්කය, එංගලන්තය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය, අයර්ලන්තය, ඊශ්‍රායලය, ඉතාලිය, ජපානය, ලීච්ටන්ස්ටයින්, ලක්සම්බර්ග්, මාලදිවයින, නෙදර්ලන්තය, නෝර්වේ, පෘතුගාලය, ස්පාඥය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය. Viber විසින් ක්‍රමානුකූලව පළමු විශේෂාංග 30ම ලබා දෙනු ලබන අතර Viber කලාප, සියලුම ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නන්ට අගෝස්තු අග වන විට විශේෂාංග ලබා දෙනු ඇත.

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව