Rakuten Viber විසින් දත්ත පුද්ගලිකත්ව දිනයක් නම් කිරීම හරහා සිසුන්ගේ Online අධ්‍යාපනය තුළ දත්ත ආරක්ෂාව සලසයි.

Webp.net-resizeimage

 



 

 

 

online වේදිකාවල ආරක්ෂක විශේෂාංග සමාලෝචනය කිරීම වෙන කවරදාටත් වඩා වැදගත් වේ.

ලෝකය වැඩි වේගයකින් ඩිජිටල්කරණයට ලක් වී ඇති නමුත් අපගෙන් බොහෝ දෙනෙක් තවමත් දත්ත පෞද්ගලිකත්වය පිළිබඳව සහ අපගේ පුද්ගලික තොරතුරු අවධානමකට ලක්විය හැක්කේ කෙසේද යන්න පිළිබඳව සුළු වශයෙන් සිතීම හාස්‍යට කරුණකි. අනන්‍යතා සොරකම්, මූල්‍ය අලාභ, කීර්තිනාමයට හානි පැමිණවීම් සහ මානසික සෞඛ්‍ය ගැටලු වැනි දෑ වළක්වා ගැනීම සඳහා ආරක්ෂා කළ යුතු පුද්ගලික සහ සංවේදී තොරතුරු වර්ග මොනවාදැයි කියා සොයා ගැනීමට බොහෝ දෙනෙකුට අපහසුය. ළමුන් සම්බන්ධයෙන් ගත් කළ ද නුසුදුසු අන්තර්ගතයන්, විමසීමේ දැන්වීම් සහ නාඳුනන පුද්ගලයින්ට නොදැනුවත්වම නිරාවරණය වීම පවා හානිකරදායක බලපෑමක් ඇති කරයි. පැහැදිලිවම, දත්ත පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් සෑම කෙනෙකුටම දැනුම වර්ධනය කර ගැනීමට සහ තවත් බොහෝ දේ ඉගෙන ගැනීමට අවකාශයක් පවතී.

පුද්ගලිකත්වයට ගරු කිරීම, දත්ත ආරක්ෂා කිරීම සහ විශ්වාසය ඇති කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා, Viber ලෝකයේ සෙසු රටවල් සමඟ ‘දත්ත පුද්ගලිකත්ව දිනය’ (Data Privacy Day) සැමරීම වෙනුවෙන් එක්වන අතර,එම දිනය වාර්ෂිකව ජනවාරි 28 වන දින සැමරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් උත්සාහයක යෙදේ. පුද්ගලිකත්වය Viber හි මාර්ගෝපදේශක මූලධර්මයක් වන බැවින්, ප්‍රධාන සන්නිවේදන යෙදුමට අවශ්‍ය වන්නේ තරුණ පුහුණුවන්නන්ගේ දත්ත පෞද්ගලිකත්වයට බලපාන තවත් අංගයක් අවධාරණය කිරීමය.

සිසුන් online ඉගෙනීම වෙත මාරුවීම තුළින් ඔවුන් හට පෞද්ගලික ගැටළු ඇති වී තිබේ. COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් පංති කාමර ඩිජිටල් වේදිකා වෙත ගෙන යාමේ තීරණයත් සමඟ, මාර්ගගත අධ්‍යාපනයට පහසුකම් සපයන තාක්‍ෂණයේ පෞද්ගලිකත්වය පිළිබඳ පෙර පැවති සහ නව ගැටලු ද මතු වී තිබේ. විද්‍යුත් ඉගෙනීම (E-learning) සඳහා වෙන කවරදාටත් වඩා ප්‍රවේශ විය හැකි බැවින් තාක්‍ෂණික දියුණුවට ස්තූතිවන්ත වන සේම අන්තර්ජාලය වෙත ලඟා වීමේ ප්‍රවේශය ඉහළ යාම මඟින් ඩිජිටල් හදාරන්නන් online හරහා පුද්ගලිකත්ව අවදානම් වලට ගොදුරු වීමේ හැකියාවද පවතී.

මේ වන විට අධ්‍යාපනය සඳහා රටෙන් පිටතට සංක්‍රමණය වීමේ වේගවත් බව ලිහිල් වී ඇති අතර අධ්‍යයන ආයතන සහ සිසුන් මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ වසර 3ක් පුරා පාසල් අධ්‍යාපනය හදාරමින් තිබීමත් සමඟ වර්තමාන විද්‍යුත් ඉගෙනුම් යථාර්ථය තුළ සිසුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගත හැකි ආකාරය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට සහ ඇගයීමට අවස්ථාවක් ඇති බව Viber විශ්වාස කරයි.

දෛනික ඉගෙනීම සහ ඔවුන්ගේ ගුරුවරුන් සමඟ සන්නිවේදනය කිරීම සඳහා බොහෝ සිසුන් අන්තර්ජාලයට පිවිසීමත් සමඟ, දත්ත පෞද්ගලිකත්වය සිසුන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට ඉතා වැදගත් වේ. තවද පුද්ගලිකත්ව ජයග්‍රහණයේ සහ අධ්‍යාපන පද්ධතියේ අපගේ වටිනාකම් වෙනුවෙන් Viber විසින් කරනු ලබන කැපවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ අපට ප්‍රධාන අවධානයක් යොමුව ඇති බව Rakuten Viber හි ආසියා ශාන්තිකර කලාපයේ (APAC) ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඩේවිඩ් ට්සේ පවසයි.

online අධ්‍යාපනය සමඟ එන පෞද්ගලිකත්වය පිළිබඳව පවතින ගැටලු අතර සිසුන්ගේ පුද්ගලික තොරතුරු එකතු කිරීම සහ නිෂ්පාදන භාවිතා කිරීම, හා   ළමුන් සඳහා නිර්මාණය කර නොමැති නුසුදුසු නිෂ්පාදන සහ වේදිකා තිබිය හැකිය. මෙම වේදිකා තුළ ළමුන් වෙනුවෙන් පුද්ගලිකත්වයේ ප්‍රමිතීන් නොමැති වීමට ඉඩ ඇති අතර, ඔවුන් වැඩිහිටි පාරිභෝගිකයෙකු මෙන් සිසුන්ගේ දත්ත රැස් කිරීම සහ පසුව ඒවා වාණිජමය වශයෙන් හා ලාභ අරමුණු සඳහා භාවිතා කිරීමටද ඔවුන්ට හැකිවේ.

අධ්‍යාපනික යැයි සැලකෙන හුවමාරු වලදී එකතු කරන ලද සිසුන්ගේ හැසිරීම් හෝ, ඉලක්කගත ප්‍රචාරණ කටයුතු සඳහා භාවිතා කළ හැකි අතර එසේම වැඩිහිටි පාරිභෝගිකයින් මුහුණ දෙන අනන්‍යතා සොරකම්, කීර්තිනාමයට හානි පැමිණවීම්, මානසික සෞඛ්‍ය ගැටලු සහ තවත් බොහෝ බලපෑම්වලට  ඔවුන් වඩාත් අවදානමට ලක් වේ.

ට්සේ වැඩිදුරටත් මෙසේද පවසයි. ”මෙම අත්දැකීමෙන් යම් ආකාරයක පසු දැක්මක්, වර්තමාන ක්‍රියාවලීන් සහ නැගී එන කාරණා පිළිබඳ සමාලෝචනයක් සහ online අධ්‍යාපනය හදාරනු ලබන තරුණයන් කෙරෙහි අඩු අවදානමක් ඇති කරමින් ඔවුන්ව ඉදිරියට ගෙන යාමට මාර්ගයක් තිබිය යුතුය. සන්නිවේදන වේදිකාවල සිට අධ්‍යාපනික උපකරණ දක්වා මාර්ගගත ඉගෙනුම් මෙවලම් තෝරාගැනීමේදී නිසි කඩිසරකම තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ආකාරය අපි දකින්නෙමු”

සිසුන්ට වර්ධනය වීමට, ඉගෙනීමට සහ දියුණු වීමට හැකි අන්තර්ජාල අවකාශයක් නිර්මාණය කිරීමේදී දෙමාපියන් හෝ භාරකරුවන් සමඟ අත්වැල් බැඳගෙන ක්‍රියා කිරීමට අධ්‍යයන ආයතන සහ ගුරුවරුන්ට හොඳ අවස්ථාවක් තිබේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව