Rakuten Viber විසින් chatbot, ස්ටිකර්, AR කාච ඇතුළු තවත් දේ සමඟින් ලෝකය පුරා විසිරී සිටින පාපන්දු ලෝලීන් සමරයි

WC_creative_EN_PR1 (LBN)

 


 

 

Viber විසින් පරිශීලකයින් වෙත ක්‍රීඩා අනාවැකි පළකිරීමට හා ප්‍රමුඛ පෙළේ chatbot, පාපන්දු AR කාච සහ ස්ටිකර් ඇතුළු එකිනෙකා හා සම්බන්ද විය හැකි විනෝදාත්මක විශේෂාංග රැසක් සමඟ තරඟකාරී අත්දැකීමක් ගෙන දෙමින් පාපන්දු ක්‍රීඩාව සමරයි.

පෞද්ගලික සහ ආරක්ෂිත පණිවිඩ යැවීමේ සහ කටහඬ (Voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන Rakuten Viber විසින් chatbot, AR කාච (Lenses), ස්ටිකර් (Sticker Pack) සහ දේශීය සහ ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය නාලිකා (Channels) හරහා ජාත්‍යන්තර පාපන්දු තරඟවල නවතම පුවත් රැගෙන එමින් පරිශීලකයන් අතර අන්තර් සබඳතාවයන් ගොඩනැගිය හැකිවන අයුරින් පාපන්දු ආශ්‍රිතව නව විශේෂාංග එළිදැක්වීමට පියවර ගෙන තිබේ. එම විශේෂාංග නොවැම්බර් මාසයේදී එළිදක්වනු ලබන අතර මාස දෙකක් පුරාවට එහි අත්දැකීම් පරිශීලකයින්හට ලබා ගත හැකිය.

ලෝකයේ රටවල් 200ක් පුරා විසිරි සිටින බිලියනයක පමණ ප්‍රේක්ෂක පිරිසකගේ ජනප්‍රියතම ක්‍රීඩාව බවට පත්ව ඇත්තේ පාපන්දු ක්‍රීඩාවයි. මෙම ක්‍රීඩාව සැමරීමට මෙන්ම ලෝකයේ සෑම රටක්ම එකට එක් කිරීමට හැකිවන අයුරින් Viber, සිය පරිශීලකයින් සඳහා පාපන්දු තරඟවල සියලු ප්‍රවෘත්ති පෙළගැස්වීමට සහ ඒ හා සම්බන්ධ වීමට හැකි ක්‍රියා මාලාවක් ආරම්භ කර ඇත.

Viber හි 2022 ගෝලීය පාපන්දු ක්‍රීඩා ක්‍රියා මාලාව හරහා එහි මිලියන ගණනක පරිශීලකයින්ට පුද්ගලික හෝ කණ්ඩායම් කතා බහ (Chats) කිරීම් තුළින් තරඟ දිරිගැන්වීම සඳහා තරඟ පිළිබඳව අනාවැකි පල කිරීමට සහ chatbot සමඟ ක්‍රීඩාව සැමරීමට සහයක් ලැබෙනු ඇත. ඔවුන්ගේ ප්‍රියතම පාපන්දු කණ්ඩායම සමඟ පෙළගැසෙමින් පරිශීලකයන්ගේ අනාවැකි ගෝලීය ප්‍රමුඛ පුවරුවේ පළ කිරීමට මේ හරහා අවස්ථාව හිමිවන අතර ජයග්‍රාහකයින් සඳහා ආකර්ෂණීය වූ ත්‍යාග රැසක් දිනා ගැනීමට ද හැකියාව ලැබේ.

මීට අදාළව ඇතුළත් අමතර විශේෂාංග මෙසේය:

  • AR Lenses: කණ්ඩායම් විසින් ලකුණු රැස් කරන විටදී, පාපන්දු ක්‍රීඩාවේ තේමා රාමු සහ තවත් දේ සඳහා Viber විසින් AR කාච දෙකක් එළිදක්වා ඇත.
  • Gamified Lenses: ගෝලයක් ලබා ගැනීමට උත්සාහ කිරීම හෝ පන්දුව හිසට යොමු කෙරෙන වාර ගණන පිළිබඳව පරිශීලකයාට සඳහන් කිරීම සඳහා කාච දෙකක් නිර්මාණය කර ඇත.
  • Stickers: නව ස්ටිකර් ඇසුරුම, පාපන්දු ආශ්‍රිත රූප සහ ඉංග්‍රීසි භාෂාව මෙන්ම තවත් අමතර භාෂා 18 කින් සමන්විත වේ.
  • Channels: ක්‍රීඩා මාධ්‍ය නාලිකා නවයක් හරහා රසිකයින්ට ඔවුන්ගේ රට නියෝජනය කරනු ලබන කණ්ඩායම් පිළිබඳ අලුත් කතා සහ උණුසුම් පුවත් සමඟ යාවත්කාලීන කිරීම සහතික කරයි.

”ලෝකය පුරා විසිරී සිටින බොහෝ උද්යෝගිමත් පාපන්දු ලෝලීන් සමඟ සහ Viber හි ගෝලීය ප්‍රේක්ෂකයින් සමඟ අපගේ පරිශීලකයින්ට සම්බන්ධ වීමට  සහ එකිනෙකා සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට අපට අවශ්‍යතාවයක් තිබුණා. අප සමඟ අන්තර් සබඳතාවයන් ඇති කරගත් අපගේ පරිශීලකයින්ට විවිධ ත්‍යාග පිරිනැමීමට හැකි වීම පිළිබඳව අපි සතුටු වෙනවා. අපගේ පරිශීලකයින්ට ඔවුන්ගේ මිතුරන්, පවුලේ අය සහ සගයන් සමඟ ඔවුන්ගේ පාපන්දු කණ්ඩායමේ ජයග්‍රහණ සැමරීමට පුළුවන්. ඔබගේ අනාවැකි බෙදා ගැනීම, ක්‍රීඩාවේ ලකුණු සොයා ගැනීමට හෝ ගෝලීය ප්‍රමුඛ පුවරුව පරීක්ෂා කිරීම සඳහා Viber යෙදුම විවෘත කිරීම හරහා පහසු වනු ඇති.” බව මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් Growth Top Markets of Rakuten Viber හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඇතනස් රෙකොව් පැවසීය.

ව්‍යාපෘතියේ වත්කම් වෙත ප්‍රවේශ වීමට අදාළ සබැඳි මෙසේය:

 


 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව