Q+ ගෙවීමේ ඇප් සේවාවෙන් දැන් අනිකුත් බැංකුවල ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා මුදල් ගෙවීමටත් අවස්ථාව

Q+ - Other bank credit card settlements

 



 

 

 

කොමර්ෂල් බැංකුවේ ජනප‍්‍රිය Q+ ගෙවීමේ ඇප් සේවාව භාවිතා කරන ගනුදෙනුකරුවන්ට එම ඇප් සේවාව භාවිතා කරමින් කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කර තිබෙන ක්‍රෙඩිට් කාඞ්පත්වල හිඟ මුදල් ගෙවීමට අමතරව අනිකුත් බැංකුවල ක්‍රෙඩිට් කාඞ්පත් හිඟ මුදල් ගෙවීමේ අවස්ථාවද බැංකුව විසින් ලබාදී තිබේ.

මෙම නව යාවත්කාලීන කිරීම මගින් ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට දිනයේ  ඕනෑම වේලාවක  ඕනෑම තැනක සිට මාසික ක්‍රෙඩිට් කාඞ්පත් හිඟ මුදල් පියවීමේ අවස්ථාව සහ ක්‍රෙඩිට් කාඞ්පත් ගිණුම ඒ මොහොතේම යාවත්කාලීන කිරීමේ අවස්ථාව ලැබී තිබෙන බව බැංකුව සඳහන් කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් මධ්‍යස්ථානයේ ප‍්‍රධාන කළමනාකරු, නිශාන්ත ද සිල්වා මහතා ‘අපි විසින් ලබාදෙන තාක්ෂණය පදනම් කරගත් සේවාවන්වල නම්‍යශීලීත්වය සහ පහසුව වර්ධනය කිරීමට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා’, යැයි පැවසුවේය. ‘මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් Q+ ගෙවීමේ ඇප් සේවාව අපි ක‍්‍රමානුකූලව වර්ධනය කරමින් එහි වටිනාකම භාවිතා කරන්නන්ට ලබාදෙනවා. වෙනත් බැංකුවල ක්‍රෙඩිට් කාඞ්පත් ගාස්තු ගෙවීමට අවස්ථාව ලබාදීම එයට හොඳ උදාහරණයක්.’

Q+ ගෙවීමේ ඇප් සේවාව App Store හෝ Google Play Store වෙතින් ගනුදෙනුකරුවන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනයට ඩවුන්ලෝඞ් කරගැනීමෙන් පසුව මෙම පහසුකම ඉතාමත් පහසු පියවර තුනකින් ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි. ඒ සඳහා ලියාපදිංචි වී භාවිතා කිරීමේ හඳුනාගැනීම, ඊ-මේල් ලිපිනය පුරවා Q+ ගෙවීමේ ඇප් ගිණුමක් නිර්මාණය කළ යුතුවේ. මෙහිදී, ඇප් සේවාවට ඩෙබිට් කාඞ්පතක් හෝ ක්‍රෙඩිට් කාඞ් පතක් ඒකාබද්ධ කරමින් ක්‍රෙඩිට් කාඞ්පත් බිල්පත් ගෙවීම සිදුකළ හැකි අතර ඒ සඳහා ඇප් පහසුකමේ තිබෙන Bill Payment මෙනුව ක්ලික් කර Cards යන්න තෝරාගත යුතුවේ.

Q+ ගෙවීමේ ඇප් පහසුකම භාවිතා කරන්නන්ට සිදුකළ ක්‍රෙඩිට් කාඞ්පත් ගෙවීම් පිළිබඳ තොරතුරු Favourites යන කොටසේ සුරක්ෂිත කර තබාගැනීමේ අවස්ථාව හිමිවන අතර ඒ තුළින් ඉදිරි ගෙවීම් කිරීමට ක්‍රෙඩිට් කාඞ්පත් අංකය යළිත් ඇතුළත් කිරීමට අවශ්‍ය නොවේ. මෙම බිල්පත් ගෙවීම් තහවුරු කිරීම සඳහා පුද්ගලික හඳුනා ගැනීමේ අංකයක් (PIN) අවශ්‍ය නිසා මෙම බිල්පත් ගෙවීම් සුරක්ෂිත වන අතරම පහසුවේ.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 938 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව