Rakuten Viber සිය නවතම වැඩි දියුණු කරන ලද යථාර්තවත් (AR) Viber කැමරා යෙදුම් කාච එළිදක්වයි.

Image

 




 

 

නව Viber කාච සමඟ වඩාත් ආකර්ෂණීය සංවාද සාදරයෙන් පිළිගන්න

සන්නිවේදන කටයුතු නිදහසේ සහ පහසුවෙන් ඉටුකර ගැනීමෙහිලා ලොව ප්‍රමුඛ පෙළේ යෙදුමක් (App) වන Viber විසින් පරිශීලකයින්ට වැඩි වැඩියෙන් වඩාත් නිර්මාණාත්මක මුහුණුවරක් ලබා දෙමින් පවුලේ සමීපතමයන්, හිත මිතුරන් සහ සගයන් සමඟ දිනපතා නිරත වන සංවාදයන් ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා වඩාත් චමත්කාර ජනක වර්ණවත් නවතම Viber කාච ශ්‍රී ලංකාවේදී පසුගියදා එළිදක්වන ලදී.

Snapchat පිටුපස සිටින තාක්‍ෂණ සමාගම වන Snap Incorporation සමඟ එකතු වී Viber එහි යෙදුමේ ඇති කැමරාවට වැඩි දියුණු කරන ලද යථාර්තවත් (AR) කාච එක් කරනු ලබන අතර එහි පළමු Viber කාච කාණ්ඩය ලෙස සතුන්ගේ වෙස් මුහුණු (Animal Masks) වැනි අවධානයක් සහිත කැමරා කාච  පෙරහන් 30 ක්, ෆැන්ටසි ප්‍රයෝග (Fantasy Effects), බිට්මොජි අවතාර (Bitmoji Avatars) සහ පරිශීලකයින්ගේ ප්‍රියතම වයිබර් චරිත එක් කර තිබේ.

මෙම විනෝදජනක මුහුණුවර සහිත අංගයන් තුළින් නිසැකවම පවුලේ අය සහ මිතුරන් සමඟ කතා බහ කිරීමේදී යම් උද්යෝගීමත් හැඟීමක් ඇති කරවයි. Viber සංවාදයන් තුළදී කැමරාව සක්‍රිය කොට කාචයක් තෝරා ගැනීමෙන් Viber කාච භාවිතා කිරීම පහසු කරයි. පරිශීලකයින්ට විනෝද කාලය ආරම්භ කිරීම සඳහා Snap හෝ Clip එකක් ගෙන සංවාදය වෙත යැවිය හැකිය.

පරිශීලකයින්ට තම අදහස් ප්‍රකාශ කිරීමේදී හා සැක සහිත හා අව්‍යාජ සංවාදයක යෙදීමේදී නිමක් නොමැති විකල්ප අවස්ථාවන් ලබා දීමේ අරමුණට එකඟව විනෝදය ඉදිරියට පවත්වා ගැනීම සඳහා සෑම මසකම අවම වශයෙන් අතිරේක කාච 20 ක් පමණ එකතු කිරීමට Viber සැලසුම් කරයි. ඇතැම් කාචවල වර්ණ වෙනස් කිරීමට හෝ තිරයේ දිස්වන ස්ටිකර් වලට අත්සනක මෙන් පෙනුමක් ලබා දීමට පරිශීලකයන්ට ඉඩ සලසා දෙයි.

වැදගත් යැයි හැඟෙන කාරණා සඳහා හෝ ඔබේ ප්‍රියතම ක්‍රීඩා කණ්ඩායමට පවා සහයෝගය පලකිරීම වෙනුවෙන් පරිශීලකයින්ට ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක වනජීවී අරමුදල සහ FC බාර්සිලෝනා වැනි හවුල්කරුවන්ගෙන් සන්නාම ගත කාච තෝරා ගත හැකිය.

”මෙම Viber Lens තාක්‍ෂණය ක්‍රියාවට නැගීම හරහා සරල සන්නිවේදනයන් විනෝදාත්මක හා විචිත්‍රවත් කිරීමට මෙන්ම අපගේ පරිශීලකයාගේ නිර්මාණශීලිත්වය සවිබල ගැන්වීමට එය උපකාරී වේ. ඔවුන් සෑම කෙනෙකුම විනෝදයක් ලබමින් කතා කරන ඕනෑම කෙනෙකුට ඔවුන්ගේ සිතුවිලි හා හැඟීම් සම්බන්ධ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ට වැඩි නිදහසක් ලබා දෙන බව” Rakuten Viber හි ආසියා පැසිපික් ශාන්තිකර කලාපයේ (APAC) ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක ඩේවිඩ් ට්සේ පවසයි. “Snap හි වඩාත්ම දියුණු AR හැකියාවන් සමඟ ඇති මෙම හවුල්කාරිත්වය සමඟින් යෙදුම හරහා යවන සියලුම පණිවිඩ, වීඩියෝ සහ රූප සඳහා ඉහළ ආරක්‍ෂිත ප්‍රමිතීන් ඇති කිරීමට හැකි වීම තුළින් අපගේ කැපවීම සපත වූවා සේම නව පණිවුඩ ක්‍රමයක් ආරම්භ කිරීම පිළිබඳව අප බෙහෙවින් සතුටට පත්වෙනවා.”

”අපගේ නවතම Viber කාච එළිදැක්වීමත් සමඟ අපි AR හි සීමාවන් තරණය කරමින් සිටින්නෙමු. වර්තමාන වසංගතය හේතුවෙන් පවුල් වලින් වෙන්ව සිටින අපගේ පරිශීලකයින් සම්බන්ධ කර ගැනීමට සහ ඔවුන් මතකයේ රැඳෙන අවස්ථා හුවමාරු කර ගැනීමට වඩාත් අර්ථවත් ක්‍රම සොයමින් සිටින බව” Rakuten Viber හි ප්‍රධාන සංවර්ධන නිලධාරීනී ඇනා ස්නාමෙන්ස්කායා පවසයි. “Viber කාච මඟින් මනංකල්පිත ආකාරයේ රූප ආකර්ෂණයක් ජීවිතයට එක් කර දෙයි. අනාගතයේදී අපගේ නිෂ්පාදන සඳහා නව්‍ය හා ආකර්ෂණීය නව එකතු කිරීම් වැඩි කිරීමට මෙය හේතු වනු ඇතැයි අපි විශ්වාස කරමු.”

සම්බන්ධතාවය පවත්වා ගැනීමට දැන් එය සංකීර්ණ නොවනු ඇත. Viber කාච ඉක්මනින් වඩාත් සිත්ගන්නාසුළු හා ක්‍රියාශීලි වන අතර එය iOS (Viber 15.5.5 සහ ඊට වැඩි) සහ Android සඳහා ලබා ගත හැකිය (Viber සංස්කරණය 15.8.0.15 සහ ඊට වැඩි). පරිශීලකයින්ට ඔවුන්ගේ සංවාද වලට AR අත්දැකීම ලබා ගැනීම සඳහා ඔවුන්ගේ Viber සංස්කරණය 16.0 සහ ඊට වැඩි යාවත්කාලීන කිරීමට අවශ්‍ය වේ!

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව