Rakuten Viber සහ SLT-MOBITEL Mobile සහයෝගීතාවය සමඟින්  පාරිභෝගිකයින්ට ‘නොමිලේ අසීමිත’ ඩේටා පැකේජ පිරිනමයි.

sltviber

 

Rakuten Viber, SLT-MOBITEL Mobile සමඟ අත්වැල් බැඳගනිමින් පාරිභෝගිකයින් හට ඔවුන් කොතැනක සිටියත් සබඳතාවය පවත්වා ගැනීමට උපකාරීවන ‘Viber Free’ ඩේටා පැකේජ පහසුකම පිරිනමයි. SLT-MOBITEL Mobile ජනප්‍රිය ඩේටා සැලසුම් හරහා Viber භාවිතයේදී  ජංගම දුරකථන පාරිභෝගිකයින්ට අසීමිත ඩේටා පහසුකම් භුක්ති විඳීමට මෙම ඒකාබද්ද උත්සාහය තුළින් හැකිවේ.

SLT-MOBITEL Mobile ජංගම පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පාරිභෝගිකයින්ට දැන් නොමිලේ Viber ඇමතුම් (VoIP calls), කණ්ඩායම් වීඩියෝ peÜ (Group Video Chats), ප්‍රජාවන් (Communities), චැට් බොට් (Utilities Chatbots) සහ Viber ආකර්ශණීය ස්ටිකර් (Attractive Stickers) වැනි අසමසම විශේෂාංග භුක්ති විඳීම සඳහා අසීමිත Viber ඩේටා ලබා ගත හැකිවේ. එමඟින් පාරිභෝගිකයින්ගේ දත්ත පෞද්ගලිකත්වය සුරැකීම සඳහා වැඩි දියුණු කළ ආරක්‍ෂාවක් සපයනු ලබයි. පෙර ගෙවුම් පාරිභෝගිකයින්ට සැලසුම් සහිත ඕනෑම වේලාවක රුපියල්. 399/-, 499/-, 699/-, 999/-, 1999/- මුදලකට මෙම දීමනාව භුක්ති විඳීමට හැකි වන අතර පසු ගෙවීම් පාරිභෝගිකයින් සඳහා සැලසුම් සහිත ඕනෑම වේලාවක රුපියල් 1290/-, 1690/-, 2090/-, 2990/- සහ 3890/- මුදලකට මෙම නොමිලේ Viber දීමනාව භාවිත lsÍug yelsfõ.

”වර්තමාන වෙළඳපොළේ පවතින පැකේජයන්ට වඩා අද්විතීය අත්දැකීමක් අපගේ ගෞරවනීය පාරිභෝගිකයින්ට ලබා දීම වෙනුවෙන් Viber සමඟ හවුල් වීමට ලැබීම ගැන අප සතුටු වෙනවා. සියලු ලාංකික පාරිභෝගිකයින්ගේ දත්ත ආරක්‍ෂාව පිළිබඳව අවධානයේ තබා ගැනීමට සහ ක්‍ෂණික පණිවුඩ හුවමාරුව ඉහළ යාම සඳහා මෙම බැඳීම හේතු වනු ඇති” බව Mobitel (Pvt) Ltd. හි ප්‍රධාන අලෙවි නිලධාරී ශෂික සෙනරත් පැවසීය. ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ “අපගේ සාමුහික සම්පත්, විශේෂඥතාව හා සුරක්ෂිත ඉහළ පාරිභෝගික අත්දැකීමක් ලබාදෙන ආකාරයේ Rakuten Viber සමඟ ඇති මෙම දිගුකාලීන හවුල්කාරිත්වය ඒකාබද්ධ කිරීමට හැකි” බවයි.

වර්තමාන වසංගත තත්ත්වය හේතුවෙන් ඩිජිටල් තාක්‍ෂණයන් වෙත සංක්‍රමණය වීම අඛණ්ඩව සිදු වනු ලබයි. වෙනස් වන පාරිභෝගික ඉල්ලීම් වලට අනුකූලව සම්බන්ධතා සැපයීම සඳහා සේවා සපයන්නන් විසින් ඔවුන්ගේ ඩිජිටල් හැකියාවන් වේගවත් කිරීම ඉතා වැදගත් ය.

“අපට විවිධත්වයෙන් යුත් පාරිභෝගික පදනමක් තිබෙනවා. ඔවුන් කවුරුන්ද කොහේ සිට පැමිණි අයද යන්න පිළිබඳව අපට වැදගත් නොවන අතර ඔවුන්ට සැමවිටම අන්තර්ජාලය හා සම්බන්ධව සිටීමට උපකාර කිරීම අපේ අරමුණයි.” Rakuten Viber හි ආසියා ශාන්තිකර කලාපයේ (APAC) ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂක ඩේවිඩ් ට්සේ පවසයි. ”Viber සහ SLT-MOBITEL පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් ප්‍රවේශය අතර ඉතා හොඳ සහජීවනයක් අපි දකිනවා. SLT- MOBITEL Mobile වැනි හවුල්කරුවන් සමඟ අපට අඛණ්ඩව අපගේ පරිමාණයන් උරඟා බැලීමට සහ ශ්‍රී ලංකාවේ සිටින අපගේ පාරිභෝගිකයින්ට පූර්ණ පණිවිඩ යැවීමේ විශේෂාංග භුක්ති විඳීමට විශාල ඩේටා සැලැස්මක් ලබා දීමටත් මෙම අවස්ථාව ඉඩ සලසා දෙන බව” ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Rakuten Viber සහ SLT-MOBITEL Mobile හවුල්කාරිත්වය ජනප්‍රිය පණිවිඩකරණ wxYh තවත් මුලපිරීමක් වන අතර එහි සේවා පුළුල්වූ පාරිභෝගික අත්දැකීමක් සඳහා අඛණ්ඩව පවත්වනු ලබයි. පාරිභෝගිකයින්ට SLT-Mobitel Mobile SelfCare ඇප් හෝ DataMart ඇප් හරහා මෙම සේවාව ලබාගත හැකි අතර සන්නිවේදන අලෙවිසැල වෙත පිවිසීමෙන්ද මෙම සේවාව ලබාගත හැකිය. ඩේටා පැකේජ පිළිබඳ වැඩි විස්තර i|yd https://www.mobitel.lk/freeviber වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව