Rainbow Pages Champions League තරගාවලියට කණ්ඩායම් 28 ක්

Image 01

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, කළමනාකරණය කරනු ලබන ජාතික ව්‍යාපාරික නාමාවලියවන Rainbow Pages හි සුභසාධක සංගමය මගින් සංවිධානයකරන ලද Rainbow Pages Champions League සය සාමාජික ක්‍රිකට් තරගාවලිය පසුගියදා බත්තරමුල්ල ජී. එච්. බුද්ධදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. දිවයිනේ ප්‍රමුඛ පෙළේ සමාගම් 28 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 28 ක් මෙම තරගාවලියට සහභාගී විය.

 



 

මෙහි අර්ධ අවසන් තරග වටයට Winners Global, Sonasu Connect, GM Garments, සහ Salota International යන සමාගම් නියෝජනය කළ කණ්ඩායම් සුදුසුකම් ලැබූ අතර, තරගයේ ශූරතාව හිමිකරගන්නා ලද්දේ Winners Global කණ්ඩායම විසිනි. තරගාවලියේ දෙවැනි හා තුන්වැනි ස්ථාන GM Garments සහ Salota International කණ්ඩායම් වෙත හිමි විය.

ජයග්‍රාහක Winners Global කණ්ඩායමට රු. 200,000 ක ත්‍යාග මුදලක් හිමි වූ අතර, තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට බොරැල්ල The Chance Sports හි කළමනාකාර අධ්‍යක්ෂ ලසන්ත අමරසිංහ මහතා, නුගේගොඩ AD Sports හි කළමනාකාර අධ්‍යක්ෂවරුන් වන ආනන්ද මහතා සහ වසන්ති මහත්මිය, සහ SLT Digital Services සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී උපුල් මංචනායක මහතා සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අසේල ගලප්පත්තිගේ මහතා යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව